IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කරාපිටියේ රෝහලේ කාර්යමණ්ඩලයේ 74කට ඩෙංගු

(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ සමාජිකයින් 74 දෙනෙකුට පමණ පසුගිය මාසය තුලදි ඩෙංගු රෝගය වැළදි ඇති බැව්  කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග මහතා පවසයි.

වෛද්‍යවරුන්, හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලසේවකයින්ට ඩෙංගු රෝගය වැළදි ඇති බවද ඔවුන් රෝහල තුලින්ම ප්‍රථිකාර ලබාගත් බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.

රෝහල් සේවකයින්ට රෝහල තුලින්ම ඩෙංගු රෝගය වැළදි ඇති බව සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා ගාල්ල මහනගර සභාව,ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, හා රෝහල් කාර්යමණ්ඩලය එක්ව ඩෙංගු මර්ධන වැඩසටහන් රෝහල තුල ක්‍රියාත්මක කළබවද හෙතෙම පවසයි.

පසුගිය කාලය තුල රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින් සදහා ඩෙංගු උණ රෝගය වැළදි නොතිබු බවත් වර්ෂාවත් සමග ඩෙංගු පැතිරියාම වැඩිවු බවත්  එය පාලනය කරගැනිමට නොහැකි වු බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික්කය තුල පසුගිය සති තුන තුලදි ඩෙංගු බවට සැකකරණ  රෝගින් 162 දෙනෙකු වාර්තා වි  ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රා දේශිය වසංගත රෝග  විද්‍යාඥ  වෛද්‍ය වෙනුර  කේ සිංගාරච්චි  මහතා පවසයි.

ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාව හා සැසදිමේදි ඩෙංගු රෝගින්ගේ වැඩිවිමක් වාර්තා වි ඇති බවද  ප්‍රා දේශිය වසංගත රෝග  වෛද්‍යවරයා පෙන්වාදෙයි.

 

 



අදහස් (2)

කරාපිටියේ රෝහලේ කාර්යමණ්ඩලයේ 74කට ඩෙංගු

pj Thursday, 23 January 2025 02:02 PM

ක්ලීන් ශ්‍රී ලංකා ඩෙංගු ක්ලීන් කරලා ඊට පසුව කැමති ක්ලීන් ඒකක් කරගන්න...මිනිස්සු මාලිමාව ක්ලීන් කරන්න පෙර....

:       3       1

NimalFriday, 24 January 2025 05:58 AM

අනුන් ක්ලීන් කරන්න කලින්, තමන් ක්ලීන් ද කියලා බැලුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 199 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site