
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.
කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ මහතා විසින් ශම්මි සිල්වා හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහත්වරුන්ට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීතිවිරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර විත්තිකරුවන්ට ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය
COMMENTS
ශ්රී ලංකාවේ ක්‍රිකට් වලට වැළඳුණු පිළිකාව තිලංග, ෂම්මි හවුල, ඔය කාගෙත් සෙල්ලම් තව ටික කාලයයි කියලා මතක තියාගෙන ඉන්න මහත්වරුනේ...!
ලන්කාවේ ක්‍රිකට් හදන්න නම් ශම්මි ඇතුලු හොර නඩය පන්නා දමන්න වෙනවා. ක්ලබ් වලට ක්‍රිකට් ඡන්ද ක්‍රමයක් දාලා මොවුන් හොර පාරෙන් ක්‍රිකට් බෝඩ් එකට පනිනවා. ඊට පස්සේ ක්‍රිකට් බෝඩ් එක ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් විදිහට තමයි පාලනය කරන්නේ.
අඩෝ දර්ශන හඳුන්ගොඩ . ඔන්න මචං උඹට කීයක් හරි හොයාගන්න වෙලාව ඇවිල්ලා. ප්‍රගතිශීලී වෙස්මුහුණ ගලවා වෙර යොදා ශම්මියගේ කැත කුණු හෝදපන්. මොකද උඹත් ජීවත්වෙන්න ඕනෙනෙ. අපි උඹට කන්න බොන්න දෙන්නෙ නැහැනෙ යාලුවා. අර උඹ නිතරම කියන විදියට අපි කුහක නැහැ.කන බොන මිනිස්සුන්ට උඹ වගේම අපිත් විරුද්ධ නැහැ.