IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා  කතානායක වෛද්‍ය  ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

පසුගිය දිනවල පැවති  මැතිවරණයෙන් ලැබූ  ජයග්‍රහණය වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාට කතානායකවරයා සිය සුබ පැතුම් එක් කළේය. එසේම  කැනඩා ජනතාවට ද උණුසුම් සුබ පැතුම් පළ කළ  කථානායකවරයා දශක හයකට අධික කාලයක් මුළුල්ලේ කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර  පවතින දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා පිළිබඳවද  මෙහිදී   සිහිපත් කළේය.

එමෙන්ම කථානායකවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන්  කැනඩාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. මහවැලි ව්‍යාපෘතිය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, බිම්බෝම්බ ඉවත් කිරීම සහ සාමය  ගොඩනැගීම වෙනුවෙන්   කැනඩාවේ දායකත්වය පිළිබඳව කථානායකවරයා සිහිපත් කළේය. තවද ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත් උත්සාහයන්හිදී කැනඩාව  ලබාදුන්  සහයෝගය සම්බන්ධයෙන්ද  කථානායකවරයා සිය ස්තුතිය පළකර සිටියේය.



අදහස් (0)

කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site