
( කුෂාන් ජයවර්ධන)
ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
කිසියම් පිරිසක් වාලම්පුරි 04ක් අලෙවි කිරීමට සූදානම් වන බවට ලැබි තිබූ තොරතුර අනුව ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයින් ලෙස වනජීවි නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතැයි කියයි.
ඒ අනුව, ව්‍යාපාරික වෙසින් පෙනී සිටි වනජිවී නිලධාරීන්ට එම වාලම්පුරි 04 රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට සැකකරුවන් එකඟව ඇති අතර ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ ස්ථානයකදී ඒවා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබිණ.
මෙම වාලම්පුරි සමඟ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිලාවේලි හා වව්නියාව ප්‍රෙද්ශවල පදිංචි වයස අවුරුදු 33, 38 හා 45 යන වයස් වල පසුවන්නෝ වෙති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුච්චවේලි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙහෙයුම සිදුකර තිබිණි.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි
M. SAMAN PERERA Wednesday, 12 February 2025 09:39 AM
වාලම්පුරි විකුණන්න බැ කියලා රටේ නිතියක් තියනවාද?
Lalla Wednesday, 12 February 2025 02:10 PM
ඔය අත්අඩංගුවට ගන්න වාලම්පූරි සහ ඇම්බර්වලට මොකද කරන්නේ...? විකිණීම තහනමට හේතුව මොකක්ද? කවුරු හෝ දන්නා කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්ද?