
(ගයාන් සූරිය ආරච්චි)
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි.
වෙඩි තැබීම කළ බව කියන හිටපු හමුදා සෙබළා සහ යතුරු පැදි කරු ගිනි අවි තොගයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසියට වෙඩි තබා පලායාමට උත්සහ කිරීමේදී පොලිස් ප්‍රතිප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා මිය ගියේය.
රුපියල් ලක්ෂ 2 ක කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඊට අත්තිකාරම් ලෙස සැකකරුවන්ට රුපියල් විසි දහසක මුදලක් ලබා දී තිබූ බවද පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලවිසලක් තුළ සිටි ශසි කුමාර් නැමත්තාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි නිපුණ නමත්තාගේ මෙහෙයවීමෙන් පලනි රෙනෝශන් නැමැත්තා විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.
මිය ගිය සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු සහ මෝදර ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි.
හිටපු යුද හමුදා සෙබලා 2015 වර්ෂයේදී යුද හමුදාවෙන් ඉවත් වූ අයකු වන අතර ඔහු එම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ මෙහෙයවීම මත කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු විනිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 නොවැම්බර් මස 04
830
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1778
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටහේනේ ඝාතනය ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්
Sunaa Sunday, 23 February 2025 09:40 AM
200,000/=කට මිනී මරනවා කියන්නේ මොන සක්කිලි වැඩක්ද? මිනිස්සු එච්චර පල්ලෙහා ලෙවල් එකටම වැටුණාද? ඒ ගාණට මාසෙට හරකෙක්වත් අරගන්න බෑ. හරකෙකුත් 300,000 කට වැඩියි.
Kamal Koyrala Sunday, 23 February 2025 01:10 PM
මාකඳුරේ මදූෂ් චිත්‍රපටය අවසන් නැවැත්ම සිනමා පටය ඩුබායි...!