
(සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන "ඔමික්‍රෝන්" නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් ප්‍රථම වරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.
මෙම රෝගියා දැනටමත් නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.
විදේශයන්හි සිට පැමිණී පුද්ගලයන් රැසකගේ ජෛව පටල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් පසුගිය සතිය පුරා විශේෂ පරීක්ෂණවලට (ජාන අනුක්‍රමණ) යොමු කරනු ලැබීය. එක සාම්පලයක තිබී මෙම නව ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය හමුවී ඇත්තේ ඇත්තේ එම පරීක්ෂණයේදීය
COMMENTS
කොහොමද ආවේ? කවද්ද ආවේ? දවස් ගාණක ඉඳන් ඒ රටවල්වල මිනිස්සුන්ට තහනම් කරලා නේද තියෙන්නේ? මේ පුද්ගලයා නීතීයට ඉහළින් ඉන්න බලවත් පුද්ගලයෙක්ද?
නාමල් බේබී නිදාගත් වෙලාවේ හොරෙන්ම එන්න ඇති. එන්නම දෙන්නෑ කීවනේ. දැන් අඩුපාඩුව සම්පූර්ණයි. අර විහිලු නීතී ටික ආයේත් ගේන්න වෙලාව එනවා වගේ ළඟළඟම...
කෝ මේ නාමල් බේබි..?
ඔමික්‍රෝන් පාර්ලිමේන්තුවට...
නාමල් බබාගේ කයිවාරු පේනවා නේද? සුරංගනා කතා කිය කියා මිනිස්සු රවටනවා.
මේක දැන් බ්‍රේකින් නිවුස්...! බය වෙන්න එපා මාසෙකින් ඕක සාමාන්‍ය වෙනවා.
සියලු සත්වයෝ සුවපත් වේවා..!!!
මෙම නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරම් දරුණු නැතිබව නවතම පරීක්ෂණ වලින් හෙළි වී ඇත. එය අස්වැසිල්ලක්...
ආණ්ඩු විරෝධීන් සමහරුන්ට ඕමික්‍රෝන් මෙහි පැමිණීමත් මංගල කාරණයක් වී ඇති වග යම් යම් කමෙන්ටුවලින් ගම්‍ය වේ. මෙහෙමත් අපත රැලක්...!
ඇති යාන්තම්.. එච්චරයි අඩුවකට තිබුණේ... දැන් උද්ඝෝෂණ දෙක තුනක් කරලා ඕක රට පුරාම පතුරවන්න පුළුවන්...!!!
ලෝකයේ අනිත් රටවල ඉහළම විද්වතුන් නම් කියන්නේ එන්නත්වලින් ඔමික්‍රෝන් වයිරසයට බලපෑම් කිරීම අමාරුයි කියලා. ආචාර්ය ජිවන්දර නම් මේකට එන්නත් ගහන්න ගහන්න කියනවා. ජීවන්දර එහෙම කියන්න ඔහු කරපු පරීක්ෂණ මොනවද? කරුණාකර ඒවා ඉදිරිපත් කරන්න...
ඔමික්‍රෝන්, ලැම්ඩා වගේ ඕනෑම නමකින් ඕනෙම ප්‍රභේද එන්න පුළුවන් තමන් උපරිමයෙන් ආරක්ෂා වෙන්න.. නමුත් එවැනි තත්වයක් පේන්න නැහැ. මිනිස්සු උත්සව තියෙනවා, විනෝද චාරිකා යනවා... පොදු ස්ථානවල පොර කකා ඉන්නවා.
මේ මගියා එන්නත් ලබානොගත් මගියෙකු බව කියනවා. ඔහු පැමිණ ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන නයිජීරියාවෙන් බව ආරංචියි. කොහොම වුණත් එන්නත් ලබා නොගත් මේ තැනැත්තා කෙළින්ම ගෙදර ගියාද...?
මම නම් කියන්නේ සජිත් ඕක ලංකාවට ගෙනැල්ලා තියෙන්නේ... ඕක පැතිරෙන්නේ සජිත් කරන උද්ඝෝෂණ වලින් විතරයි. වහාම සජිත්ව අත්අඩංගුවට ගන්න ඕනෑ...
උපුල් මහතා නම් කිව්වේ ඔයිට වඩා වෙනස් දෙයක්... පවුලේ අය හෝ හැදුණු කෙනා හෝ කිසිම කෙනෙක් ගැන දන්නේ නැහැ කියලා...
ඇත්තටම ආණ්ඩුවේ රෙදි සෝදන රවීන්ද්‍ර සහ බමුණුආරච්චි දෙන්නාටත් ඔමික්‍රෝන් හැදිලාද? කලකින් ආවෙ නැත්තේ...