
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20) ඒකමතික තීරණයකට පැමිණියේය.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්විය.
සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කොට එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණ වලදී තරඟ කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයට එළැඹ ඇත.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ සාකච්ඡා එජාප පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
COMMENTS
Reply To:
-
රනිල්ගෙන් අනික් අයට බේරෙන්න බෑ.
අනික් අයට? මට හිතෙන්නෙ ජනග්‍රහණයෙන් දළ වශයෙන් 50% විතර කිව්වා නම් හරි
ඕක කවදාවත් වෙන්නෙ නැහැ. සජිත්ට කවදාවත් රනිල් පක්‍ෂ නායක කම දෙන්නේ නැහැ. පක්‍ෂයේ අනිත් අය තනතුරු වලට මරාගන්නව. රනිල්ට ඕන මැරෙනකම් පක්‍ෂයේ නායකයා වෙලා ඉන්න
වැරැද්දකට තවත් වැරැද්දක් එකතුවුනා කියල ඒක හරි දෙයක් වෙන්නෑ.
මේපාර රනිල් සජිත්ව නැති කරලම දානවා. දැක්කනෙ පහුගිය දවසක මරික් කාරුත් රනිල් පස්සෙ සර් සර් කියකිය ගියා.
එක්සත් ජාතික පක්ෂය මුලිකව සියලු පක්ෂ එක්වීමට පොදු සළකුණක් ලබාගන්නේ නම් එය පරවියා හෝ වෙනත් සළකුණක් නම් කොන්දේසි විරහිතව ලබාගැනීම සිදුවිය යුතුවේ.
ඔය මඟුලට පොරොන්දම් බලන්න ඉස්සර වෙලා කරන්න දෙයක් තියනවා
එසජබජාපය
සමනලයෝ පන්නල දැම්ම නම් පක්‍ෂ දෙක එකතු වෙනව ෂුවර්.
"සජිත් මෝඩයා, රනිල්ගේ උගුලට මට්ටු වෙනවා. සජිත්ව යුඑන්පී එකේ සම නායකයාව කරලා!"
නිරුවත් බව ජනතාවට ලැජ්ජාවට කරුණකි .බලය ලබා ගැනීමට ඇති තන්හාව නිසා නිරුවත්කම දේශපාලකයන්ට ආභරණයකි
ආයේ කවදාවත් බලයට එන්න බෑ කොහොම ආවත් ,"මෙච්චර රට විනාශ කරලත්, මුන්ට කබුරන බත් බැලයෝ තාමත් ඉන්නවානේ.
වෙන් වුන කාරණය හැර අන් සියලුම ඒවට එකඟ වෙයි, අර කාරණය කවදාවත් සමථයකට එන දෙයක් නොවෙයි. ඒක නිසා ඕක වෙන්නෙ නැහැ.
සජියෝ මේ රනිල්ගේ දිරච්ච ලනු කන්න එපා.මේ සජබේ කෑලිවලට කඩන්න හදන්නෙ.මොකද රනිල් පොහොට්ටු ඡන්ද වලින් ජනාධිපති වෙලා අන්තිමට පොහොට්ටුව කෑලිවලට කඩලා කුජීත කරලා ඉවරම කරලා දැම්මා. බැසිල් අන්තිමට ඇමෙරිකාවට යනකොට කිව්වෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ ලංකාවෙ දේශපාලනයේ ඉන්න කැතම මිනිහෙක් කියල බැනල ගියේ.