
(ප්රසාද් රුක්මල්)
උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් තත්පරයට ගනමීටර් 21.0 බැගින් අද (13) දහවල් විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
දැනට ඊයේ (12) සිට කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමඟ මහවැලි සී කලාපයේ වාරිජලය නිකුත් කිරිම කලාපයේ ඉල්ලීම මත අවම කිරීම සහ මාධුරුඔය ජලාශයට උපරිමව ජලය නිකුත් කිරිම සිදුකර ජලාශයේ ජල මට්ටම වැඩිවීම වළකා ගැනීමේ ආරක්ෂිත පියවරක් ලෙස මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතාගේ උපදෙස් මත මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් විවෘත කළ බවද එම ජලාශභාර නිළධාරි දීප්ත ජයසේකර මහතා සදහන් කළේය .
ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව භාවිතා කිරිමට මින් කිසිදු බාධාවක් නොවන බවත් හෙතෙම පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩහ පැතිවලට තදින් වහිනවා නම් පහළ ප්රදේශවල ගංවතුර තත්වයන් ඇතිවෙන්න පුළුවන්...
වාන් දොරටු විවෘත කළාම පහත් බිම් යටවීමේ අවදානම වැඩිවෙනවා.
පහුගිය දවස්වල නම් හොදටම පෑව්වා..