
(සුජිත් හේවාජුලිගේ)
රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.
මේ අනුව සාත්තු සේවකයන්ගේ නිල ඇඳුමට CAREGIVER යන ලොව පිළිගන්නා නිල ලාංඡනයද ඉදිරියේදී එක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයිද මෙල් මහතා පවසන්නේ මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාවේ සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවයි.
COMMENTS
ලංකාවේ තියෙන දූෂිතම සේවය, මෙයාලා කිසි වැඩක් කරන්නේ නැහැ, රෝගීන්ගෙන් සල්ලි ගන්නවා, හොරකම් කරනවා.
ජාත්‍යන්තරව පිළිගත්තත් මෙහෙ නම් කීයක් හරි නොදී වැඩක් ගන්න හරි අමාරුයි
ඔය අයගේ සාත්තු සේවය බොහෝ වෙලාවන්වලදී හරිම සවුත්තු සේවයක් විදියට ලැබෙන්නේ
ගැලපෙන සේවා වයවස්ථාවක් අලුතෙන්ම හැදුවෙ නැත්නම් පරණ විදියම තමයි
ජාත්‍යන්තරව පිළිගන්න තත්වෙට එන්න නම් මොවුන්ගේ විනය , අවංක බව වගේ දේවලුත් ඒ තත්වෙට එන්න ඕන. නැතිව නිල ඇඳුම හා ලේබලය ඇලෙව්වට ඇතුලේ ඉන්නේ පරණ සතාම නම් වැඩක් වෙන්නේ නැහැ.
තනතුරු නාමය පමණක් වෙනස්කර වැඩක් නැහැ ආකල්ප හා ක්‍රියාවන්ද වෙනස්විය යුතුය
නීල ලාංඡනය සහ නාමය හැඳුන්වා දුන්නු පමණින් ජාත්‍යන්තරයට පිළිගන්නේ නැහැ. එයට අදාළ ප්‍රායෝගික පුහුනු දැනුම ලබාගැනීමට ක්‍රියාත්මක විය යුතුයි. රෝහලකට ගිය ගමන් බුලත් විටක් අරගෙන,බීඩියක් බීගෙන ඉන්න කෙනෙක් Caregiver badge එකක් ගහගෙන ඉන්නවා දැක්කම, සුද්දෙක් එහෙම අදෝ මුකයෙන් හිනාවෙනවා. Caregiver badge එක ඉල්ලගෙන රට යනවා එහෙම නෙවෙයි. ඔන්න, මේ දවස්වල හුඟක් අය Caregiver jobs වලට රට යන්නේ. ඒ හින්දා, මෙයාලටත් දැන් තමා badge එක ඔනෑ වෙලා තියෙන්නේ.
නම වෙනස් වුණාට විතරක් වැඩක් නැහැ. අඩුම තරමේ මිනිස්සුන්ට කාරුණිකව කතා කරන්නවත් ඉගෙනගන්න.
සාත්තු නොවෙයි, සවුත්තු සේවක කියලයි... නම වෙනස් කරන්න තිබ්බේ. මොවුන්ට ඕක දෙන්න ඉස්සෙල්ලා කතාකරන්න කියලා දෙන්න.
කොමෙන්ට් දාන මහත්වරුත් තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න. හැමෝටම බනිනවාට වැඩිය සුහදව හා මිත්‍රශීලිව හැසිරීමෙන් තමන්ගේ කාර්යය පහසුවෙන් කර ගන්න උත්සාහ කරන්න. මොකද රජයේ ආයතනවල සේවය කරන්නේත් ශ්‍රී ලාංකිකයන්ම තමයි. වෙනත් වචනවලින් කියනවා නම් අපේ නෑදෑයින් හො සහෝදර සහෝදරියන්ම තමයි...
Nts වලට දාලා මාස 03කවත් පුහුනුවක් දෙන්න වෙයි.
තනතුරු නාම මොකටද බං. මුං හරියට වැඩ කරනවා නම් හැම රෝහලක්ම ඉදිරිපිට සාත්තු සේවා ආයතන පටන් ගනීවිද? දවසට 2500/- විතර ගෙවල උන්ගෙ කොන්දේසි ඔක්කොටම යටත් වෙලා තමයි ඒවයින් සාත්තු සේවකයන් ගන්න වෙන්නෙ. තනතුරු නම ගන්න කලින් තමන්ගෙ රස්සාව හරියට කරපල්ලා