
(මහින්ද නිශ්ශංක සහ ශාන්ත චන්ද්‍රසිරි)
ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.
පසුගිය 15 දා රාත්‍රී 9.45ටපමණ වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමට ලක් වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (16)සවස 4.15 ට පමණ පීලි ගත කිරීම අවසන් කිරීමෙන් අනතුරුව රාත්‍රී 9.00ට පමණ මාර්ගය දුම්රිය ධාවනය සදහා විවෘත කිරීමට භෑකිවූ බවද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
ඒ අනුව ඊයේ (16) රාත්‍රී කොළඹ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථානවලින් ගමන් ඈරඹූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක බදුල්ල හා කොළඹ දක්වා ධාවනය වූ අතර අද අළුයම සිට මාර්ගයේ සියලු දුම්රිය ධාවනය කෙරෙන බවත් ඔහු වැඩි දුරටත් කියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර පරිදිම යන්නෙන් අදහස් වන්නේ පීලි පැනීම් සතියකට එකක් හෝ සිදුවෙන බවද ?