
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ඉහළකෝට්ටේ දුම්රිය මාර්ගයේදී මහනුවර කොළඹ නගරාන්තර සීඝ්‍රග්‍රාමී දුම්රිය පීලි පැනීම සහ නාය යාම හේතුවෙන් අවහිර වූ දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට යුද හමුදා සහාය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
නයාම හේතුවෙන් දින තුනක කාලයකට උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 42 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පීලි පැනීමට ලක්වූ මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මේ වන විට එම ස්ථානයෙන් ඉවත්කොට ඇති බවත් දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය යාමට ලක්වූ ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.
පවතින අයහපත් කාලගුණය හමුවේ එම පිළිසකර කටයුතු අවසන් වන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් දුම්රිය මාර්ගයට ඉහළින් ඇති අලගල්ල පර්වතයේ සිට විශාල ජල ධාරාවන් දුම්රිය මාර්ගයට පතිත වීම හේතුවෙන් පිළිසකර කටයුතුවලට බාධා පැමිණෙමින් තිබෙන බවද කියයි.

2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩරට දුම්රිය මාර්ගය හදන දිනයක් කියන්න බෑ
Sanjeewa Wednesday, 22 October 2025 08:08 AM
ඉක්මනින් පිළිසකර කිරීමට හැකි වේවා අපේ රටේ සුන්දරත්වයේ සොදුරුතම ස්ථාන මේ අවට පිහිටා තිබේ