
(රෝෂන් තුෂාර)
ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට විදේශගත පාතාල කල්ලි සාමාජිකයින් සමඟ පූර්ව සැළසුම් සකස් කර අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන ඉෂාරා සෙව්වන්දී සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයකු අනාවරණය වී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද(29) පැවසීය.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ට අමතරව හඳුනාගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියෝග නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.
මෙම සැකකාර පුද්ගලයා සෙව්වන්දිගේ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ඇමතුම් ලබා දී ඇති බවත්,දුරකථන දත්ත වාර්තා ඔස්සේ සැකකරු හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාල නියෝග නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනෙකු හා කළ ප්‍රශ්න කිරීම් අතරතුරෙදි මෙම සැකකාර සිම්පත හා දුරකථන සබඳතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉෂාරා සමග සබඳතා පැවැත්වූ තවත් අයෙක්
ජිල්බු Friday, 29 August 2025 07:52 PM
සබඳතා පැවැත්තුවයි කිව්වේ! තේරුනේ නෑ ...