IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ අරුවක්කාඩුව අධි සංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව  ඉල්මනයිට්   සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා රුපියල් කෝටි 200 කට අධික යන්ත්‍ර සුත්‍ර ඇතුළු දෑ තම තම භාරයට ගත් බව  වලාන මධ්‍යම ප්‍රහාරක බලකාය කියයි. 

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසුරීය මහතාගේ  අධික්ෂණය යටතේ වළාන මධ්‍යම ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කේ.ඒ.උදය කුමාර මහතාගේ මෙහෙය විමේන් එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික විරසිංහ මහතා සමග පොලිස් පරික්ෂක ජනිත ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලම කර ඇත.

දැවැන්ත පරිසර පද්ධතියක් වනසමින් මෙම ස්ථානය පසුගිය රජයෙ ප්‍රබල දේශපාලඥයින්ගේ හා විෂය භාර ඇමතිවරයකුගේ රැකවර්ණය මැද කර ගෙන ගොස් තිබු බවත් එම පරිසර පද්ධතියෙ තිබු වසර සිය ගනනක් වටිනා කළුවර,බුරුත,වීර ඇතුළු වෘක්ෂයන් වනසා දමමින් අක්කර 20 කට වැඩි භුමියක් අදාල ඉල්මනයිට් ව්‍යාපෘතියට ලබා ගෙන තිබු බව කියයි.

අදාල ස්ථානය සදහා මූලික පාරිසරික ඇගයිමක් (EIA) පවා සිදුකර නොමැති බවත් රාජ්‍ය ආයතන රැසකින් නිසි අවසරයක් ලබා ගෙන තිබුණ ද එයද නිත්‍යානුකුල නොවන බව අදාල විමර්ශන වලදි හෙළිවු බවත් වළාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.

අදාල ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මිටර් 500 ක දුරකින් පිහිටා ඇති බවත් එම ස්ථානයට ජලය පවා ලබා ගෙන ඇත්තේ විල්පත්තුව පේරක කලාපයට අයත් සිමාවේ පිහිටි ලුණු ඔයෙන් පොම්ප කරමින් බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.

මෙම ස්ථානය පුරා විද්‍යාත්මක අතින් අධි සංවේදි පරිසර පද්ධතියක් ව තිබුණ ද එය නොසලකා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් කිසියම් නිළධාරීන් පිරිසක් මැදිහත් වී ජලායක් ඉදිකිරීමට අවසර දී තිබුනද කැණීම් කිරීමට අවසර ලබා දී නොමැති බව කියයි.

නමුත් පුරා විද්‍යා නිර්දේශන් පවා ගනන් නොගෙන මෙම ස්ථානයේ අඩි 20 කට වැඩි ගැඹුරට අක්කර දෙකකට වැඩි භුමියක ජලාශයක් ඉදිකරමින් ලුණු ඔයේ සිට පොම්ප කරනු ලබන ජලය රදවා ගැනිම සිදුකර ඇති බව පරික්ෂ වලදි තහවුරු වු බව අදාල නිළධාරීන් පවසයි.

 



අදහස් (3)

ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා

nimal Saturday, 09 August 2025 11:33 PM

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ අරුවක්කාඩුව අධි සංවේදි පරිසර පද්ධතිය ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා නම් නැවත මෙවැනි කටයුතු සිදුනොවීමට අදාළ වගකිවයුතු සියල්ලන්ටම නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුවේ. එහි ඉදිකර තිබෙන්නා වූ වැවට හෝ ජලාශයට වැසිකාලයේදී ජලය එකතුවන නිසා වනසතුන්ට පානය කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමද කළහැකි වේ. විල්පත්තුව ජාතික වනඋද්‍යාන මායිමේ ජලාශයක් ඉදිකිරීමට අවසර ලබාදීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබද පසු විපරමක් නොකිරීමද බරපතල වරදකි.

:       0       5

දලවගෙදර Sunday, 10 August 2025 08:17 PM

ලංකාවම කන්නේ දේශපාලකයින්...!

:       0       6

රනුද Sunday, 10 August 2025 10:34 PM

ඔච්චර මහ විනාශයක් කරනකම් බලධාරීන්, නිලධාරීන් බුදියගෙනද හිටියේ? ඔවුන් සියලු දෙනා තම රාජකාරිය පැහැර හැරලා!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site