(ටී.කේ.ජී.කපිල )

ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු , ඉරාන විශේෂ ගුවන් යානයකින්  ඊයේ(14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයේ ( Meraj Air Line ) IRAN - 09 දරන මෙම විශේෂ ගුවන් යානය 14 දින පස්වරු 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අසළ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ගුවන් යානය වෙත වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 206 දෙනෙකු සහ කොග්ගල රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 38 දෙනෙකු , යොමු කර තිබේ .