
(සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙන් දින හතරක වැඩ සතියක් හඳුන්වාදීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
මෙම රැස්වීමට සහභාගි වන ලෙස රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්්‍ය චන්දන අබයරත්න මහතාගෙන් ඊයේ රාත්‍රී කළ විමසුමකදී ඔහු පැවසුවේ එම යෝජනාව ඇතුළු තවත් යෝජනා කීපයක් ගැන අවධානය යොමුව ඇති බවයි.
මේ අතර ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන්වූ යෝජනාද මෙම රැස්වීමේදී සලකා බැලීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
රජයේ එවුන්ට හදුන්ව දෙන්නේ බලාගෙනයි. පුරුද්දට යන්න පුළුවන්! පස්සේ අයිතිවාසිකමක් කියයි.
මරු අදහස අපේ උන් දවස් තුනේ නිවාඩුවට ගෙදර ඉන්න එකක් නැහැ, වැඩි ගානට හරි තෙල් ගහගෙන හතර වටේ යයි.
දින පහක් වෙනුවට (පැය 40=5×8 ) දිනහතරෙ ක්‍රමයක් ( 10×4=40) ඇතිකලොත් අවම වශයෙන් 90km දුරක සිටින ප්‍රවාහන දුෂ්කරතා තියෙන සේවකයින්ට පිහිටවෙන්න වයිමටවත් බැරිවේවි නිල වාහනය පුද්ගලික පාවිච්චියට ගතහැකි උන්ගේ යෝජනා නිසා අපිත් එතනම රටත් එතැනමයි
එහෙම කරාම රජයේ සේවකයෝ දැනට කරන වැඩත් තව අඩු කරාවි, ඔය ප්‍රශ්නෙට විසදුම ඕක නොවේ... පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න... ජනතාව පොදු ප්‍රවාහනයට යොමු කරන්න යම්කිසි කාල සටහනක අනුව රාත්‍රීයටත් බස් ධාවනය කරවන්න.
ඔක්කොටොම කලින්. ලෝකයේ තෙල් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් වන හොර්මුස් එක වැහිලා සහ එම නිසාම ලෝකයේ දැවැන්ත ඉන්ධන, අහාර , පොහොර අර්බුධයක් තියෙනවා කියල මොන්ටිසෝරි විපක්ෂයේ උන්ට කියල දෙන්න වෙනවා. සජිත්, නාමල්, සහ උගේ ගොට්ටන් මේ අර්බුධය ගැන කරන කතා දැක්කහම , මේ මිනිස්සු ද මේ රටේ මේ දේශපාලනය කරන සහ රට හදන්න කියල ඉල්ලන උන් කියල හිතෙනවා