(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු පහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් පහළ යායුතු බවත් කොළඹදී අද(1) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේය.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් රුපියල් 12කින් පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.
ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී මේ පිළිබඳ අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
Shashika519 Thursday, 01 May 2025 02:19 PM
4% කින් ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩුකරන්නේ නෑ. හැමෝම පුළුවන් හැමවෙලාවේම රතුපාට බස්වලම යන්න. මේ වගේ පාහරයින්ට පාඩමක් ඉගැන්විය යුතුමයි...!
ජිල්බු Thursday, 01 May 2025 02:27 PM
ඉන්ධන අඩුවුණත්, වැඩිවුණත් පුද්ගලික බස් සේවය අන්තිමයි.
ජයනාත් Thursday, 01 May 2025 02:31 PM
රනිල් එහෙම කිව්වාද..? හැබැයි රුපියල් 5කින් වැඩි කළා නම් උඩ පනීවි..!
ර්‍ඒ.එම්.ඒ. කුමාර Thursday, 01 May 2025 03:15 PM
මේ රටේ ප්‍රවාහන ඇමැති බස් ගැමුණු ද? CTB ගාස්තු අඩු කළා නම් ගැමුණු ගේ පම්පෝරිය ඉවරයි. අවුරුද්දට කයිවාරු ගහන්න ගිහින් ඇනගත්ත හැටි දැක්කනේ...
Kamal Koyrala Thursday, 01 May 2025 03:32 PM
අවුලක් නැහැ ලංගමේ දැන් බස් තියෙනවා... මහජනතාවට සරිලන මිලකට ගමන් පහසුව සලසා ගන්න කැමැති අය පුද්ගලික බස්වල යාවි ... අවසන් කැමැති පත්‍රෙය් ලියාගෙන...
Supun xhamara Thursday, 01 May 2025 05:53 PM
ආණ්ඩුව තමයි පොට වරද්දවා ගත්තේ... මාසෙන් මාසේ පොඩ්ඩ අඩු කරනවා. අර යකා හැමදාම කියනවා 4%ක් අඩු කරේ නෑ කියලා... ඒ ටික එකතු කරා නම් 10%ක් විතර අඩුවෙලා. කාවද මොවුන් රවට්ටන්නේ...?
Naleen Thursday, 01 May 2025 07:14 PM
තව ටික දවසකින් බස් එකේ යනවට වඩා පුද්ගලික වාහන වල ගමන් යාම ලාභ දායි වෙයි වගේ
Sk Friday, 02 May 2025 07:20 AM
අපි නොදන්නා ගැමුණු. කිසිම චාරයක් නැති සභාපති කෙනෙක්