
(අංජුල මහික වීරරත්න)
රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
"ඉන්දියානු අගමැතිවරයා සමඟ අත්සන් කළ ගිවිසුම් අපි දැකලා නෑ. අපේ රටට ඉන්දී නායකයෝ විශාල ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. ඒ නායකයන් ලංකාවට ගෞරවාන්විතව පැමිණිලා ගෞරවාන්විතව ලංකාවට සමුදිලා තමයි පිටත්ව ගියේ. ඒ පැමිණි නායකයන් ලංකාවේ වෙනත් ගුවන්තොටුපල වලින් ඉන්දියාවට ගියේ නෑ. නමුත් මෝදි අගමැතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයට ගියා. ඒ අවස්ථාවේ අනුරාධපුර ගුවන් තොටුපළ එක දවසට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරලා ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. පසුව මෝදි අගමැතිවරයා අනුරාධපුරයේ සිට ගුවන් යානයකින් තමිල්නාඩුවට ගමන් කළා.
මෝදි අගමැතිවරයා ලංකාව සමඟ අත්සන් කරපු ගිවිසුම් වලින් පසුව මාහාරාශ්ඨ වල සිට තමිල්නාඩුවට යනවා වගේ අනුරාධපුරයේ සිට තමිල්නාඩුවට ගුවන් යානයකින් පිටත් වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ඇති කරගත් ගිවිසුම් වලින් පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියා මෝදි අගමැතිවරයා හිතුවද දන්නේ නෑ. ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ගරුත්වය ජාතික ජන බලවේග කණ්ඩායම හෑල්ලුවට ලක් කරමින් සිටිනවා යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවටයින් දුටුවම එළුවත් රැවුල පානවා කිව්වාලු. මෝදි දුවලා ඇවිත් අමුතු විදිහකට ගියේ ඒකයි. කට කරකව කරකවා උල්කරකර පච කෙළියා වගේ නොවෙයි රටට කරදර වෙන ගිවිසුම් ගැහුවාම. ඒවා ගැන දැනගන්න රටටම අයිතියක් තියෙනවා. රට කාගේවත් බූදලයක් නොවෙයිනේ...
හරියට තමන්ගේ ඉන්න කාලෙ තිබුණු රජයන් කළා වගේ කතාව.. කොයි කොනෙන්ද කතා කරන්නේ?
ප්‍රමුඛතාවේ දෙන්න ගිය ආණ්ඩුවේ ලොක්කන්ට ගහන්න. ඉතින් රට වික්කත් මේක බටලන්ද වගේ වැදගත් නෑනේ...
තූත්තුකුඩියේ හිඟන්නන්ගෙන් පිනට කන තත්වයට රට පත්කරපු අය ඒ රටේ අගමැති ගිය පිළිවෙළ හොයනවා...
මොකද කොළඹ පුරපති වෙන්න නොසිතන්නේ, ගියවතාවේ වගේ මන්ත්‍රීකමෙන් ඉවත්වෙලා ඉදිරිපත් නොවුනෙ පරාජයට බිය නිසා නේද?
දැන්නම් සජියා අර එක ගිවිසුමකට පැය තුනක් විතර කාලයක් නාස්ති කරන එක විතරයි වෙන්නේ
පච කොටා මොනවා කරත් කඩේ යන වහල්ලු තවම ඉන්නවා.
ඉතිං ඒක නිසා කසනවද?