(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
නව කැබිනට් මණ්ඩලය( ඇමැතිවරුන්) පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැති බව ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වාදී ඇත.
අලුතින් ඇමැතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට රජය මුලින් තීරණය කර තිබිණ.
ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දස දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.
එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණි.
අලුත් ඇමැති ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
COMMENTS
මොනවද මේ විකාර වැඩ? මේ ඇමැතිවරු පත්කරන වෙලාවක්ද? දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ එක්රැස්වී සර්‍ව පාක්ෂික රජයක් පිහිටුවාගෙන රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීම නේද කළයුත්තේ...? මැතිවරණ පවත්වා රට තවත් අගාධයට නොදමා රටට ආදරය කරන දේශපාලුවන් ඇතොත් කළයුත්තේ එය නොවේද? සියලු විදේශාධාර ලැබී ආර්ථිකය සතුටුදායක වූ පසු තමතමන්ගේ න්‍යායපත්‍ර අනුව යලි සටන දියත් කරමු.
රත්වෙන තුරු දිය සැලියේ...! කකුලුවන් ටික නටයි පච කයිවාරු දෙසමින්...!!!
Imf එකටත් කොකා පෙන්නන්න හදන්නේ...
තවත් ඇමැතිවරුන් අවශ්‍ය වේද? මේ සිටින ප්‍රමාණයෙන් රට දුවන බැවින් තවත් ඇමතිවරු පත්කොට රට තවත් අහේනියට පත් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සුදුසු වනු ඇත.
අපරාදේ... දැන් ඉතින් රට ගොඩදාගන්න එක තවත් පරක්කු වෙයි... පාර්ලිමේන්තුවේ සූත්තර පුංචත් එන දවසට හැමෝගේම මානසික තත්වය පරීක්ෂා කරනවා නම් හොඳයි.
ඉන්න ටිකත් වැඩියි කියලා තමයි පොදු ජනයා හිතන්නේ... තවතවත් පොදුජන මුදල් කාබාසිනියා නොකර කම්බ හොරුන්ගෙන් පිරුණු ඇමැති ටික බාගෙටවත් අඩු කළොත් හැමට සෙත සැලසේවි.
ලෝකෙට ණයවෙලා තව ඇමැතිවරු පත්කරගෙන සුපුරුදු විදිහට රට කන්න තමයි සූදානම...
ඇමැතිවරු පත්කළත් දිනෙන් දින ජනතා අප්‍රසාදය වැඩිවන රජයට තව මාස 2-3ක් වත් පැවැත්මක් තිබේවිද කියන එක ගැන මට විශාල සැකයක් තියෙනවා..
ජනතාවට බර පටවමින් තවතවත් ලෝකෙට ණයවෙලා රට කාපල්ලා... මේ තාක් කළෙත් ඒකනේ..!
ආසන හයසිය පනහකටත් වඩා තියෙන එක්සත් රාජධානියේ වත් නැහැ, ලංකාවේ වගේ කිසිම වැඩකට නැති ඇමතිවරු...?