
(අංජුල මහික වීරරත්න)
ආසියා සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමට එකඟතාව පළ කර තිබේ.
උද්ගතව ඇති අර්බුද තත්ත්වය හමුවේ ඩොලර් මිලියන 200ක් කඩිනමින් ශ්රී ලංකාවට ලබා දීමටද ආසියා සංවර්ධන බැංකුවේ එකඟතාවය පළ වී ඇත.
මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd