
(ආරියරත්න රණබාහු)
බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (10) දහවල් දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් සිදු විය.
ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය අනුර කරුණාතිලක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, ඉංජිනේරු එරංග වීරරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ සහ වරලත් ගණකාධිකාරි සුනිල් ගමගේ යන අයවලුන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

COMMENTS
මාර බඩු ටිකක් තමයි ආර්ථික විශේසඥයෝ විදිහට ගෙන්න ගෙන තියෙන්නේ. උදාහරන විදිහට කිව්වොත්, මේ කවුරුවත් ජාත්‍යන්තරයෙන් පිළිගන්න අය නෙමෙයි. මේ අතර රට පට්ට බංකොලොත් භාවයකට ඇද දැම්ම ආර්ජන්ටීනාවේ හිටපු මුදල් ඇමතියෙකුත් ඉන්නවා. ජා.ජ.බ. අඳුරේ අතපත ගානවා.ජාත්‍යන්තර පිලිගැනීමක්වත්, කිසිම සැලැස්මක්වත් නැති අනාතයන් ට පුලුවන් ද රට ගොඩ දාන්න. විහිළුකාරයෝ.
ගෝඨාගේ පාරෙම මෙයාලත් යන්නේ. එකපාරක් පොතේ ගුරාලා ගෙනත් කෙලවගත්ත මදිද...
ආර්ජන්ටිනාව කියන්නේ වසර 2000 සිට ජාත්‍යන්තර බැදුම්කර ආපසු ගෙවීම් තෙවරක් පැහැර හරිය රටක්.
හඳුන් දිවියා කෝ? මිනිහ භාගෙට දැනුම මත ප්‍රකාශ නිකුත් කරලා දැන් කොන් වෙලා වගේ.
එකත් එකටම සජිත් එක්ක විවාදෙට උපදෙස් ගන්න ඇති
දැන් නම් විශේෂඥයෝ වැහි වැහැලා. කොහේද දන්නේ නෑ මෙච්චර කල් හිටියේ. අපරාදේ මෙයාලගේ සේවය ලබා ගත්තා නම් රට බංකොලොත් වෙන්නේ නෑ.
අවුරුදු 50 ක් විතර රට පාලන කරලා රට ඩොලර් මිලියන 100 ක් ණය කරලා තිබුණත් තවම උන්ටම කඩේ යන අපතයෝ ඉන්නවා නම් අපේ රට ගැන තියන බලාපොරොත්තු අත් හැරගන්න එක හොදයි
රට පෙරට උන්නැහේ දන්නේ නැද්ද දන්නේ නෑ ඔය කියන අවුරුදු 50 ඇතුලේ උතුරේ දකුණේ ත්‍රස්තවාදීන් මේ රට බිමට සමතලා කරලා බිලියන ගානක විනාශයක් සිද්ද කරපු බව. දකුණේ පොදු ජනතාවගේ දේපළ විනාශ කරපු විදියට රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්.