
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය.
මෙම ගැටලුව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරුවීම් ප්‍රතික්ෂේප කිරීම දිගු කලක් තිස්සේ පැවති පුරුද්දක් බවයි. රාජ්‍ය සේවයේ මාරුවීම්වලට අනුගත නොවන එකම අංශය එය බවද ඇය කීවාය. එවැනි මාරුවීම්වලට අනුගත නොවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා විය.
අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ඇයගේ සභාපතිත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා විය. ඒ අනුව, ලබන අධ්‍යයන වර්ෂයේ සිට, සියලුම විෂයයන් සඳහා කෝටා ක්‍රමයක් මත පදනම්ව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරේ.ආබාධ සහිත සිසුන්ට කුසලතා මත පදනම් වූ දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් මඟින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාදීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආබාධිත සිසුන්ට සුභ ආරංචියක්
Tiran Wednesday, 01 October 2025 12:37 PM
නරින්ට කුකුල්ලු දුන්නා වගේ තමයි මෙයාට අධ්‍යාපනේ දුන්න එක.