(නිමල් ජයරත්න)
ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියකු වස ශරිරගත වීමෙන්කි දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.
ඔහු සමග ඇගේ බිරිද ද ආගමික දර්ශනවාදි දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න මහතාගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතර එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
වස ශරීර ගත වී දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවා ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ කාන්තාවක් ප්‍රදේශයේ ආගමික දර්ශනවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද සිරිපුර පොලිසිය කියයි.
දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිටි ඇති බවද පරීක්ෂණවලින් තහවුරු ඇති බවට තහවුරු වී ඇත.
රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.
ආගමික දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මෙවැනි විට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.
මෙම සමාජ ඛේදවාචකය පිළිබඳ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අමුතුවෙන් ඔබට කිව යුතු වන්නේ නැහැ. කිසිම ආගමික දර්ශනයක මනුෂ්‍ය ඝාතනය හෝ සිය දිවි නසා ගැනීම තහවුරු කරන්නේ නැහැ. ලංකාවේ මෑත කාලීනව විවිධ ආගමික මත දරන විවිධ ආගමික අන්තවාදීන් විවිධ අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් ඒ සඳහා අනුගාමිකයින් පොළඹවා ගනිමින් තම මිථ්‍යාදෘෂ්ටික ආගමික අදහස් ඉටුකරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ඊට හොඳම නිදසුනක් තමයි රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ අන්තවාදී ඉගැන්වීම්. මෑතක ඔහු තම දේශනා තුළින් අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් සියදිවි නසාගෙන හෝ මෙලොව ජීවිතයෙන් සමුගෙන වඩා යහපත් මතු භවයක් ලබන්න කටයුතු කිරීම සඳහා තම අනුගාමිකයින් පොළඹවා ඇති අතර මේ වන විට ඔහු, ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුලුව 07 දෙනෙකුට එහා අනුගාමිකයින් සියදිවි නසාගෙන ඇති බව තොරතුරු වාර්තා වෙනවා. බුදු දහමේ සියදිවි නසාගැනීම ප්‍රාණඝාතයක් ලෙසයි සැලකෙන්නේ. සියදිවි නසාගැනීම මනුෂ්‍ය ඝාතනයක් කළා හා සමානයි. ඒක නිසා මේ මොහොතේ ඔහුගේ දේශන වලට සම්බන්ධ වූ සැමටත් පොදුවේ සියලු මහජනතාවටත් සිහිපත් කර සිටින්නේ ආගමික මුවාවෙන් සිදුකරන අන්තනවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ඨික පුහු ඉගැන්වීම්වලින් මිදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මුග්ධ මිනිහා ඇදහීම කල සියල්ලෝම සොයා මුල්ලේරියාව රෝහලේ පුනරුත්ථාපනය කිරීමට යොමුකිරීම කරනවා නම් හොදයි එහෙම නැතුව මෙහෙම මානසික ව්‍යාධීන් සුවකරන්න බැහැ ජනතාව දැනුවත් කර එහෙම පුද්ගලයින් ගැන තොරතුරු ලබාගැනීම කර අවශ්‍ය නම් අධිකරණයට ගොස් අනුමැතිය ගැනීම කරන්න එහෙම නොවුනොත් අනාගතයේ බලවත් විපතක් වෙන්න පුළුවන්
අනුර පස්සේ යන ජෙප්පන්ට වෙන දේත් මේක තමා ....88/89 ඕකම තමා උනේ
මෙය සුළුවෙන් සිතන්න එපා. ආගම් අන්තවාදයේන් අන්තිමේට සිදු වන්නේ උතුම් බුද්ධ ශාසනයට අවමන් සිදු වන එකයි. දැන් ලංකාවෙ පදුරක් පදුරක් ගානේ බෝසත්වරු බුදුවරු. මිථ්යදෘෂ්තියට අහු වන්නේ ගොඩක්ම නුගත් කම නිසායි. පවතින අර්ථික අපඒසුතාවය හා අසානය සමග ඇති වන පිඩනය මත ගොඩක් මිණිස්සු මේ වැනි මාර්ග වල යනවා. අපේ හමුදුරුවෝ මේ ගැන හොද අවබොදයක් තියෙන නිසා වැඩ පිළිවෙලක් හදන්න. මතකනේ යුද්ධය තියේන කාලේ හාල් කිලෝ එකටත් ආගම දාලා ගියා.
මේ පුනරුප්පත්තිය කියන බොරුව පතුරවන සියල්ලෝම අන්තවාදීන් , සමහරු මේක දඩමීමා කරගෙන සැදැහැවතුන්ගෙ සියල්ල දාන මාන ලෙස ලබාගෙන සැප විඳිනව අර අයට මරනින් මතු උපතකදී නොදන්නා දෙයක් මවා පානව. මේ අය ටිකක් එහාට ගිහින් ඒකයි වෙනස. ඇයි මේ සමහර හාමුදුරුවරු මෙලොව යහපත් ජීවිත ගතකරන්න නොදන්නා එලොවක් පෙර භවයක් මවන්නෙ? ඇයි මේ ලොවේ කල වැරදි මේ ආත්මයේදිම විඳවන බව නොපෙන්වන්නෙ? ඇයි තම හෘදසාක්ෂිය ගැන බය ඇති නොකර එලොව බිය පෙන්වන්නෙ? සමහරු අපාය දිවියලෝකය දැක්ක වගේ කියවනව තමන් මහාපරිමාන අකුසල් කරනව.
නිවන් යන්න කියලලු මේ පන නහගන්නෙ, මේ ජාතියෙ එකෙක් නයි වැඩිය කැළණි පන්සලේ දේශනයකුත් කලාලු, නොදන්නා මතු ජීවිතයක් පෙන්වා අසරනයන්ගේ මුදල් කඩාවඩා ගන්නා සියල්ලෝම අන්තවාදින්ය.
"ඔහු සමග ඇගේ බිරිද ද" මේවා ලියන්නේ කෘතිම බුද්ධියෙන්ද?
ඇනේ හාමුදුරුවනෙ ඔය කියන පුද්ගලය පර්ලිමෙන්තුව ඉන්න අය මුනගැසි නැතිද
ඔහු කිසියම් යටි අරමුනක් අතිව මුදල් ටිකක් එකතු කර පිටරටකට පනින්ට කල සැලසුම වියර්ත උන නිසා කර ගත්තු දිවිනසා ගැනීමක්වත්ද?
මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන සුරපුර කන්‍යාවන් ලබන්න යන අයත් මේ වගේ තමයි.
හාමුදුරුවෝ දේශපාලනය කරද්දී ගිහියෝ බණ කියනවා...
වැඩේ කියන්නේ දේශනා කරන මාර දූතයෝ ,දූතියෝ වස පානය කරන්නේ නැහැනේ .මුන් දේපලත් ලියාගෙන ද දන්නේ නැහැ .බොහොම ඉක්මනට මේ අයව කොටු කර ගන්න වේවි
බුදු දහමට වැඩිපුර දෙයක් යමකු දේශනා කරන්නේද ඔවුහු මානසික රෝගීන් වන්නෝහ. නැතහොත් අන්තවාදීන්ය. නැතහොත් මිත්යාද්රෘෂ්ඨිකයන්ය. කිතුනු ඉස්ලාම් ආගම් අදහන අය අතරද අන්තවාදීන් සිටිති. මෙවැනි අන්වාදය අනුගමනය කරන්නෝද විනාශයකරා ගමන්කරති. අන්තිමට ප්‍රශ්ණය කෙලවරවන්නේ පොලීසිය නිසාය..
දේශනා කාරයින්ට අහුවෙන කොටසක් සියදිවි හානිකර ගන්නවා. තවත් කොටසක් රට ගිනිතියා... රට මංකොල්ල කනවා, මිනී මරනවා. දෙවෙනි දේශනාකාරයා කිව්වොත් රට සමෘද්ධිමත් කරන්න ඔබලා අනික් අයට වහ දීලා ඔබලත් වහකාපන් කියලා අනුගාමිකයෝ ඒකත් කරනවා ෂුවර්...