
(අංජුල මහික වීරරත්න)
ආසියානු හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CIRDAP) සාමාජිකත්වය අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියා හා පැසිපික් කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය (CIRDAP) කලාපීය, අන්තර් රාජ්‍ය සහ ස්වාධීන සංවිධානයක් ලෙස ආසියානු හා පැසිපික් කලාපයේ රටවල සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක සහ පරිත්‍යාගශිලීන්ගේ සහාය ඇතිව ස්ථාපිත කර ඇත.
මේ වන විට කලාපිය රටවල් 15 ක් එහි සාමාජිකත්වය දරනු ලබයි. ශ්‍රී ලංකාව 1980 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබාගෙන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ. එකී ආයතනය සඳහා වාර්ෂික දායක මුදල් ලෙස ඇමෙරිකා ඩොලර් 17,122.00 ගෙවිය යුතු වුවද එවකට රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් 2022 වර්ෂයේ සිට අදාළ සාමාජික මුදල් ගෙවා නොමැත. එම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් තව දුරටත් කටයුතු කිරීමට හැකි වන පරිදි 2022 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වන සාමාජික මුදල් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු හතරක් නොගෙවූ සාමාජික මුදලක් ගෙවන්න යයි