
(අංජුල මහික වීරරත්න)
"කාලීන ආහාර පැකේජය" ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා විසින් 2025 අයවැය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අභ්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් " කාලීන ආහාර පැකේජයක් රුපියල් 2,500 ක සහ මිලකට ලබා දීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා අස්වැසුම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මඟින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දීම පිණිස අවස්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී.
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු සහන මල්ලට කැබිනට් අනුමැතිය
ගුණරත්න Wednesday, 26 March 2025 01:27 PM
කෝටි 400ක ආහාර ද්‍රව්‍ය මිනිස්සුන්ට දෙන්න යන එක ඡන්ද ගුණ්ඩුවක් අල්ලසක් නොවෙයිද?