(අංජුල මහික වීරරත්න)
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , "2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම" වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.
"සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු " යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ
නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.
දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසාන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
බකල ජයා Monday, 09 December 2024 11:19 PM
මෙච්චර කල් හිටපු අයට ඕක ප්‍රශ්නයක් වුනේ නෑනේ. එකක් කියලා තව එකක් කරන එක ඒ අයට හරි ලේසියි. ඔබතුමත් දැනුම, කුසලතා, පළපුරුද්ද ලබාගන්න පංතියකටවත් යන්න. පිංගොයියා දැන් ව්‍යවස්ථාව ගැන, විනිවිදභාවය ගැන පංති පටන්ගත්තා...!
pj Tuesday, 10 December 2024 04:02 AM
මෙයා බලය ගත්තෙ බොරු කන්දක් අල්ලස් දීලා 69 ලක්ෂයක හිත් දූෂණය කරලා බව ඉතිහාසයේ ලියැවී අවසන්...
Taasi Tuesday, 10 December 2024 06:04 AM
මට මතකයි මේ වගේ දෙයක් තවත් කවුරුහරි කිව්වා. ජනතාවට යන්න එන්න සැප වාහන තියෙනවාද? නැහැ. එහෙනම් අපිටත් එපා. ජනතාවට නැති කිසිම දෙයක් අපිටත් එපා. කා විසින් කා හට පවසන ලද්දක්ද?
sam Tuesday, 10 December 2024 07:16 AM
සුනාමි ආධාර හොරුයි, මහබැංකු හොරුයි... රටේ ජනාධිපති සහ පින් ජනාධිපති වෙලා කළ විනාශයක මහත...
Kazi Shajahan Tuesday, 10 December 2024 07:32 AM
අනුරගේ සුරංගනා කතා අහලා දැන් ඇතිවෙලා තියෙන්නේ... අනුරට පුළුවන් කතා විතරයි දැන් අපිට තියෙන්නේ... කෝ විසිල් විතරයි, බල්ටි නැහැ... තමා හොරෙක්ව අල්ලගන්න බැරිවුණා.
Lionel Tuesday, 10 December 2024 07:50 AM
නායකයා කියන්නේ ඒකයි... ජය...!
දිමුත් Tuesday, 10 December 2024 09:55 AM
මොනා නැතත් මේ රටේ බොරු සැමරුම් වලින් නම් අඩුවක් නැහැ!
Nishan Wednesday, 11 December 2024 04:05 AM
කතාවට නම් හරිම දක්ෂයි. ඒත් එන්න එන්නම ක්‍රියාව අප්සට් වේගෙන එන්නේ...
Gamini Sunday, 15 December 2024 03:30 PM
ජනතාවට සැප වාහන තියෙනවද? නැහැ. එහෙනම් අපිටත් එපා. ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා. මම මේ ඇත්තමයි කියන්නේ. අම්මපා.