IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි

(දයාරත්න ඇඹෝගම)

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගලෙන්බිදුණුවැව,අලුත් දිවුල්වැව දින කිහිපයක් තිස්සේ ජල කාන්දුවක් හේතුවෙන් වැව්බැම්ම කැඩී යාමේ අවධානම යාම්තාක්  දුරකට පාලනය කිරිමට හැකිවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හුරැළුවැව වාරි ඉංජිනේරැ දසුන් තිලකරත්න මහතා පවසයි.

වැව් බැම්මේ උමයකින් මහපරිමාණයෙන් ජලය කාන්දුවී වැව් බැම්ම කැඩියාමේ අවධානමක් මතුව තිබුණි.මෙම අවධානමත් සමග ඒ අවට පදිංචිව සිටි පවුල් සීයකට අයත් සාමාජිකයන්   පිරිසක් ඉන්ද්‍රජෝතියාරාම විහාරස්ථානයේ තාවකාලිකව රදවා සිටින අතර  ඔවුන්ට පිසූ ආහාර ලබාදිම සිදුවේ. 
 
පසුගිය දහ වැනිදා උදෑසන හතට පමණ මෙම අවධානම හදුනාගෙන තිබේ. එතැන් සිට මේ දක්වා වැව් බැම්ම කැඩී යාම වැලැක්වීම සඳහා විවිධ ආයතනය වල සහයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. වැව් වාන පහත් කිරීමෙන් හා ස්ථාන දෙකකින් වැව් බැම්ම කප ක්‍රමානුකූලව ජලය බැහැර කිරිමේ කටයුතු සිදුවෙමින් පවතී. වැව් බැම්මේ ස්ථානයකින් උමයක් සැකසීම නිසා මෙම අවධානම් සහගත තත්ත්වය ඇතිවිය. එම ස්ථානයට ද ගල් පුරවා තත්ත්වය පාලනය කිරිමට පියවර ගැනීම සිදුවේ. 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීන් මෙන්ම කලාප වාරි අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් තත්වය මැඩ පැවැත්විම සදහා එම ස්ථානයට පැමිණ අදාල උපදෙස් ලබාදුන්හ. තත්ත්වය පාලනය කිරිමට සහය විය හැකි සියලු ආයතනවල නිලධාරින් මෙම ස්ථානයේ රැදී සිටියහ.

දිස්ත්‍රික් අපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ කර්නල් සනත් දිසානායක මහතා මෙම පිලිසකර කිරිම් සදහා ආයතන සම්බන්ධිකරණයෙන් සහය දැක්වුහ. 

සිද්ධිය වාර්තා වූ වහාම යුධ හමුදාවේ 120කට අධික භටයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණි වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කළේ ය. මේවන විටත් එම ස්ථානයේ යුධ හමුදාවේ සාමාජිකයන් පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටිති. 

අලුත් දිවුල්වැව වැව යටතේ මෙවර මහ කන්නයේ දී අක්කර 320 ක පමණ කුඹුරු ප්‍රමාණයක් වගාකර තිබේ. 



අදහස් (1)

අලුත්දිවුල්වැව කැඩියාමේ අවධානමක් : පවුල් 100 ක් ඉවත් කරයි

Chinthaka Sunday, 12 January 2025 06:02 AM

රූපවාහිනී පුවත් මගින් අතීසාරයට අමුඩ ගහන්නා වගේ කටයුතු කලා කියලා පෙනුනා ගොවීන්ගේ අදහස වුනේ ඔය තත්වය අවුරුදු ගණනකට පෙර ඔවුන් පෙන්වා දුන්නා කියල තමා .සාමාන්‍යයෙන් සෑම මසකට වරක් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් නිළධාරි එකතුවෙලා කෘෂිකර්ම කමිටු පැවැත්වෙනවා අඩුම තරමින් ඒ සදහා ගොවි නියෝජිතයන්ගේ සහභාගිත්වයක් නැහැ කියල තමයි හිතෙන්නේ .එහෙම සම්බන්ධ කරගන්න ලැජ්ජාවක් තිබේනම් අඩුම තරමින් ඔවුන්ගේ යෝජනා ලබාගෙන ඒ වෙනුවෙන් කමිටුව ගත් තීරණ ඔවුන්ට දැන්වීමවත් කරනවානම් මේවාට වැරදිකරුවන් හදුනාගැනීමට පුළුවන් වේවි ඇත්තෙන්ම කන්නයකට වරක්වත් ජලාශයන් සේවාකිරීමක් කරන්නෙ නැද්ද .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site