IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරයි

අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි සහ ආබාධිත, ඔත්පල වූ අය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණ කර ගනිමින් මෙම ගිලන් රථය පරිත්‍යාග කෙරිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදුනු සැප්තැම්බර් 05 මූලික අරමුණ කර ගනිමින්, කොවිඩ් වයිරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම ගිලන් රථය පරිත්‍යාග කරන ලදී.

සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කොවිඩ් වයිරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කොවිඩ් වයිරසයේ ආරම්භක අදියරේදී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසළ බඳුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

ඊට අමතරව එම වසරේම ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක හයක පරිත්‍යාගයක් ද නලීන් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් ලබාදෙන ලදී.

එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ ඇඳුම් හා උපාංග තොගයක් ද ගංගාරාම විහාරස්ථානයේදී නලීන් වෙල්ගම මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදී.

මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර, පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා විඳි නාමල්පුර ප්‍රදේශයේ පවුල් 1500ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වැව, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලුම පොත්පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානයේ බෝ මළුව ඉදිකර, බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්.ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට සහ අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ පරිත්‍යාග කිරීම ඒ අතර වේ.

අයිඩියල් මෝටර්ස් වෙතින් ක්‍රියාත්මක කරන ලද මෙම සියලුම සමාජ සුබසාධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර තිබේ.

ඡායාරූපය

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා වෙත මහින්ද්‍රා ගිලන් රථය ප්‍රදානය කරන ලද අයුරු ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (1)

අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරයි

බෙිලින් Sunday, 12 September 2021 06:43 PM

ඇත්තටම මේක පරිත්‍යාගයක් කියන්න බැහැ .මේක දීල තියෙන්නෙ පුද්ගලයෙකුගේ ප්‍රවර්ධනය සදහා නිසා පරිත්‍යාගයක් නම් රජයට හෝ රෝහලකට දෙන්න තිබුනා කියලයි මම නම් හිතන්නෙ.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 524 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site