
(තිසර සමල්)
රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපි මාරුවෙන් මාරුවට ඡන්දය දුන්නාට, මාරුවෙන් මාරුවට නායකයෝ ගෙන ආවට, මාරුවෙන් මාරුවට ආණ්ඩු හැදුවාට ඒ හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපි නීතී හදන්නේ පොදු ජනතාව වෙනුවෙන්. සල්ලි වියදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන්. ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕන.
යම් ණය ප්‍රමාණයක් කපා හරින්න ඕන.ඒ ගොල්ල කපන්නේ දයා ගමගේගේ ණය අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය. අපි 2004 චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවට ගියා. දාපු එක කොන්දේසියක් තමයි රුපියල් 25 000 ක් දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා.අපේ කොන්දේසිය වුණේ ගොවි ජනතාවගේ ණය කපන්න, .
ඒ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු.අපි හදන්න ඕන ජනතාවගේ ආණ්ඩුවක්.ඒ නිසා තමයි කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා කියන්නේ වැදගත් දිනයක්, මෙච්චර කල් හැදුවේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩු, මෙවර අපි පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හදමු.
අනුරාධපුර, බුල්නෑව නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ ගොවි රැළිය, අමතමින් අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවැසීය.
ජාතික පුනරුදයක් වෙනුවෙන් ගොවිජන බලය ගොඩනඟන මාලිමාවේ බුල්නෑව ගොවි රැලියට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු එක්ව සිටියහ.


COMMENTS
ජනතාවට ජය වේවා
අනේ මන්දා... මේ පාර කාට ඡන්දය දාන්නද කියලා. හැම කෙනාගේම රටට භයානක දුර්වල පැත්තක් තියෙනවා.
ඔව් සහෝදරයා අපි හදමු අපේම ආණ්ඩුවක් ! හොරකම වංචාව දූෂණ නැති, වැඩ කරන මිනිසුන්ට සාධාරණ වැටුපක්, දරුවන්ට හොද අධ්‍යාපනයක්, රෝගින්ට හොද සෞඛ්‍ය සේවයක් හා වැඩිහිටියන්ට හොද විශ්‍රාම ජීවිතයක් ලැබෙන.
රට සවාරි ඉවරවෙලා ලංකාවට ඇවිල්ලා පච කියනවා.
අනිවාර්යයෙන්ම වෙනසක් පතමු
ජයවේවා! ඔබට පමණයි එය කල හැක්කේ, තඹුත්තේගම ගොවි දරුවෙකු රටේ නායකයා වේවා, සොරුන් බලපුලුවන්කාරයන්, කලබලවී ඇත. පොදු ජනතාව ඔබ සමගයි. උතුරෙත් නැගෙනහිරත් මැදරටත් එසේමය
ජනතා ආණ්ඩුවක් හදනවා නම් උපරිමයෙන් සහාය දෙනවා. එයට පෙර 1971 සිදු කල දේවල් හා 2988-89 කාලයේ කරපු විනාශ කිරීම් ගැන කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි පිළිතුරක් ඔය රැස්වීමක් වෙලාවෙ බ්‍රෝම කියන්න ඕන. ඊළඟට මෑත වකවානුවේ පාසල් වල හා විශ්ව විද්‍යාලවල වර්ජන මෙහෙයවා ඔබේ සහෝදර මහින්ද දරුවන්ට කල පීඩාවටත් රෝහල් වල වර්ජන ඇතිකර රෝගීන් පීඩාවට පත්කිරීම ගැනත් කියන්න .ඊළඟට ඔය අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොපමාව එලිදැක්වීමත් කරන්න කැන්වසින් එන අඅයගේ අතේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා බැලීමට ප්‍රමාණවත් කාලයක් ඇතුව එවන්න එ.හෙම කියන්නෙ මෙතුවක් කාලයක් ගිනි පෙනෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරියටත් බය නිසා තමයි බ්‍රෝ
ජයවේවා! ඔබට පමණයි එය කල හැක්කේ,
දැන් සජිත්ගේ පිලෙත් ඉන්නේ පොහොට්ටු හොරු, රනිල් ගේ පිලෙත් ඉන්නේ පොහොට්ටු හොරු, දැන් පොහොට්ටුවේ ඉතුරු ලොකුම හොරු, ඉතින් ඔය පක්ෂ 3න් එකකට දුන්නත් එකම දේ වෙන්නේ පසුගිය අවුරුදු ගානටම වුනා වගේ ගෙම්බෝ පැනිලි විතරයි. මේ දේ වෙනස් කරන්න කාලේ ඇවිල්ලා නැත්තං 2048 වෙද්දි ලංකාව හයිටිය, සෝමාලියාව වගේ සොහොන් බිමක් වෙයි.
මේ හාදයා දිනුවොත් තවත් ආර්ථික කඩා වැටීමක් අත ළඟ...