IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ

(ෂේන් සෙනෙවිරත්න)

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෞඛ්‍ය සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

වත්මන් ජාතික ජන බලවේගය රජය ඕවර විස්ස තරඟ රටාවෙන් බැහැරව තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ ටෙස්ට් තරඟයක් බවත් එම තරග රටාවේදී සියලු පන්දුවලට පිත්ත නොදාන බවත් ගහන හැම පහරකටම ලකුණු කරා දිව නොයන බවත් විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ මහනුවර දී ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිණි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තම මන්ත්‍රී ධූර කාලය වසර පහක් හෝ ඊට අඩුවිය හැකි බවත් එහෙත් ජාතික ජන බලවේගය රජය තවත් වසර 10-15 කට එහා කාලයක් එම තරඟය ක්‍රීඩා කරනු ඇති බවයි.

වත්මන් ජාතික ජන බලවේගය රජය වෙනත් පක්ෂ සමග සන්ධාන ගත නොවී උතුරු නැගෙනහිර පවා ජයග්‍රහණය කිරීමට හැකි වීම විශේෂත්වයක් බවත් එම ජනතාවගේ සිහින හා අභිලාෂයන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

මෙම ජයග්‍රහණය තනි පක්ෂයක් ලැබූ ලංකා දේශපාලන ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල කඩා වැටීම තිබෙන බවත් එය පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් නොවන බවත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කාලයක් තිස්සේ යාවත්කාලීන නොවීම හේතුවෙන් ඇතිවූ කඩා වැටීමක් බවද ඒ මහතා කීය. අවිධිමත් කාර්යක්ෂමතාවයක් නොමැති ආයතනයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇති බවත් එය විධිමත් ආකාරයට යාවත්කාලීන විය යුතුව තිබෙන බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

 



අදහස් (2)

අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ

pj Monday, 30 December 2024 05:09 AM

හලෝ.. පම්පෝරි ගහන්න පෙර රටේ ණය කළමණාකරණයට ප්‍රමුඛස්ථානය නොදුන්නහොත් යන්න හොම්බකුත් නැතිවෙයි.

:       12       16

dushmantha seneviratne Sunday, 12 January 2025 09:20 AM

ඔව් සර් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොඳ පිරිසිදුකමක්. සෑම රටකම ජීවත් වීමට කැමතියි, වාසනාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site