IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට

(සුජිත් හේවාජුලිගේ සහ  අම්බලන්තොට සනත් ගමගේ)

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට  කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව  හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී සුමනසේකර මහතා පැවසීය.

දේශපාලන කටයුතුවල නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන පවත්වා ඉන්  නිලධාරීන් නව දෙනකුගේ   මැතිවරණ රාජකාරි කටයුතු මෙසේ අත්හිටවූ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්  ජයාන් ලක්මාල් මහතා පැවසීය.

තවත් නිලධාරිනියක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු කීවේය.

මෙසේ පැමිණිලි ලැබුණු පිරිසට වෛද්‍යවරු තිදෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. විදුහල්පතිවරු නවයක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් සහ  ගුරුවරු සිවු දෙනෙක් සහ සමෘද්ධි කළමනාකරුවෙක් ඇතුළත් වූහ.

මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට  පියවර ගෙන ඇතැයිද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

චෝදනා එල්ල වූ  නිලධාරීන් කිහිප දෙනකු  ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ගේ රැස්වීම්වල කතා පවත්වා තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි  මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 

 



අදහස් (2)

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට

පැරකුම් Thursday, 19 September 2024 10:09 PM

දඬුවම ප්‍රමාණවත් නොවේ. පරීක්ෂණයක් පවත්වා නිසි දඩුවම් දිය යුතුයි...!

:       0       0

Nimal Friday, 20 September 2024 01:25 PM

දේශපාලන පක්ෂ වලට ගැතිවී, හුදෙක්ම තම ලාභ ප්‍රයෝජන තකා රාජ්‍ය සේවයේ ගෞරවය කෙලසන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site