IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


අපරාධවලට පූජකවරු 56ක් හිරේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන, මුදල් වංචා සහ  නිධන් හෑරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් විවිධ ආගමික පූජකවරුන් 56 දෙනකු  බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ  අනුරාධ  ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8)  පැවසීය.

මේ පිරිස අතර දඬුවම් විඳින සිරකරුවන් සංඛ්‍යාව 34කි.  ඒ  අතර වැඩිම පිරිසක් බෞද්ධ පූජකවරු වෙති. එම සංඛ්‍යාව 29 ක් බවද  රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මීට  අමතරව හින්දු පූජකවරුන් තිදෙනකු සහ  ඉස්ලාම් පූජකවරුන් දෙදෙනකුද මෙම දඬුවම් විඳින සිරකරුවන් අතර සිටින බව පැවසූ  ජයරත්න මහතා ඒ චෝදනා සම්බන්ධයෙන් ආගමික පූජකවරුන් තවත්  විසි එක් දෙනකු සැකකරුවන් ලෙස බන්ධනාගාරවල සිටින බවද  සඳහන් කළේය.

සැකකරුවන් ලෙස සිටින පූජකවරුන් අතර වැඩි පිරිසක්ද  බෞද්ධ අය වෙති. එම සංඛ්‍යාව 19කි. මෙයට අමතරව කතෝලික පූජක වරයෙක් සහ ඉස්ලාම් පූජකවරයෙක්ද ඒ පිරිසට ඇතුළත්  වෙති.

ජයරත්න මහතා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ළමා අපචාර සම්බන්ධයෙන්  බෞද්ධ පූජකවරු  19 දෙනෙක් දඬුවම් විඳිති. එම චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස සිටින බෞද්ධ පූජකයන් සංඛ්‍යාව 4කි. හින්දු පූජකවරුන් ගණන එකකි.

මේ අතර  ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු තිදෙනෙක් බන්ධනාගාර වල දඬුවම් විඳිති මීට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස තවත් බෞද්ධ  පූජකවරයෙක් බන්ධනාගාර ගතව සිටිති.

මෙයට අමතරව බෞද්ධ පූජක වරු දෙදෙනෙක් මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිති. එම චෝදනාව සම්බන්ධයෙන් තවත්   එක් බෞද්ධ පූජකවරයෙක් සැකකරුවකු ලෙස බන්ධනාගාර ගතව සිටිති.

බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු දෙදෙනෙක්ද බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් එක් බෞද්ධ පූජකවරයෙක්ද සිර දඬුවම් විදිති.

මුදල් වංචා සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන්  දෙදෙනකු  සහ හින්දු පූජක වරයකු   සිර දඬුවම් විඳින බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරුන් තිදෙනකු දඬුවම් විඳින බවද  ප්‍රකාශ කළේය.



අදහස් (6)

අපරාධවලට පූජකවරු 56ක් හිරේ

siri Tuesday, 08 August 2023 06:36 PM

ඕක මොකද්ද අප්පා ? එංගලන්තයේදී බාල වයස්කාර දැරියක් වසර ගණනාවක් තුල විටින් විට දූෂනය කල වරදට ඒ රටේදී වසර ගණනාවක් හිරබත් කාපු චීවරධාරියෙක් එම කාලසීමාව අවසන් වූවාට පසුව ලංකාවට පැමිණ යහතින් සැපෙන් පන්සලක් භාරව හොඳින් සැප ගන්නේ.

:       0       0

කිරිපුතා Tuesday, 08 August 2023 06:40 PM

මේ කිසිවෙකුත් නිසා කිසිම ආගමකට හෝ බෞද්ධ දර්ශනය ට ගැරහිය නොහැක. ඒ ඒ පුද්ගලයින් ගේ නරක හැසිරීම් මිසක ඒවා ආගමක හෝ දර්ශනය ක වරදක් නොවේ.

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 08 August 2023 07:13 PM

ආහාරයේ අග්‍ර කොටස කෑවාම තෙල වැඩි වෙනකොට මේ අපචාර ඉබේම සිදුවෙනවා. මේ අයව උගත් ගිහියන් වෙත යවා දෙයියෝ බුදුන් ගැන උගන්නවන්න ඕනේ…

:       0       0

පැරකුම් Tuesday, 08 August 2023 08:21 PM

ශුභ ආරංචියක්. සිංහල බෞද්ධයා ඉදිරියෙන්...

:       0       0

sriyal Tuesday, 08 August 2023 09:43 PM

බෞද්ධ හොරු ශාසනයම විනාශ කිරීමට දායක විය...

:       0       2

Perera Wednesday, 09 August 2023 10:14 AM

බුද්ධාගම වැඩියෙන් වනසන්නේ කවුද කියලා මනාව පෙනෙන්න තියනවා

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 235 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 803 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 872 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1508 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 8 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 715 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site