IMG-LOGO

අනුරගෙන් මෝදිට දුරකථන ඇමතුමක්

(අංජුල මහික වීරරත්න)

පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි  සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසීය.

විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූහ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පැවසීය.

එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (15)

අනුරගෙන් මෝදිට දුරකථන ඇමතුමක්

lakmal Friday, 25 April 2025 05:29 PM

වෙන්න බෑ මොකද ඉංග්‍රීසි බෑ..

:       27       15

Mangala Friday, 25 April 2025 10:57 PM

ඉංග්‍රීසි දැනගන්න ඕනෑද මහත්තයෝ... දැන් තාක්ෂණය දියුණුයි. ඉංග්‍රීසි දන්න අය රටට කෙළියා හොඳටම ඇති. කොහොම වුණත් ඔබ හොඳ බයියෙක් කියලා නම් පේනවා.

:       3       4

suran Saturday, 26 April 2025 04:13 AM

Lakmal මෙයා දේශපාලන වේදිකාවේදී රනිල්ට හිනා වුණා. ලාෆ් ගෑස් (LAUGFS) උච්චාරණය සමබන්ධයෙන්... ඒක ඉංග්‍රීසි වචනයක් නොවෙයි. එනිසා නිශ්චිත උච්චාරණයක් නැහැ. නමුත් රැස්වීමේ හිටිය නූගත් මෝඩයෝ ටික උඩ පැන පැන හිනා වුණා. එහෙම ගොන් ආතල් ගත්තු මිනිහාට ඇත්තටම භාෂා පරිවර්තකයෙක් නැතිව මෝඩි එක්ක විනාඩි දෙකක් කතාකරන්න බැහැ. මේවා දැක්කාම අපිට පස්සෙනුත් හිනා. අනුන්ට අපහාස කරන්නාට වෙනදේ බුදුදහමේ හොඳට පැහැදිලි කරලා තියෙනවා.

:       3       5

fairoosSaturday, 26 April 2025 11:26 AM

දෙන්නටම නේද?

:       1       2

කව්ද බෝයි Friday, 25 April 2025 06:18 PM

හුටා, ෆෙරාරි සීයා ඇරපු ලියුම තාම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේලු... කවදා වේවිද දන්නෑ දිල්ලියට යනකොට...?

:       4       7

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:18 PM

අනුරගෙන් කෝල් එකක් කිව්වාම මෝදිත් ටක් ගාලා ආනිසර් කරන්න ඇති, රටක නායකයෙක් වුණාම එහෙම පෞරුෂයක් තියෙන්න ඕනෑ. මොකද රනිල් වගේ කොමිස් තියාගෙන අදානිට ගිනි ගානට සුළං බල විදුලි ව්‍යාපෘතිය දීලාද, එහෙම නැත්නම් මහින්ද උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයත් ව්‍යාපෘතියත් ලොකු කොමිස් කුට්ටියක ගිනි ගානට ඉන්දියාවේ යූනිකොන් එකට දුන්නා වගේ තක්කඩි වැඩ අනුර කරන්නේ නැති බව මෝදි දන්නවා. ඒ වගේම අනුර යමක් කියන්නේ මූනිච්ඡාවට නොවෙයි හෘදයාංගමව කියලත් මෝදි දන්නවා ඇති.

:       5       5

prasanna Friday, 25 April 2025 06:37 PM

කෙප්ප මදිවට බයිලා කියවනවා.

:       3       3

යෝගා Friday, 25 April 2025 08:39 PM

සිද්ධිය වෙලා දවස් දෙකකටත් පස්සේ කතා කරලා වැඩක් තියෙනවාද? අනික් සියලුම රටවල් වලට පස්සේ තමයි අසල්වැසියා කෝල් කරන්නේ...

:       4       3

පිස්සු යකෙක් Friday, 25 April 2025 09:37 PM

ලක්මාල් කියලා නම දාගෙන ඉන්නේ එංගලන්තයේ කෙනෙක්ද? මෝදි කතා කරන්නේ හින්දියෙන්. එයාටත් ඉංග්‍රීසි බෑද? භාෂා පරිවර්තකයෝ ඉන්නේ ඒකට. කොහේද ඉතිං මේ ලක්මාල් බැසිල්ගේ කට්ටියනේ...

:       3       4

Lalith Saturday, 26 April 2025 12:12 AM

කියන කියන එක පට්ටපල් බොරුනේ... මෝදිට සිංහල බැහැ. පච කොටා කියන්නේ ඒකනේ...!

:       2       3

Kota baas Saturday, 26 April 2025 12:24 AM

මමත් වැඩකාරයෙක් හරිද? සීයට පුළුවන් නම් ඇයි මට බැරිද? පොඩි කාලේ මගේ යාළුවෝ ඇහුවේ අබාලගේ සිංදු..

:       3       4

Aruna Saturday, 26 April 2025 01:15 AM

වෙන මොනාද ඉතින් කියන්න තියෙන්නේ - ඕක ක‌ළේ මහින්ද කියන්න ඇති...

:       3       3

කුකුල් චමින්ද Saturday, 26 April 2025 10:17 AM

ලක්මාල් කොලුවෝ, උඹ ඉස්සෙල්ලා ඉංග්‍රීසි ටික හදාගෙන ඉන්න, රටට ලෝකෙට බණ දේශනා කරන්න කලියෙන්...

:       6       6

Lakmal-Katunayaka Saturday, 26 April 2025 12:00 PM

ලක්මාල් මහත්තයෝ... මෝදිටත් ඉංග්‍රීසි බෑ. ලෝකයේ ප්‍රධාන රටවල් කීපයක නායකයන්ටත් ඉංග්‍රීසි බෑ. නමුත් ඒක ප්‍රශ්නයක් නොවේ. අදහස් හුවමාරු කරගන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් කියපු අය මෙතෙක් කළේ ඔබලා වගේ ළිං මැඩියෝ ඇඳගෙන රට කාපු එක. දැන්වත් රට ගැන, අනාගත පරපුර ගැන හිතලා වැඩ කරන්න.

:       6       5

suranSaturday, 26 April 2025 04:42 PM

කටුනායක ලක්මාල් මහත්තයෝ මම ඔබත් සමග එකඟයි... නමුත් ඔය ලප කුමාර තමයි ජොලි සීයාට ඉංග්‍රීසි බැහ කියලා හිනා වුනේ. නමුත් ඇත්තටම මේ ලප කුමාරට ජොලි සීයාගේ ඉංග්‍රීසි දැනුම සමග හැරෙන්නටවත් බැහැ. වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගැහුවාම ඔහොම වෙනවා. එය ඉවසන්න බැරි නම් අනුන්ට අපහාස නොකර ඉන්න දැන ගන්න ඕනෑ. අනුන්ට අපහාස කිරීම ඔය කුහක පක්ෂයේ උපන්ගෙයි ලක්ෂණයක්...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site