
(අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසීය.
විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූහ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පැවසීය.
එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න බෑ මොකද ඉංග්‍රීසි බෑ..
හුටා, ෆෙරාරි සීයා ඇරපු ලියුම තාම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේලු... කවදා වේවිද දන්නෑ දිල්ලියට යනකොට...?
අනුරගෙන් කෝල් එකක් කිව්වාම මෝදිත් ටක් ගාලා ආනිසර් කරන්න ඇති, රටක නායකයෙක් වුණාම එහෙම පෞරුෂයක් තියෙන්න ඕනෑ. මොකද රනිල් වගේ කොමිස් තියාගෙන අදානිට ගිනි ගානට සුළං බල විදුලි ව්‍යාපෘතිය දීලාද, එහෙම නැත්නම් මහින්ද උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයත් ව්‍යාපෘතියත් ලොකු කොමිස් කුට්ටියක ගිනි ගානට ඉන්දියාවේ යූනිකොන් එකට දුන්නා වගේ තක්කඩි වැඩ අනුර කරන්නේ නැති බව මෝදි දන්නවා. ඒ වගේම අනුර යමක් කියන්නේ මූනිච්ඡාවට නොවෙයි හෘදයාංගමව කියලත් මෝදි දන්නවා ඇති.
කෙප්ප මදිවට බයිලා කියවනවා.
සිද්ධිය වෙලා දවස් දෙකකටත් පස්සේ කතා කරලා වැඩක් තියෙනවාද? අනික් සියලුම රටවල් වලට පස්සේ තමයි අසල්වැසියා කෝල් කරන්නේ...
ලක්මාල් කියලා නම දාගෙන ඉන්නේ එංගලන්තයේ කෙනෙක්ද? මෝදි කතා කරන්නේ හින්දියෙන්. එයාටත් ඉංග්‍රීසි බෑද? භාෂා පරිවර්තකයෝ ඉන්නේ ඒකට. කොහේද ඉතිං මේ ලක්මාල් බැසිල්ගේ කට්ටියනේ...
කියන කියන එක පට්ටපල් බොරුනේ... මෝදිට සිංහල බැහැ. පච කොටා කියන්නේ ඒකනේ...!
මමත් වැඩකාරයෙක් හරිද? සීයට පුළුවන් නම් ඇයි මට බැරිද? පොඩි කාලේ මගේ යාළුවෝ ඇහුවේ අබාලගේ සිංදු..
වෙන මොනාද ඉතින් කියන්න තියෙන්නේ - ඕක කළේ මහින්ද කියන්න ඇති...
ලක්මාල් කොලුවෝ, උඹ ඉස්සෙල්ලා ඉංග්‍රීසි ටික හදාගෙන ඉන්න, රටට ලෝකෙට බණ දේශනා කරන්න කලියෙන්...
ලක්මාල් මහත්තයෝ... මෝදිටත් ඉංග්‍රීසි බෑ. ලෝකයේ ප්‍රධාන රටවල් කීපයක නායකයන්ටත් ඉංග්‍රීසි බෑ. නමුත් ඒක ප්‍රශ්නයක් නොවේ. අදහස් හුවමාරු කරගන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් කියපු අය මෙතෙක් කළේ ඔබලා වගේ ළිං මැඩියෝ ඇඳගෙන රට කාපු එක. දැන්වත් රට ගැන, අනාගත පරපුර ගැන හිතලා වැඩ කරන්න.