IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හරය ඇත්තේ රනිල්ගේ ධවල පත්‍රිකාවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හරය තිබෙන්නේ රනිල් 1981 දී ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය අපේ පක්ෂය මෙන්ම අපේ මව් පක්ෂයත් සිදුකළ බව කිව යුතුයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අප සහාය දෙනවා. නමුත් මේ කියපුවා කරන්න  හදවතින්ම රජය එකඟ විය යුතුයි. පාර්ලිමේන්තු සභා ගැබට පමණක් මේ කතා සීමා වෙන්න බෑ.අධ්‍යාපන ව්‍යුහය පිළිබඳව තීරණයක් ගැනීම අරමුණ බව ජනපති කිව්වා.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන පුළුල් කතිකාවතක් රටේ ඇති කළ යුතුයි.එසේ නොකළහොත් කලින් වතාවල වගේ මේවා කඩාකප්පල් වෙනවා.කන්නංගර මැතිතුමා ඇරඹූ ජාතික අධ්‍යාපන වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.

1981 වසරේ රනිල් වික්‍රමසිංහ කෙනාපු ධවල පත්‍රිකාව ගැන කතා කළ යුතුයි. අද ඉදිරිපත් කරන ප්‍රතිපත්තියේ මූලික හරය තිබෙන්නේ එම ධවල පත්‍රිකාවේ. 

එය සසඳා බලන්න. ඒ දෙක අතර තියෙන වෙනස මොකක්ද?කිසිම වෙනසක් නැහැ.අනෙක 2015- 2019 කාලේ වසර දහතුනක අධ්‍යාපනය අනිවාර්යය කළා. මේක අලුත්ම දෙයක් නොවේ.කරගෙන ආපු දේවල් ඉදිරියට ගෙන යාමයි යනුවෙන්ද ආචාර්ය හර්ෂද සිල්වා මහතාා කීය.



අදහස් (8)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හරය ඇත්තේ රනිල්ගේ ධවල පත්‍රිකාවේ

අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 06:02 PM

ඔයාට හැම දෙයක්ම රනිල් තමයි, අධ්‍යාපනයේ වෙනසක් කෙරුවත් ඒක මුලින්ම ගෙනාවේ රනිල් කියනවා ! ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එනවිට එකට මුල පිරුවෙත් රනිල් කියනවා ව්‍යවස්ථා සංශෝධනයක් කෙරුවොත් ඒකත් රනිල්ගේ අදහසක් කියනවා. රනිල්ගෙන් තොර ලෝකයක් ඔයාට නැහැ. රෑට හීනෙනුත් රනිල් කියනවා ඇති. අඩුම තරමේ 1980 රනිල් ගෙනාව අධ්‍යාපන ධවල පත්‍රිකාව හා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර වෙනස නොතේරෙන තරමට ඔයා වඳ බැහැපු උගතෙක් කියලා ඔයාගේ ඔය ගොන් කතාවෙන් රටට හෙලි කෙරුවා...

:       6       29

Asela Thursday, 24 July 2025 06:49 PM

වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය යන දෙකෙහිම කාන්තාවක් කුප්‍රකට වන අතර එය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පෙරමුණ ගන්නා බව කියනු ලැබේ. අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ නීති, වෘත්තීය සහ ආචාර ධර්ම අධ්‍යයනයන්හි හොඳින් ව්‍යුහගත රාමුවක් සමඟ පමණි. විෂය මාලාව වෙනස් කිරීම හෝ ෆින්ලන්ත ආකාරයේ අධ්‍යාපනයක් ලබා ගැනීම පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්වාදය ආලේප කිරීමක් වැනිය. සමස්ත සන්දර්භයම මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ වේ. අද එන්පීපී විසින් පොරොන්දු වූ ඊනියා දේශපාලන ක්‍රම වෙනස කොහේද? මෙම ප්‍රතිසංස්කරණයට මෙම පුද්ගලයින් පරිණත නැත...

:       18       7

Pradeep Thursday, 24 July 2025 07:01 PM

මෙයා හැමතිස්සේම බලන්නේ අපි කළා කියලා ලකුණු දාගන්න. කෙරුවා නම් කෙරිලා තියෙන්න එපැයි. ළමයින්ගේ අනාගතයත් එක්ක දේශපාලනය කරන එක දැන්වත් නවත්වන්න.

:       5       21

Ajantha Thursday, 24 July 2025 09:25 PM

1980 ගෙනල්ලා 2025 වෙනකම් ඉතිරිකරගන්න නොලැබුණේ කාගේ වරදින්ද?

:       1       13

කපුරුහාමි Thursday, 24 July 2025 09:26 PM

වසර 47ක් දේසපාලනේ කෙරුවා. කීප සැරයක්ම රටේ අගමැති උනා.. අද්‍යාපන ඇමතියා වෙලා හිටියා.. රනිල්ගේ දවල පත්‍රිකාවේ තිබුණා නම් මෙච්චර කල් නිකම් උන්නේ අහවල් දේකටද?

:       6       14

Asintha Friday, 25 July 2025 12:14 AM

කුහක ආචාර්ය හර්ෂ ද සිල්වා...

:       2       5

ලලිත් Friday, 25 July 2025 03:38 AM

අධ්‍යාපන ඇමැති වෙලා කාලයක් උන්නා, අගමැති වෙලා කාලයක් උන්නා, ජනාධිපති වෙලත් කාලයක් උන්නා, ඒ කාලේ පත්‍රිකාව තියාගෙන මගුල් නැටුවාද? ගොන් කථා කියන්න එපා...

:       1       4

විදුරංග Friday, 25 July 2025 01:30 PM

මෙන්න ලොන්ඩරියේ අසේල මහත්තයත් අද කතිකාවතට සහභාගි වෙලා. සර් බිස්නස් සරුයි නේද මේ දවස් වල...?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site