IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අතුරලියේ රතන හිමි අල්ලන්න පොලිසිය යයි

(ගයාන් සූරියආරච්චි)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට  පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ හිමිනමක පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන්ට එරෙහිව එම පක්ෂයේ මහලේකම් බව කියන හිමිනමක විසින් පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට කර තිබුණි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කීපයක් අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (17)

අතුරලියේ රතන හිමි අල්ලන්න පොලිසිය යයි

ranjith Saturday, 09 August 2025 09:09 AM

පාර්ලිමේන්තුවේ නැති එක ලොකු දෙයක්... පොහොර ගැන ගොන් පණ්ඩිත කතා කියලා ගොවියෝ අනාථ කළා...

:       6       98

ADSaturday, 09 August 2025 06:03 PM

ලංකවේ සමහර පන්සල්වල බික්ෂුන් වහන්සේලාට නිසි ආකාරයට පන්සලක් හෝ පවත්වාගෙන යාමට නොහැකි යුගයක මාලිගාවන් වගේ ගොඩනගන්න මුදල් ලැබුණු ආකාරය සොයන්න පොලිසිය පන්සලට යන්න ඇති...

:       1       27

Saman Dissanayake Saturday, 09 August 2025 10:34 AM

වැඩක් නැහැ... ගියාට රහත් වෙලා දිව්‍යෙලෝකයේ ඇති

:       7       62

Chinthaka Saturday, 09 August 2025 11:25 AM

කොහොමද මෝඩයෝ රහත්වුණාම දිව්‍යලෝකෙ යන්නේ බුදුදහමට අපහාස කරන්න එපා...

:       0       1

යෝගා Saturday, 09 August 2025 11:01 AM

මෙයාගේ දේශපාලන ආරම්භය ජවිපෙන්. ගහේ කටු උල්කරන්න දෙයක් නෑ. පට්ට ආත්මාර්ථකාමී කුහක කෙනෙක්...

:       60       49

පොඩිඑකාSaturday, 09 August 2025 12:30 PM

මෙන්න මන්ද මානසික නූගත් යෝගා ආයෙත් ගොං කතාවක් දාලා...

:       0       1

ලක්මාල්Saturday, 09 August 2025 12:37 PM

අර කවුද ඩොක්ටර් කෙනෙක් දවසක් කමෙන්ට් එකක් දාල තිබුනා මේ යෝගාට ඉච්ඡා භංගත්වය කියන මානසික රෝගය තියෙනවා කියලා...

:       5       24

පිටරැටියා Saturday, 09 August 2025 02:45 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිතම පවුල් පාලනේ අයගේ දේශපාලනේ කොහෙන්ද දන්නේ නැහැ පටන් ගත්තේ? දර්මිෂ්ඨ සමාජයක් හදනවා කියලා ආවට කියපු කරපු දේවල් ලෝකෙම දන්නවා. අඩුම තරමින් වසල සූත්‍රය ගැනවත් දන්නේ නැතුව ඇති.

:       3       22

සිද්දීක් Saturday, 09 August 2025 11:31 AM

උන් වහන්සේගේ වැරදි දාහක් ඇති, ඒත් කොටි මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවේ, කොටින්ට පහරදීලා ජයග්‍රාහී මෙහෙයුම පටන්ගන්න තැනට ආණ්ඩුව බලෙන් තල්ලු කලේ උන්වහන්සේ...

:       1       1

Business Saturday, 09 August 2025 12:00 PM

බුදුදහම විකුණගෙන කනවා. වාහන , තනතුරු , සල්ලි, පදවි, තනතුරු ඔක්කෝම සැප විඳිනවා. මිනිස්සු රවට්ටලා බුද්ධ චීවරයට මුවා වෙලා, රටට, ජාතියට, ආගමට නිගරුවක්...

:       1       2

Neel Saturday, 09 August 2025 12:35 PM

JVP කාරයෝ තමයි අන්තිමට රට හදන්න ඉදිරියට ආවේ. කර උඩ තියාගෙන හිටිය අය කරලා තියෙන හරිය මුලු ලෝකයෙන්ම අය දැන් දන්නවා.

:       1       0

කව්ද බෝයි Saturday, 09 August 2025 12:43 PM

තවත් එක් චීවරධාරියෙක්. මෙයා දැන් "හිමි" නෙමෙයි, "අහිමි". චීවරයේ පිහිටෙන් දිව්‍යලෝක සැප සම්පත් මෙලොවදීම විඳපු ශරීර කඳක්.

:       2       25

Rata Perata Saturday, 09 August 2025 01:00 PM

අතන මෙතන, රතන... දැන් කොතන කියලද තමයි ප්‍රශ්නේ...!

:       2       27

m. saman perera Saturday, 09 August 2025 01:21 PM

රත්නේ ඔබ කොහිද?

:       2       26

බද්රානි Saturday, 09 August 2025 02:40 PM

වැරැද්ද තියෙන්නේ මොවුන්ගේ නොවෙයි, මේ වගේ අයට හතර ගාතෙන් වැඳ වැටී නමස්කාර කරන, තමන් දුක් මහන්සි වී හම්බකරන දේ, මොවුන්ට පූජාකරමින් හැමදාම හිඟන්නන් මෙන් ජීවත් වෙන ජානගත මෝඩයින්ගෙයි. "උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද නෑරෙන සේ" මේ මෝඩයින්ගේ ගොන් මෝඩකම් නම් මේ කපේදී නැතිවෙන්නේ නැහැ... ශ්‍රද්ධාව වැඩිකමට මෝඩකම ඉහට ගහලා කියලයි මට හිතෙන්නේ.. මේ ගොන්කම් වලින් මිදී සැබෑ බෞද්ධ දර්ශනය හොයා ගනිල්ලා මොඩයිනේ..

:       7       24

SIRI Saturday, 09 August 2025 04:39 PM

අතන, මෙතැන, කොතැන වැඩියාදෝ ?

:       3       23

Sanitha Saturday, 09 August 2025 06:04 PM

බටහිර රටක සිවුරු හැරලා කාන්තාවක් විවාහ කරගෙන සැපෙන් ඉන්නවලු

:       2       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 888 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site