(බිඟුන් මේනක ගමගේ)
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් පත්කරන ලද කමිටු වාර්තා මාස හතක් තිස්සේ බාර දී නැති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ බන්ධනාගාර අමාත්‍යංශයෙන් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් යොමු කෙරුණු ලිඛිත කරුණු දැක්වීමකින් මේ බව තහවුරු කෙරිණි.
ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් අමාත්‍යංශයට බාර දී ඇත්තේ අතුරු වාර්තාවක් පමණකි.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරින් පිරිසක් විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා සිදුකරනු ලැබුවේ යැයි කියන වධහිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබුවේ මෙම වසරේ ජනවාරි මාසයේදීය.
බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව රැඳවියන් විරෝධතා පැවැත්වීමට කළ පලිගැනීමක් වශයෙන් මෙසේ වධහිංසා කර ඇතැයි චෝදනා කළ එම සංවිධානය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියටත් තවත් පැමිණිලි දෙකක් කළේය.
එහිදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියගේ නියෝගයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු දෙකක් පත්කෙරිණි.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් එක් ත්‍රිපුද්ගල කමිටුවක් ද කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්. නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එම්. බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඒ. ස්වර්ණලතා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වන සේ අමාත්‍යංශ මට්ටමින් තවත් ත්‍රිපුද්ගල කමිටුවක් ද අමාත්‍යවරිය විසින් පත්කරනු ලැබිණි.
එම ත්‍රිපුද්ගල කමිටු වාර්තා දෙකම සකසා අවසන් කර අමාත්‍යවරියට බාර දුන් බවට එම කමිටුවල නියෝජිතයන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ නමුත් මෙම තොරතුරු දැනගැනීමේ අයැදුමට ලද පිළිතුරෙන් එය ප්‍රතික්ෂේප කර ඇත.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඟුණකොළපැලැස්ස ප්‍රහාරයේ වාර්තා යට ගහලා