IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- මේ වන විට රටේ තිබෙන ආර්ථිකය සම්බන්ධයෙන් ඔබ කරන පැහැදිලි කිරීම කුමක් ද?

පිළිතුර:- වසර 2023  මහ බැංකු වාර්තාව ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2023 වසරේ දී ආර්ථිකය සියයට 2.3 කින් සංකෝචනය වී ඇති බව එහි සඳහන්. කෘෂිකර්මයේ සියයට 2.5 ක වර්ධනයක් පෙන්නා තිබෙනවා. කාර්මික අංශය සියයට 9.2 කින් පහත වැටිලා. සේවා අංශය දශම දෙකකින් පහත වැටිලා. කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහත වැටීම ලොකු ගැටලුවක්. කුඩා, මධ්‍ය කර්මාන්ත සෑහෙන්න වැසීගිහින්. කෘෂි අංශය කෙටි කාලෙකින් වර්ධනය කරන්න පුළුවන්. එහෙත් කර්මාන්ත අංශය ඒ වගේ ඉක්මනින් ගොඩගන්න බැහැ. ඒකට සෑහෙන්න කාලයක් ගතවෙනවා. පුළුල් ක්‍රියාදාමයක් අවශ්‍ය වෙනවා. සියයට තුනක පමණ ආර්ථික වර්ධනයක් ලබන වසරේ දී ආණ්ඩුව අපේක්ෂා කරනවා. මේ දත්ත දෙස බැලුවාම ඒවා කොයිතරම් දුරට සාර්ථක වේවි ද කියා කියන්න අමාරුයි.

ආර්ථිකයේ සංකෝචනයවීම යම් පමණකට අඩු වී තිබෙනවා. එහෙම වුණාට ඉදිරියේ දී විසඳාගත යුතු ගැටලු රාශියක් තිබෙනවා. ඒවා විසඳා නොගෙන ආර්ථිකය ශක්තිමත්ව ඔසවා තබන්න බැහැ. බලාපොරොත්තුවෙන ඉලක්කවලට යන්න නම් සියයට දහයකින් ආර්ථිකය වර්ධනය වෙන්න ඕන. එවැනි වර්ධනයක් ලබාගන්න ආර්ථිකයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ කළ යුතුයි. අලුතෙන්ම සිතන්න වෙනවා. පොඩි පොඩි වෙනස්කම්වලින් මේ වැඩේ කරන්න බැහැ.

 

ප්‍රශ්නය:- විසඳාගතයුතු ගැටලු රාශියක් තිබෙන බව ඔබ කියනවා. මොනවද ඒ ගැටලු? මේ යන ගමන මේ ආකාරයටම ගියොත් ඒ ගැටලු විසඳෙන්නේ නැති ද?

පිළිතුර:- මුලින්ම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. අමාරුම කරුණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග මේ ප්‍රශ්නය විසඳාගැනීමයි. දැනට ආණ්ඩුව ඇතිකර ගැනීමට සූදානම් වන එකඟතා ගැන ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ වැඩේට දායකවී සිටින පුද්ගලයන් අවශ්‍යදේ හරියට තේරුම්ගෙන නැති බවක් පේනවා. යම් යම් ප්‍රතිසංවිධාන හරහා ආර්ථිකය වර්ධනය වෙනවානම් ඉදිරියේදීත් යම් විධියකට ආර්ථිකය දියුණු වෙනව නම් දැනට එකඟවීමට යන ප්‍රතිව්‍යුහගත කරණය හරහා 2028 ජනවාරි විශේෂිත මාසයක් වෙනවා. ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අලුතෙන් නිකුත් කරන ස්වෛරී බැඳුම්කරවල ඇත්ත ණය කපා හැරීම (හෙයා කට්) කීයද කියා තීරණය වන්නේ ඒ මාසයේදී වීම එයට හේතුවයි. ආණ්ඩුව මුලින් කිව්වේ සියයට 50 ‘හෙයා කට්’ එකක් බලාපොරොත්තු වෙනවා කියලයි. පසුව සියයට 30 ක් ගැන කිව්වා. ආණ්ඩුව මොනවා කිව්වත් මට පේන ආකාරයට මේ ගණන සියයට 8 කට පමණ අඩුවෙනවා. එවැනි අඩුවීමක් කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අලුතෙන් නිකුත් කරන  ස්වෛරි බැඳුම්කරවල සියයට28 ‘හෙයා කට්’ එකකට අද එකඟ වුණාට ඇත්ත ‘හෙයා කට්’ එක තීරණය කරන්නේ 2028 ජනවාරියේදීයි. සියයට 28 ක සියයට 30 ක ‘හෙයා කට්’ එකක් ගැන ජනතාවට කිව්වට සියයට අටක්වත් ලැබෙන සේයාවක් නැහැ.

මෙවැනි පසුබිමක 2028 දී ගෙවන්නට තිබෙන ණය අපි සිතනවට වඩා වැඩි වෙනවා. අද සිට 2028 දක්වා ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනයට අනුරූපිව බැලුවාම ඒක පැහැදිලි වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ආණ්ඩුවේ කණ්ඩායම ප්‍රශ්නය හරියට අවබෝධ කරගෙන නැහැ. ආර්ථසාධක අරමුදලට කළ කප්පාදුව වගේ නෙමෙයි ජාත්‍යන්තර ණය හිමියන්ට ඉතා සුළු කප්පාදුවකට යන බවක් පේනවා. වැඩේ ඉවරකරන්න ඕන නිසා කීයකට හෝ දීලා දානවා වගේ ස්වභාවයක් මෙතැන පේනවා. ‘හෙයා කට්’ එක ලැබෙන්නේ 2028 දී බවත් එය සියයට හතක්, අටක් වියහැකි බවත් ආණ්ඩුවේ කවුරුවත් කියන්නේ නැහැ. රටට ඇත්ත කියන්නේ නැහැ. බැඳුම්කර හිමියන් දී තිබෙන ලියැවිල්ල හරියට අධ්‍යයනය කළා නම් බලාපොරොත්තුවන දේට වඩා අඩු තැනකට තල්ලුවෙන බව තේරුම් ගන්න පුළුවන්. එහෙම වුවොත් ගෙවීමට ඇති ණය, ණය ගෙවීමේ හැකියාව, ඉදිරි ණය බර,  ශ්‍රේණිගතකිරීම්, ආයෝජක පැමිණීම්, ණය සේවාකරණයට වෙන් කරන මුදල් ප්‍රමාණය පිළිබඳව ගැටලු රාශියක් ඉදිරියේ දී මතුවෙනවා.

මේ කාසියේ තව පැත්තක් තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රමාද වෙන්න වෙන්න ආයෝජක පිරිවැය වැඩි වෙනවා. මොකද ලංකාව බංකොලොත් රටක් නිසා. බංකොලොත්බවෙන් මිදුණොත් අවදානම අඩුබව පෙන්නන්න පුළුවන්. ආයෝජකයන්ට ලංකාවේ ආයෝජනය එවිට පහසු වෙනවා. මම මේ කතා කරන්නේ සමහර පක්ෂ කියනවා වගේ සියලුම ණය නැවත විගණනය කර ඒවා හොරකම් කළාද නැද්ද කියා බලා නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන නෙමෙයි. තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු ගැනයි.

 

ප්‍රශ්නය:- ස.ජ.බ. ආණ්ඩුවක් ආවොත් ගෙනයන්නේ දැනට තිබෙන ක්‍රමයම ද නැති නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයකට මේ කටයුතු කෙරෙනවාද?

පිළිතුර:- තව මාස කීපයකින් ස.ජ.බ. ආණ්‍ඩුවක් එන බව අපේ අපේක්ෂාවයි. වත්මන් ආණ්ඩුව එකඟවන යෝජනාව දේශපාලන  බේදයකින් තොරව තව අවුරුදු 14 ත් ඉදිරියට යනවා. රනිල් වික්‍රමසිංහට තිබෙන්නේ තව මාස හතරයි. මේ එකඟතාවට තනියම එන්න එපා කියා මම දිගටම කියන්නේ ඒ නිසයි. මේ කාරණයේ දී ආණ්ඩුව අනෙක් පක්ෂවල අදහස් ගැනීම අවශ්‍යයි. ඉදිරි අවුරුදු 14 කට ඇති කර ගැනීමට යන මේ එකඟතාව සම්බන්ධව මම මේ කියන කතාව බොරු නම් ඔප්පු කරන්න. ණය කපා හැරීම සියයට 30 ක් කියා ජනතාවට කිව්වට අවසානෙදි ඒක සියයට හතට අටට අඩුවෙන්න පුළුවන් කියන එක කවුරුවත් කියන්නේ නැහැ. ඒ නිසා පුළුල් සාකච්ඡාවක් මේ ගැන අවශ්‍යයි. සියයට හතට අටට වඩා ‘හෙයා කට්’ එක වැඩි කරගන්න තව ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම හරියට භාවිතා කරපු බවක් පේන්න නැහැ. මේ ක්‍රියාවලියට දේශපාලන නායකත්වය දෙන අයට කාරණය හරියට වැටහෙන්නේ නැති නිසා මේ තත්වය උද්ගතවී තිබෙනවා. මොන පදනමක් යටතේ මේ එකඟතා ඇතිකර ගන්නවාද කියා එක ගැන අපට ගැටලු තිබෙනවා. පත්කරගෙන සිටින උපදේශකවරුන් සමග ඇති කරගෙන තිබෙන වැඩ පිළිවෙළ අපි දන්නේ නැහැ. ඇතිකරගෙන තිබෙන එකඟතාව, ගෙවීම් කරන ආකාරය ගැන මුදල් කමිටුව විස්තර ඉල්ලා සිටියත් ආණ්ඩුව ඒ තොරතුරුදීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව මෙතැන විනිවිදභාවය පිළිබඳ ලොකු ගැටලුවක් තිබෙනවා.

හොරකම් කළ මුදල් වෙනම සෙවිය යුතුයි. ණය විගණනය කර ඉන් පසුව ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා කරන්න ගියොත් තව වසර ගණනක් යනවා. මම මේවා කියන විට ඇතැම් අය මාව විවේචනය කරනවා. හොරු අල්ලන්න වුවමනාවක් නැද්ද අහනවා. හොරු අල්ලන්නෙ නැතිව ඉදිරියේ දී මොකුත් කරන්න බැහැ. හැබැයි මම මේවා කතා කරන්නේ විදේශ ණය සම්බන්ධ වසර 31 ක අත්දැකීම් සමගයි. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ හැසිරෙන ආකාරය ගැන මට අවබෝධයක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ සමග කිසි දිනක කිසි ගනුදෙනුවක් නොකරපු අය මට චෝදනා කරනවා.

 

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට ජා.ජ.බ. නම් කියන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ මේ සියල්ල නැවත සාකච්ඡා කර  වෙනම වැඩ පිළිවෙළක් යටතේ රටට හිතකර ක්‍රියාවලියකට යනවා කියලයි. එවැන්නකට ඉඩක් නැද්ද?

පිළිතුර:- දේශපාලන වේදිකාවල ඔය වගේ කතා ඕන තරම් කියන්න පුළුවන්. හැබැයි මේ වගේ වැඩවල දී කරන්න පුළුවන් මොකද්ද බැරි මොකද්ද කියන එක ගැන අවබෝධයක් අවශ්‍යයි. මීට පෙර මම කියූ කාරණයත් මෙතෙන්ට අදාළයි. ඕන කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒ කියන  ඒවා කරන්න පුළුවන් වෙන්න ඕන. ඔය කතා ගිරිය කඩාගෙන වේදිකා ගානේ කිව්වට ප්‍රායෝගිකව කරන්න බැහැ. ජාත්‍යන්තර වෙළෙඳපොළ ගැන සුළු හෝ අවබෝධයක්, පලපුරුද්දක් තිබෙනව නම් ඔය වගේ කතා කියන්නේ නැහැ. ‘හෙයා කට්’ එක සියයට හතට අටට අඩුවෙන්න පුළුවන් කියා ඔය බලවේගවල අය කිව්ව ද? එවැන්නකට ඒ අයගේ විසඳුම මොකද්ද කියා කිව්ව ද? මේ අයගේ අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව ඒකෙන්ම පේනවා. විවාදයකට එන්න කියා අපි ආරාධනා කරන්නෙ ඒ නිසයි. විවාදයකට ඔය අය ආවා නම් මේ බැරෑරුම් කාරණා කතා කරන්න පුළුවන්. කරුණු හරියට පැහැදිලි කරගන්න පුළුවන්. නැත්නම් මේ අය ජනතාව මුළා කරනවා. හැබැයි මේ අය විවාදයකට එන්නේ නැහැ.

 

ප්‍රශ්නය:- එහෙම කියන්නේ කොහොමද? විවාදය ඔවුන් දින දී තිබෙනවා. පස්ස ගහන්නේ ස.ජ.බ නායකයා නොවේද?

පිළිතුර:- ඒක වෙනේනේ කොහොමද?  ආර්ථික කණ්ඩායම සමග විවාදයකට අපියි මුලින්ම අභියෝග කළේ. හැබැයි ඒ අය ඒකට එන්නේ නැහැ. විවිධ කතා කියමින් මගහරිනවා. අඩුම තරමේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කතා කරන්න ඔය බලවේගයේ අය බය නිසා විවාදයට ඔවුන් එන්නේ නැහැ. ජ.වි.පෙ. කියන්නේ එක මතයක්. මාලිමාව කියන්නේ තව මතයක්. රනිල් වික්‍රමසිංහ එකඟ වෙන්නේ මොකටද ඒ සියල්ලට ඔවුන් ද එකඟ බව මාලිමාවේ අය පසුගියදා ලංකාවට පැමිණි බැඳුම්කර හිමියන්ට කියා තිබෙන බව ආරංචියි.

 

ප්‍රශ්නය – එජාප, සජබ ආර්ථික ප්‍රතිපත්ති එක සමාන බව කියැවෙනවා. ඒ නිසා එක්ව ගමනක් යා යුතු බවට මතයක් තිබෙනවා. ඒ සම්බන්ධව කියන්නේ කුමක්ද?

පිළිතුර:- එජාප, සජබ ආර්ථික ප්‍රතිපත්ති අතර සාධනීය වෙනසක් තිබෙනවා. එජාප අනුගමනය කරන්නේ දැඩි දක්ෂිණවාදී ප්‍රතිපත්තියක්. නැතිනම් නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක්. හැබැයි සජබට තිබෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක්. අපේ ආර්ථික ප්‍රතිපත්තිය වෙන්නේ සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්තියක්. එජාපය විශ්වාස කරනවා වගේ අපිත් වෙළෙඳපොළ විශ්වාස කරනවා. වෙනත් බලවේග විශ්වාස කරනවා වගේ කණ්ඩායමකට, පොලිට් බියුරෝ එකකට නැතිනම් නිලධාරී සමූහයකට ලෝක ආර්ථිකය විග්‍රහකර ඒ සමග රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවිය යුත්තේ කෙසේදැයි තීරණය කිරීමක් අපට නැහැ. එවැනි තීරණ කිරීමේ හැකියාවක් ඔය කියන කණ්ඩායමටත් නැති බව කියන්න ඕනෑ. එසේ කිරීමට ගොස් වැටුණු රටවල් ලැයිස්තුවක්ම තිබෙනවා. ඕවා පසුගාමී, අසාර්ථක වෙච්ච ආර්ථික ක්‍රමවේද. එනිසා අපි එතැන නැහැ. ආර්ථික නිදහස, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට අපේ ක්‍රමයේ ඉඩ තිබෙනවා. ඒවගේම අපේ ක්‍රමයේ දේශපාලන නිදහස තිබෙනවා. සමාජ සාධාරණය සහ යුක්තිය ඔස්සේ ඒ කාරණය අපි ආර්ථිකයට ගළපා තිබෙනවා. රනිල් සහ සජිත්ගේ දෘෂ්ටිවාදයේ ලොකු වෙනසක් තිබෙනවා. අඩු ආදායම් ලාභීන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග දෙස සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් අවධානය යොමුකරනවා. මේ අය නැගිටුවන ක්‍රමය සොයනවා.  මේකට රනිල්ගේ දෘෂ්ටිවාදයේ එතරම් ප්‍රමුඛතාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ වෙළෙඳපොළ දිහා බලන්නේ වර්ධනයේ ප්‍රතිලාභ සියලුම දෙනාට ලැබිය යුතුයි කියන තැන ඉඳගෙන නෙමෙයි. ධනය උත්පාදනයවී පහළට ගලාඒම කියන සංකල්පයේ එතුමා ඉන්නවා. අපි ඉන්නේ එතැන නෙමෙයි. මෙතන තිබෙන වෙනස එයයි. අඩු ආදායම්ලාභීන්ට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ආර්ථිකය වර්ධනය විය යුතු බව අපි විශ්වාස කරනවා. අස්වැසුමට අපි එකඟ නැත්තේ ඒ නිසයි. ජනසවිය වැනි වැඩ පිළිවෙළක් ඕන කියන්නේ අපේ ක්‍රමය අනුවයි. මේවා අතර ලොකු වෙනසක් තිබෙනවා.

(***සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (7)

ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා

Nimal Monday, 29 April 2024 12:43 PM

ඉදිරි ගමනේ දුෂ්කරතා... වෙන මොනවත් නෙවෙයි...!

:       0       4

SISIRA Monday, 29 April 2024 06:36 PM

දේශපනිකව සමාජීය ආර්ථිකව කඩාවැටුණු රට බාරගැනීම මගහැර ගිය විපක්ෂය කුමන කතා කීවද රටේ පුරවැසියන් පිළිගන්නේ නැත.

:       6       8

PGPTHILAK Monday, 29 April 2024 08:26 PM

ගිණි පොලියට ඩොලර් බිලියන ගණනක් ජාත්‍යන්තර ස්වෛරී බැඳූම්කර වලට ඔහෙත් වගකියන්න ඕනෑ!!

:       6       12

shantha Tuesday, 30 April 2024 12:13 AM

මොලේ අමාරුකාර රස්තියාදු කාරයෙක්...!

:       6       5

chandima Thursday, 02 May 2024 12:41 AM

වැඩේ කෙරුණාට පස්සේ නම් පණ්ඩියෝ එමටයි

:       4       5

Suresh Thursday, 02 May 2024 03:47 AM

කටින් බතල..

:       4       5

chandima Friday, 03 May 2024 10:01 PM

හැමදාම මෙයාගෙන්ම අහන්නේ මෙයා විතරද මේ රටේ දෙකෝටියටම මේ ගැන දන්න එකම කෙනා

:       0       6

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

ඉන්දීය ඡන්දයේ සංඥාව
2024 ජුනි මස 10 662 2

ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ල


ශ්‍රී ලංකාවේ පක්ෂවල දිශානතිය
2024 ජුනි මස 03 363 2

නිශ්චිත දේශපාලන සහ ආර්ථික මතවාදයක් මගින් ඕනෑම දේශපාලන පක්‍ෂයක ප්‍රතිපත්තිමය අනන්‍යතාව තීරණය වේ. එසේ ප්‍රතිපත්තිමය අනන්‍යතාවක් නොමැති දේශපාලන පක්‍ෂ


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 386 1

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය
2024 මැයි මස 13 930 6

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 550 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 736 7

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3022 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site