
උතුරු නැගෙනහිර තරුණයන් සඳහා රැකියා අවස්ථා ඇති කරන ලෙස විදේශීය ආණ්ඩුවලට ආරාධනා කරන බව විපක්ෂ නායක ආර් සම්පන්දන් සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළියේදී අදහස් දක්වමින් සම්පන්දන් මහතා මේ බව කීවේය.
විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළිය අද දහවල් ඇරැඹිණි. දෙමළ ජාතික සන්ධාන මැයි රැලිය මෙවර පැවැත්වෙන්නේ අම්පාර අලයියාදිවෙම්බු සංස්කෘත මධ්‍යස්ථානය අසලදී ය.
නැගෙණහිර පළාත් සභා මන්ත්‍රී අස්මින් අයුබ් මහතාගේ කතාවෙන් පසු සම්පන්දන් මහතා සිය කතාව ඇරැඹීය.
‘අපට දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ඒ අවස්ථාව මගහැරගත යුතු නැහැ. සියලුම අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි.‘ යයිද සම්පන්දන් මහතා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd