යුද්ධයේදී උතුරේ මෙන්ම දකුණේද මිය ගියේ පීඩිත පන්තියේ ජනතාව බවත් උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට කැබිනට් මණ්ඩලයේ දී තමන් අරගලයක නිරතව සිටින බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා යාපනයේ දී පවසයි.
"උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැලිය" ලෙසින් ප්‍රජාත්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය දෙවන වරට සංවිධානය කරන ලද මැයි රැලිය අද (01) පෙරවරුවෙි යාපනය, පේදූරුතුඩුව පාරේ සංකිලියන් පුංගා උද්‍යානයේදී පැවැත්විණ. මෙම මැයි රැළිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මැයි රැලිය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය.
"මම ජාති, ආගම්, කුල භේද වලට විරුද්ධයි. මම මනුෂ්‍යත්වයෙන් තමයි කටයුතු කරන්නේ. එල්.ටි.ටි.ඊ සංවිධානයේ යුද්ධය කාලයේත් මම උතුරට පැමිණියා. ඒ යුද්ධය නතර කර සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදා ගැනීමටයි.“
“මැතිවරණ කාලයේ දීත් මම උතුරට පැමිණියේ ද්‍රවිඩ නායකයින් සමග එකතුව කටයුතු කිරිමටයි. මොකද මම මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන නිසයි. යුද්ධය නතර කර ප්‍රජාතන්ත්‍රවාදීව දෙමළ ජනතාවගේ අයිතිය ලබාදීමටයි මට අවශ්‍ය වුයේ“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරනුත් පීඩිත පංතියෙද?
මෙය කියන ඒවා කවුද ගණන් ගන්නේ? දකුණේ ජනතාව ගණන් ගන්නේ නැති නිසා දැන් උතුරට ගිහින් නං දොඩවනවා .
එතකොට මියගියපු ගාමිණී දිසනායක, ප්‍රේමදාස ජනපති , ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වගේ අයත් පිඩිත පන්තියේද? යුද්දේට පීඩිත පන්තිය, මධයම පන්තිය හෝ සුපිරි පන්තිය වගේ දේවල් වැඩක් නැහැ කවුරුත් යුද්දෙන් බැට කෑවා.