වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා එල්ටීටීයට මිලියන 2 ක් දුන් බවත් මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමිනි.
වසර 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණෙද්දී මීතොටමුල්ල කුණු කන්දේ උස මීටර් 15 ක් වූ බවත් එය වත්මන් රජයට බාරදෙනවිට එහි උස මීටර් 45 ක් වූ බවත් ෆොන්සේකා මහතා පවසයි. වත්මන් රජය සමයේ මීතොටමුල්ල කුණු කන්දේ උස වැඩි වූයේ මීටර් 3කින් පමණක් බවද ඒ මහතා කීවේය. මීතොටමුල්ල කුණු කන්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කරුමයක් බවත් එය දැන් වත්මන් රජය පිට පැටවීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා මැයි දින රැළියේදී කීවේය.
“අපේ රටේ හිටියා පාලකයෙක්.ඔහු කම්කරු අමාත්‍යවරයෙක් වෙලා හිටියා.කම්කරු ඇමතිවෙලා ඉද්දි කම්කරුවන්ට පෙරළි පෙරළි පොරොන්දු දුන්නා“
“පස්සේ ඔහු පාලකයා වුණා.අවුරුදු 10 ක් පාලකයා වෙලා ඉඳලත් ඔහුට බැරි වුණා කම්කරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න.ඒ නිසා වත්මන් කම්කරු අමාත්‍යවරයාගෙනුත් මම ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ රජ කරන්නේ නැතිව කම්කරු ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න කියලා.ඔවුන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා“
“ආසියාවේ ආශ්චර්ය තිබුණත් ජනතාවගේ අතේ සල්ලි තිබුණේ නැහැ.අපි ජීවත් වුණේ ආශ්චර්ය තියෙන රටක.ආශ්චර්ය තිබුණ කාලේ අපිට ලැබුණ දෙයක් නැහැ. දුප්පතුන්ට තුන් වේල කන්න ලැබුණේ නැහැ.ආසියාවේ ආශ්චර්ය තිබුණ කාලේ අපි මේ ලෝකේ රටවල් 167කින් සතුටින් ඉන්න රටවල් තේරුවම අපිට ලැබුණේ 155 වැනි තැන.“
“ඒ කාලේ ආර්ථිකය කඩා වැටිලා තිබුණත් රාජපක්ෂ පවුල සැප ගත්තා.ඒ කාලේ ශ්‍රී ලංකා ගුවන් සේවය නිසා බිලියන 124ක් පාඩු වුණා.“
“දැන් බැඳුම්කර ගණුදෙනුව ගැන සමහර පිරිස් කතා කරනවා. බිලියන දහයක් පාඩු වුණාලු. කට්ටිය මේක කියන්නේ හරියට ලෝකේ කඩන් වැටුණා වගේ“
“යුද්ධයට හැමදේම ගත්තේ ණයට. රාජපක්ෂලා ජනතාව බඩගින්න තියලා සැප ගත්තා.“
“සයිටම් ගැන කතා කරනවා.සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ.සයිටම් ගැන ආදරෙන් හිටිය එක්කෙනා දැන් තැන තැන කියනවා අපි සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියලා.“
“වරාය නගරයක් හදන්න ගියා. අක්කර 100ක් චීන්නුන්ට දෙන්න හැදුවා. ගිවිසුම් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුමේ හැටියට ඒ අක්කර 100 උඩින් අපේ ගුවන් හමුදාවේ යානාවලටත් යන්නවත් බෑ. “
“හම්බන්තොට වරාය හදන්න කළින් ගාලු වරායේ ඉඳලා නාවික හමුදාවේ බෝට්ටුවක ගිහින් ඇවිත් මහින්ද කිව්වා ගාලු පාරේ බස් යනවා වගේ මුහුදේ නැව් යනවා කියලා. අපි හම්බන්තොට වරාය හැදුවනම් ඔක්කොම නැව් මෙහෙට එයි කියලා මහින්ද කිව්වා. අන්තිමට වුණේ මඩකරියෝ ගෙම්බෝ අල්ලන්න. මාළු අල්ලන්වත් සුදුසු නැහැ. හම්බන්තොට සුන්දරත්වය නැති කළා“
“රාජපක්ෂ නැවත නැගිටින්න හැදුවත් අපි 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂව කකුලෙන් අල්ලලා පොළොවේ ගැහුවා. දැන් ඒවා අමතක වෙලා.අපි ඊට කළින් ජීවත් වුණ හැටි හැමෝටම මතක ඇති. අපි දැන් පොලිසියට අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න දෙන්න බැහැ. රාජපක්ෂ නැවත ආවොත් අපිට ආයෙත් බයෙන් ඉන්න වෙනවා.“
“දැන් රාජපක්ෂ අහනවා සතුටුයිද කියලා. ඔව් අපිට සතුටුයි. ඒ කාලේ තිබ්බ බය දැන් නැහැ. අපේ සතුට ඉහෙන් කනෙන් බේරෙනවා. අපිට ඒ කාලේ කරපුව අමතක නැහැ. ආයේ දේශපාලනයට ආවේ පවුල බේරගන්නලු. එයා කියනවා පවුලෙන් පළිගන්න එපාලු. එයා අපේ පවුල්වලින් පළිගත්තේ නැහැනේ. අපේ දරුවන්ට ආදරෙන් සැලකුවා.“
“ආයේ එයාට ඔලුව උස්සන්න් දෙන්නේ නැහැ. දැන් ඒ වෙනුවට ඒ පවුලෙම කෙනෙක් සොයාගෙන. එයා තමයිලු මේ රටේ ඊළඟ නායකයා. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේ ඉදන් ලංකාවට ආවේ. නැවතත් මේ රටේ ජනතාවට දුක් විඳින්න අප ඉඩ තියන්නෙ නැහැ.“
“රනිල් වික්‍රමසිංහ මහතා දිනලා තිබ්බ මැතිවරණය එල්ටීටීඊයට මිලියන දෙකක් දීලා ජයග්‍රහණය කළේ. පිටරටකින් ලැබුණ සල්ලි මල්ල පිටින් දීලා උතුරේ ඡන්දය වැළැක්වුවා. එල්ටීටීඊයට මිලියන දෙකක් දුන්න කෙනා අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන. සුනාමි ආධාර නංගිගේ පොතේ දාගත්තා. 2009 දී අපි එපා කියද්දි පැය 48ක සටන් විරාමයක් දුන්නා. ත්‍රස්තවාදී නායකයින්ට පැනගන්න අවස්ථාව දීලා. ඒකෙන් අපේ රණවිරුවන්ට පසු බසින්න සිදු වුණා.“
“දේශප්‍රේමය කියලා පපුවට ගහගන්නවා. අපි දන්න තරමින් සත්තු වත්තේ ඉන්න චිම්පන්සියා තමයි පපුවට ගහගන්නේ. මහින්ද පපුවට ගහගන්න හැටි දැකලා චිම්පන්සියා පපුවට ගහගන්න එකත් නැව්ත්තුවා . මේ දේශප්‍රෙමයට ජනතාව රැවටෙන්නේ නැහැ. “යැයිද සරත් ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට භාණ්ඩාගාරය හොරෙන් ගත්තු කෙනාවත් රැකිය යුතුයිද?
හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහගෙන් ඇහුවොත් කෙනා හොයාගන්න පුළුවන්...
එතකොට සුදු කොඩි කතාවක් කියල මුළු හමුදාවම පාවල දුන්න කෙනාට මොකක්ද දෙන දඬුවම?
මේ මහත්තොයෝ , බොරුවක් කියන කොටවත් තේරුමක් ඇති දෙයක් කියන්න. LTTE එක වගේ මිලියන ගණන් සල්ලි හම්බ වුණ සංවිධානයක්... ලක්ෂ 20 අරන් උදව් කලා කියලා...
අනේ මහත්තයෝ 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද මහත්තයා දිනපු නිසා තමයි ඔබතුමා මේ රටේ යුදහමුදාපති වුනේ. මහින්ද මහත්තයා සල්ලි දීලා එහෙම දෙයක් කලානම් ඇයි ඔබතුමාලා ඒ කාලේ නිහඩව සිටියේ දැන්ද මතක් වුනේ? ඔබතුමා මේ රටේ හැම කෙනකුගේම ගෞරවය දිනාගත්තු කෙනෙක් කවුරුවත් වෙනුවෙන් කඩේ යන්න ගිහින් ඒ ගෞරවය නැති කරගන්න හදන්න එපා. ඔබතුමාලා සියලු දෙනා එකතුවෙලා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය දිනුවා. එහි ගෞරවය ආරක්ෂා කරගන්න.
කුණු කන්දේ උසින් කියැවෙන්නේ ජනතාවගේ පරිභෝජනයේ ධාරිතාවයි. කුණු කළමනාකරණයෙන් දෙගොල්ලෝම වෙනසක් නැහැ.
එල් ටී ටී ඊ එකට සල්ලි දීල මහින්ද කරපු වැඩේ නින්දිත වගේම එල් ටී ටී ඊ එකට ලොරි 7ක් බරට ආයුධ හොරෙන් දීපු නායකයා ගැන කතා කරන්න බැරි ඒ පක්ෂයට මුක්කුවක් ගහපු හින්දද? කිලිනොච්චි යනවා කියල මැදවච්චි ගියා කියල හමුදාවට අපහාස කරන කොට ඔය මහත්තයාගේ කටේ පිට්ටු ද තිබුනේ? මිලේනියම් පාවාදීම කලේ කවුද කියල අමතක කරලා ඒ අයට සළු වඩමින් යන ගමන කෙළවර වන්නේ කොතනින්ද?
එතකොට ආයුද දුන්නාට කී පාරක් එල්ලන්න ඕනද?
මෙතුමා හොද උද්ගෝෂණ මර්ධනය කරන්න නෙවෙයි.හිරගෙදර වධක තනතුරට.වෙන සුදුසු කමක් නම් පේන්න නැ
මෙහෙමත් බොරු කියන්න ලජ්ජා නැද්ද ? එතකොට බෑනා කරපු සල්ලි මගඩිය හොඳද? නිකන් කඩේ යන්නේ නැතුව හිටියොත් නේද හොඳ?
මා ආදර විජේ ඔබ කැමති නැද්ද ලබන වර පොදු අපේක්ෂකයා වෙන්න?
තව කාර් එකක් ගන්න පුළුවන් වෙයි මේකට
ඔබ හරියට හරි විජේ ඔබ මට කලින් ලියල. මේ පොන්සේකා නිකන්ම නිකන් සොල්දාදුවෙක් විදිහට පැන්සොන් ගන්න හිටියේ මෙයට ෆීල්ඩ් මාර්ෂල් කම ලැබුනේ රාජපක්ෂ මහත්වරු නිසා. මෙයාට ඒවා අපි මතක් කර දෙන්න ඕනෙද. අනික මිලියන දෙකක් කියන්නේ ලක්ෂ විස්සක්. මෙයා වගේ කෙනෙක් හැර මොන ගොබ්බ්යද පිළිගන්නේ ප්‍රබාකරන් ලක්ෂ විස්සකට ඔහුගේ සටන පවාදේවී කියල. අනික මිලියන දෙකක් දීමෙන් රටට පාඩුවක් වුනාද. මිලියන දෙකක් කියන්නේ මොන කජ්ජක්ද.එක මල්ටි බැරල් එකක් ගහන්න ඊට වඩා වියදම් වෙනවා. ඔබ ඉල්ලා ඇති කාර් එකට මිලියන 80 පමණ යනවනේද? අනන් එ්වයි සහගහන අපරාද. ඔබ ඕව ආපසු රටට ගෙවයි.(අ)
මීතොටමුල්ලට මුලින්ම කුනුදැම්මේ 1988දී {මහින්ද මහතා 1988දී රට පාලනය කලේනැහැ}මිලියන 2ක් කියන්නේ ලක්ෂ 20ක්,කොටි සංවිධානයට දවසේ ආදායම කෝටි50කට වැඩී[මොහුන් මිලියන 2කට සංවිධානය පාවාදේවිද]බැඳුම්කර සිද්දියද මහින්දගේ හොරකමක් කරන්න හැදුවා??????? තව ඕනතරන් කියන්න තියනවා///////මහින්ද ණය අරන් යුද්දකළා රට සංවර්ධනය කළා.මේරජය ඊටත් වඩා ණය අරගෙන කරපු කිසිම වැඩක් නැහැ.පලිගැනීම විතරය්...................
රටේ තියන ලොකුම ප්‍රශ්නේ රජපක්ෂ. මිනිස්සු එදා දවස ජිවත් වෙන්නේ කොහොමද කියලා හුල්ලනවා. චන්ද 5,000 ක් ගත්ත පින් ඇමති කෙනෙක් මහින්ද රාජපක්ෂ ගෙන් පළිගන්නේ කොහොමද කියල බලනවා. රටකට ගිය කල. රාජපක්ෂ නැත්නම් එකම රැලියකවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ .
ඔබතුමාගේ අදහස මමත් අනුමත කරමි!
මහා බැංකු වංචාව සාධාරණ කරන්න එපා. ඔබගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්න. වැරදි කවුරු කලත් වැරදි.
මිලියන දෙකක් කියන්නේ ලක්ෂ 20 නේ . LTTE. කියන්නේ නැව් පවා තිබුන බලවත් සන්විදානයක් . තරුවකට ඇමති කට්ටකට හැම දෙයක්ම පවල දෙන එවුන් ඉන්නේ මෙහෙ . LTTE. එක එහෙම ලාබෙට ගන්න අමරුය් .
පිස්සෝ කියන කතා ගැන, කලබල වෙන්න එපා, පහන නිවෙන්න යනකොට එලිය වැඩි වෙනවා.
සරත් ෆොන්සේකා සියයට 100ක්ම සුදුසු ගැලවීමේ හමුදාවට. ...
එදා මා ගරු කල වීර සෙන්පතියා අද අන්ත වෙලා. එදා රනිල්, චන්ද්‍රිකා පාලනය මේජර් ජෙනේරල් කෙනෙක් වශයෙන් විශ්‍රාම දී ගෙදර යවන්න හිටපු කෙනාට ජෙනරාල්කම දී සේවා දිගුවක් දීපු නිසාද මේ කතා කියන්නේ... හිටපු රජයෙන් මෙයාට අසාධාරණයක් උනා. එයටත් හේතුව ජනපතිවරණයට පෙර කියපු කලවැදි කතායි. ඒ මිනිස්සු බලයට ඇවිල්ල මෙයාට ජම්පර් ඇන්දුවා.. එදා ගැලවීමේ හමුදාපති කමටත් නුසුදුසු වූ කෙනා අද එසේ කයපු එයාගේම ආරක්ෂකයා වෙලා.
ඔය හැම එකම බලේ හිටයා. රටට මොකද උනේ? පාර්ලිමේන්තුවට ඇවිත් දුප්පත් වෙලා ගෙදර ගිය අය ඉන්නවද? ඉස්සර හිටියා... ඩඩ්ලි, සිරිමා, එන්.එම්. පෙරේරා, සර් ජෝන් දහනායක වගේය. අද ඉන්නවද? ඒ වගේ දේශපාලකයෝ.
මෙතුමා විකාර කියනවද කොහෙද... අනේ මන්දා...