ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
දිසානායක මහතා මේ බව කීවේ කොළඹ බී.ආර්.සී. පිටියේදී අද දින පැවැති මැයි දින රැළියට එක්වෙමිනි.
මේ රට අවුරුදු 70 ක් පමණ පාලනය කළ පාලකයන් අපට මොනවද ඉතුරු කරලා තියෙන්නේ?....මේ රට මහා ණය කන්දක හිර කළා. කෝ ඒ ණයවලින් කළ දේවල්?“
“මේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනා. වසරකට භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනයම ණය ගෙවන්නත් මදි. මෙය හිඟන රටක් නොවේද? අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබෙනවා. හැබැයි පාලකයන් අපේ රට හිඟන රටක් බවට පත් කරලා තිබෙනවා“
“රට සහ ජනතාව පසුපසට ඇදගෙන ගිහින් තිබෙනවා. රට හිඟන රාජ්‍යක් බවට පත් කර තිබෙනවා. අපේ රට ප්‍රෞඩත්වයක් ඇති රටක් බවට පත්කිරීමේ වගකීම අපට තිබෙනවා.“
“ණය බරින් පිරුණු, දරුවන්ට අධ්‍යාපනය නොමැති, ලෙඩරෝගවලින් පිරුණු දීනත්වයට පත් කළ ජනතාවක් සිටිනවා. දීනත්වයට පත් කළ ජනතාවට අභිමානවත්ව ඉදිරියට යන්න කටයුතු ලෑස්ති කළ යුතුයි. ජනතාව වෙනුවෙන් පාලනයක් ගොඩ නැගීමේ දිසාවට රට ගෙන යායුතුව තිබෙනවා.“ යයි කී දිසානායක මහතා මැයි දින රැළිය වෙනුවෙන් බී.ආර්.සී. ක්‍රීඩාංගණයට රැස්වූ ජනතාව අගයමින් කතාකළේය.
“අතුරු සිදුරුව නැතිව පිරියනවා යයි කියන්නේ මොකක්ද කියා ඇහුවොත් අද මේ බී.ආර්.සී. පිටිය පිරී ඇති ආකාරය යැයි පෙන්වන්න පුළුවන්. බොහෝ අයට ඉඩ නැතිව පාරේ ඉන්නවා. වේදිකාවේ පසුපස පවා ඉන්නවා“ යයිද පැවසීය.
COMMENTS
සෙනඟ ඉන්නවා... නමුත් ඡන්ද නැහැ. ඒ ගැනත් ටිකක් හිත යොමු කළොත් හොඳයි.
එ්කට අනුර කුමාර මහත්තයත් උදව් කළා ....
කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපේ තැපැල් කන්තෝරු, අපේ ට්‍රාන්ස්ෆෝමර් අපේ සී.ටී. බී. බස් ටික සමහරු ගිනි තියනකොටත් අපිට මෙහෙමම හිතුණ කාලෙකුත් තිබුණා. අපි මැරිලා ඉපදුනේ නැහැනේ ආයුබෝවන් !!!
අනුර සහෝදරයා, ඔබ කළ යුතු වන්නේ ඇමති ධුරයක් භාර ගෙන අවුරුදු 2 තුළ එම ඇමති වගකීම හරි විදිහට කරන එකයි? විවේචනය පමණක් මදි. මුලින් රටම එකමුතු වෙලා දැවෙන ප්‍රශ්න විසඳමු. බොරු වර්ජන, කඩාකප්පල් වැඩ නවතමු.
ඔයාලත් ඒකට වග කියන්න ඕනේ
දැන්ද දැක්කේ? මෙතෙක් කල් නිදිද.
ජවිපෙ ට ජයවේවා රට ගොඩනැගීමට ඇති එකම මග
කමිකරුවන් විකුණාගෙන කන එක නවත්තපල්ලා.
එකට අනික් පක්ෂ වලට දොස් කියන්න එපා . ඒගොල්ල කියන දේවල් කරන දේවල් දැනගෙන ඒ අයට චන්දෙ දීපු ජනතාවට දොස් කියන්න . ජනතාව ඉල්ලපු දේවල් තමයි ලැබිල තියෙන්නේ . මමනම් හරිම සතුටුයි එහෙම වෙනවට . මොකද මම ඔය රටේ නෙමෙයිනේ ඉන්නේ .
මෙයාල ම මේ හොර ආන්ඩුව ගේන ලෙස අපිට කිව්වා. දැන් මේ කතාකරන කටින්ම රට මේ ආන්ඩුව මගින් දියුනු කරන හැටි කිව්වා දිව දෙකේ කුහක ජේ වී පී කාරයෝ. මහින්දගේ අඩුපාඩු තිබුනත් රට මෙහෙම විනාශ වුනේ නෑ. අපි මෙයාලට රැවටුනා.
පරෙස්සමෙන් කතා කරන්න ආණ්ඩුවට රිදෙයි කියල බයේද? මහා බැංකු හොරකම ගැන මුකුත් කියන්නේ නැත්තේ මොකද.?
හොරු රජ කරන්න දර දිය අදින මෝඩ ඡංන්දදායකයන් ගැනත් ටිකක් හිත යොමු කළොත් හොඳයි.
මේගොල්ලන් දානේ නොදී පෙර පින් කර නැති නිසාදෝ රැස්වීමකට එන කෙනෙක්වත් චන්දෙ නොදෙන තත්වයක් තියෙන්නේ. බහුතරයක් හොඳට කතා අහල සතුටුවෙලා ගෙදර ගිහිල්ලා වෙන කාටහරි චන්දෙ දෙනවා.
තව වර්ජන කරන්න එතකොට ඉක්මනටම රට ගොඩ ඒවි.
එතකොට ඔබලා ජනවාරි 8 පත්කළ නායකයා කියන්නේ ඔයිට වඩා වෙනස් දෙයක්.