(ළහිරු හර්ෂණ)
වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැග උපවාස අරඹා ඇති සිරකරුවෝ තිදෙනෙක් අද (12) පොස්ටර් බැනර්ද අතැතිව වහළය මත රැදී සිටිති.
රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.
ඔවුන් වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
වහළය මත සිටින ඔවුනට සෙසු සිරකරුවෝ ආහාර ආදී දෑ ලබා දෙන අයුරුද දකින්නට ලැබේ.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා බන්ධනාගාරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.
සබැඳී -
වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන්







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ට මේ වගේ දැන්වීම් සකස් කරගන්න අමුද්‍රව්‍ය ලැබෙන්නේ කාගෙන්ද ?
මොවුනට බැනර් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය දෙන්නේ කෙසේද ?
පාලකයන් විසින් දුර දිග නොබලා ගන්නා තීරණ නිසා ඇතිවන අතුරු ප්‍රතිපල. අනික කොහොමද මේ සිරකරුවන් වහලයක් මතට නගින්නේ. බන්ධනාගාර නිලධාරීන් දැනුවත්වද නැත්නම් ඔවුන්ගේ නොසැලකිලිමත්කමද..එක අවස්ථාවක ඔවුන් ආයුධ පැහැරගත්තා..
දැන් මේ මරණ දඩුවම ලැබී ඇති කිසිවෙකු කියා තිබේද අප අතින් නැතිවුනේ හෝ අප අතින් විනාශ උනේ හෝ අප අතින් ඝාතනය වුනේ මනුෂ්‍ය ජිවිත කියා? එසේනම් මේ අමනුෂ්‍යයන් කෙසේ තමන්ව මනුෂ්‍යන් ලෙස හුවා දක්වන්නේද??
මොවුන් මීනිමරුවන් විය හැකි. නමුත් ඔවුනගේ සටනට මගේ සම්පූර්ණ සහයෝගය
මොනවා වුනත් කමක් නැහැ, 18 වෙනිදට වහලයට නගින්න කලින් හොයලා බලන්න කවුද ජනපති කියලා. මතකනේ කලින් සිදුවීම, ඒවගේම නිදහසේ ඉන්න ඕන නම් අසරණ මිනිස් ජීවිත නැතිකෙරුවේ ඇයි, මුදල් තියෙන මිනිහට පමණයි නීතියෙන් ගැලවීමක් තියෙන්නේ අපේ රටේ. පුලුවන්නම් මහන්සිවී පාඩම් කර උපාධියක් ගන්න බලන්න, නීතිය අංශයෙන් අනිවාර්යෙන් එලියට එයි
තකතීරු තීරණ නිසා තමා නැති ප්‍රශ්න ඇතිවෙන්නේ උසාවියෙන් මරණ දඩුවම දුන්නනම් මොන දේකටද ඇගිලි ගහන්නේ එහෙමනම් අනිත් දුප්පත් කම් ඇති මිනිමරපු මිනිසුන්ටත් නිදහස දෙන්න
සිරකරුවන් ට මනුස්සත්වයෙන් සලකනන්න අවශ්‍ය නෑ. මොකද ඒ අය මනුස්ස කම් කරලා හිරේ ගිහින් නොවෙයි නෙ. අනික විශේෂයෙන් ම මරණ දඩුවම ජීවිත අන්තය දක්වා දඩුවම් ලබලා තිබෙන අයට කොහොමත් සමාවක් දෙන්න ඕන නෑ. මරණ දඩුවම් ක්‍රියාත්මක කරන්න ජනාධිපති අත්සන මොකටද ඒ වගන්තිය අයින් කරන්න යෝජනා සම්මත කරලා නීතිය කෙලින් කරන්න.
අපේක්ෂයකයන්, මාද්‍ය, වියතුන්, පුරවැසියන් හැමෝම කතා කරන්නේ ආදර්ශමත් රටක් හදන්න. ඒත් නිහඩ කාලේ දී එක එක මත ඉදිරිපත් කරනවා. මුලින් ආදර්ශමත් පුරවැසියන් වී නිහඩ කාලේ දී දේශපාලන වාසි හෝ අගතිගාමී අදහස් දැක්වීම් හෙලා දකිමු