IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන්

(ජයන්ත සමරකෝන්)

රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

අද පෙරවරුවේ සිට ‘‘එල්‘‘ ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටින බවද පැවසේ.

චැපල් ශාලාවේ ඒ 3, බී 3, සී 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන ඇතැයිද දැනගන්නට තිබේ.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ද දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටින බව වාර්තාවේ.

මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ආහාර වර්ජනය කර සිටි සිරකරුවන්ගෙන් පිරිසක් ආහාර ලබාගත් බවය.

වහලය මත නැග සිටින සිරකරුවන් දෙදෙනා සවස් වනතුරුත් වහලයෙන් නොබැස සිටි බවද ඒ මහතා කීය.



අදහස් (47)

වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන්

sirimal Monday, 11 November 2019 01:47 PM

යන යකා කොරහත් බිඳගෙන යනවා කිව්වලු... කුඩුකාරයන් එල්ලන්න පොරොන්දුවෙලා.. වෙලා.. අන්තිමේට මිනීමරුවන් නිදහස් කළා කියමුකෝ...

:       1       2039

MaheeMonday, 11 November 2019 03:50 PM

අපේ සීය කෙනෙක් හිටිය රජයේ හොඳ තානාන්තරයක් දැරුවේ... පව් උන්දැට වයස්ගත වෙන්න.., ගතවෙන්න මොලේ කොලොප්පන් වුණා. විකාර කරන්න පටන් ගත්තා. විශ්‍රාම යන්න කලින් වෛද්‍ය මණ්ඩලයකින් අනිවාර්ය විශ්‍රාම ගැන්නුවා. මට නිකං උන්දැව මතක් වුණු හින්ද කිව්වා මිසක් වෙන මොකුත් හිතන්න එපා.

:       2       646

RaveendraMonday, 11 November 2019 09:01 PM

Mahee මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. ඇත්තෙන්ම මෙය ඔබේ සීයාට පමණක් සීමාවූ කාරණයක් නොවෙන අතර මේ ඔබට, මට මෙන් අප සියල්ලන්ටම පොදුයි. අවාසනාවකට අප කිසිවෙකු වයස්ගත වෙනකොට "තැඹිලි ගෙඩියක් කාලා, උණුවතුර ටිකක් බීලා" නිවී සැනසිල්ලේ සිටීමට අකමැතිවීම නොවේද?

:       0       5

අමරTuesday, 12 November 2019 04:52 AM

මේ අන්ලයික් දාන ‌කෙනාගෙ කවුද?

:       0       0

anandaWednesday, 13 November 2019 04:36 AM

අපිනම් ඊයෙත් අදත් හෙටත් ජනාධිපති සමාවට විරුද්ධයි.

:       0       102

ariWednesday, 13 November 2019 05:22 AM

මරාගෙන මැරෙන ( විශාල පිරිසකට මාරු කැඳවන ) කෙනෙකුටනම් ජනාධිපති සමාව දීමෙහි වරදක් නැතිබව පොත පතේ සඳහන් වේ.

:       20       206

Sanath KandyTuesday, 12 November 2019 03:44 AM

නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් අසරණ මිනිසුන්ට එරෙහිව විතරයි. සල්ලි ඉස්සරහා නීතිය දනින් වැටෙනවා. මේක වෙනස් වෙන්නනම් සිස්ටම් එක වෙනස් කරන්න ඕන.

:       0       77

MaheeWednesday, 13 November 2019 04:57 PM

සනත්, ඔන්න ඕක තමයි විය යුතු දේ. මේ පැලැස්තර වලින් කිසිදාක නීතියේ අධිපත්‍යය රටේ පිහිටුවන්න බෑ. පවතින සිස්ටම් එක, ඒ කියන්නේ මේ යන තට්ටුමාරු ක්‍රමය, වෙනස්කර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කල යුතුයි. එහෙම කරන්න පුළුවන් වෙන්න නම් මේ දෙගොල්ලම ඉවත්කළ යුතුයි. එහෙනම් කවුද ඉන්නේ?

:       0       1

විකල්ප Tuesday, 12 November 2019 03:50 AM

මේ දෙගොල්ලම එකයි. මේ සිස්ටම් එක වෙනස් කරලා නීතියේ සාධාරණත්වය රජයන සමාජයක් නිර්මාණය කරන වෙනසකට අපි තීන්දුවක් ගනිමු.

:       0       15

NishanWednesday, 13 November 2019 12:57 AM

මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි නේ.

:       1       102

රවින් Monday, 11 November 2019 01:52 PM

ඇත්ත, ගරු අධිකරණය සමච්චලයට ලක්කිරීමක් නොවේද? ගරු අධිකරණයෙන් දඬුවම් නියම කෙරුණු අයෙකුට තම බලය අයුතු ලෙස භාවිතාකර නිදහස් කිරීම කිසිවෙකුටත් යෝග්‍ය නොවේ. එසේ නම් සියලු මරණීය දණ්ඩනය නියම වූවන් නිදහස් කළයුතු නොවේද? ගරු හිටපු අගවිනිසුරු අනිසි පරිදි ඉවත් කිරීම නුසුදුසුයි කියා මහ හයියෙන් කෑගහලා කියලා පොදු ජනයා රවටා බලයට පැමිණ දැන් කරන අමන වැඩ අනුමත කරන්න අපි මෝඩයෝ කියලා හිතුවාද?

:       1       1291

sirimal Monday, 11 November 2019 02:03 PM

ජනාධිපති ගත් තීරණය සාධාරණිය කිරීමට උත්සාහයක් ගෙන ඇතිබව ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිවේදනයක් නිකුත් කිරීම තුළින් පෙනීයන බව සමහරු කියනවා. එ් අතරේ නිදහස් කරනලද පුද්ගලයා හා එක්තරා "මල්ලී" කෙනෙකුගේ සමීප නෑකමක් තියෙනවා කියලත් කියනවා. කොහොම වුණත් "කුඩුකාරයෝ එල්ලනවා කියලා අන්තිමේට එල්ලන්න හිටිය කෙනෙක් නිදහස් කරපු එක විතරයි කලේ" කියලා කියන අයත් ඉන්නවා...

:       17       1137

saliya Monday, 11 November 2019 02:06 PM

හාමුදුරුවෝ වැඩලා, කරුණාවෙන්, මෛත්‍රියෙන්, සොයලා, බලලා, රෙකමදාරුවක් කරාවි. ඉවසලා ඉන්න...

:       372       664

ගල්කටස් Monday, 11 November 2019 02:13 PM

සිරකරුවන් මෙතනදි නිවැරැදිය. ලොකුඅයට වරප්‍රසාද යටතේ සමාව ලබාදෙන්නේ නම් ඉතා වැරදිය. මාධ්‍ය වාර්තා පළ වූ අකාරයට මුදල් කුට්ටයකට මෙය සිදුකළ බව පැහැදිලිය. අනිකුත් මරණ දඬුවම ලැබූවන් අතර යහපත් කල් ක්‍රියාවෙන් සිටින අය නැතිද..? මෙය ප්‍රේමදාස මහතා එවකට පාතාලයින්ට සමාව දීම වැනි බරපතල කැත නින්දිත තීරණයකි...

:       10       1013

Harsha Monday, 11 November 2019 02:44 PM

ජනාධිපති සමාවත් දැන් සල්ලි වලට. එතුමාට විශ්‍රාම ගිහින් සැපට ඉන්න සල්ලි එපැයි...

:       0       831

රජින්ද Monday, 11 November 2019 02:47 PM

මරණ දඬුවම දෙන්න ආපු කෙනා අන්තිමේ සාහසික මිනීමරුවන්වත් නිදහස් කරලා යනවා. අපේ රටේ මෙහෙම නායකයෙක් උන්නු බව මම අපේ දරුවෙක්ටවත් කියා දෙන්නේ නැහැ.

:       1       901

JemisTuesday, 12 November 2019 04:24 PM

මම හිතපු දේම ඔබතුමත් කරන්නේ. සහතික ඇත්ත මහත්තයෝ.

:       0       64

Almeida Monday, 11 November 2019 03:08 PM

කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තේ කවුද දැන්?

:       1       527

ranjith Monday, 11 November 2019 03:11 PM

රටේ නීතිය සැමදෙනාටම එක සමාන නොවුණාම වෙන දේවල් තමයි...

:       0       325

BamunuarachchiTuesday, 12 November 2019 08:05 AM

රටේ නීතිය එකසමාන නිසානේ මේ ගොල්ලන්ට මරණ දඬුවම අයිති උනේ. නීතිය ක්‍රියාත්මක උනේ කරන්නේ උසාවියෙන් ජනාධිපති නොවෙයි. හැබැයි ජනාධිපතිගේ "ඩිස්ක්රේෂන්" හෙවත් කැමැත්ත පෞද්ගලික එකක්. කැමතිනම් කරන්න පුළුවන් අකමැතිනම් නොකර ඉන්න පුළුවන්. ඒක බලෙන් ඉල්ලන්න හෝ ගන්න බැහැ.

:       0       0

ranjith Monday, 11 November 2019 03:15 PM

දන්නේ නැති හැම මගුලකටම අතදාලා රට අවුල් කරනවා

:       0       483

කමල් Monday, 11 November 2019 03:20 PM

ජනාධිපති සමාව දෙන්න පගාව ගන්න ජනතා මුදලින් පුද්ගලික සංචාරයක් වෙන රටකට කරන්න අැති... මොකද තව පාරක් පගාව ගහලා අහුවෙන්න චක් ගෝලයෝ එයාට නැහැ. කොහොම වුණත් නීතිය මුදලට යටයි. දප්පුලගේ කට විතරයි. නඩුවක් ඉවර වෙන්න අඩු තරමින් අවුරුදු 10ක් විතර යනවා.

:       0       490

Kumar Monday, 11 November 2019 03:44 PM

දැන් ඉන්න ජනාධිපති සමාව දෙන්නේ අල්ලස් ගත්ත අයට වෙන්න ඇති... විරෝධය පාන අය එවැනි දෙයක් කරලා නැතිනම් සමාවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

:       0       158

ධම්ම Monday, 11 November 2019 04:27 PM

අනාගතයේ යම් දිනක තව අය නිදහස් කිරීමට හොඳ පූර්වාදර්ශයකි මෙය.

:       0       1

බද්රානි Monday, 11 November 2019 04:42 PM

කෙරුවොත් ඉතින් කරන්නේ ඔය වගේ හත්පොලේ ගාගන්න වැඩක් තමයි. අනාගතයේදී ඔය වගේ තවත් මරණ දඬුවම ලබා සිටින කෝටිපතියන්ව නිදහස් කිරීමේ මංගල පියවර තමයි ශුභ මොහොතෙන් මේ අරඹා ඇත්තේ?

:       0       1

කපුරුහාම් Monday, 11 November 2019 07:53 PM

සිරකරුවන්ගේ ඉල්ලීම සාධාරණ බව පේනවා. නීතිය කාටත් පොදුයි. සාධාරණ විය යුතුයි. බලපුලුවන්කාරයින්ට එක නීතියකුත්, රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් තමයි අපේ රටේ තියෙන්නේ...

:       0       0

sam Monday, 11 November 2019 08:18 PM

වහලේ උඩ නැගලා උද්ඝෝෂණ කළාට විතරක් නිදහස ලැබෙන්නේ නැහැ. මිලියන සීයක් හමාරක් වියදම් කරන්නත් පුළුවන්කම තියෙන්න ඕනෑ...

:       0       0

banda Monday, 11 November 2019 10:10 PM

යන එන අන්තිමේ රටම ගිනි තියලද යන්න හදන්නේ ?

:       0       0

අනුර Monday, 11 November 2019 10:52 PM

දියණියට තාත්තා ජනාධිපති කාලයේ කරපු වැඩ ගැන පොත් කාණ්ඩයක් ලියන්න පුළුවන්... ඒකනං උණු කැවුම් වගේ විකුණාගන්න පුළුවන්...

:       0       2

mahinda Monday, 11 November 2019 11:34 PM

පොහොට්ටු වැඩක්ද? හංස වැඩක්ද?

:       0       0

ලුම්බිණි Tuesday, 12 November 2019 02:11 AM

ජනාධිපති සිරිසේන කියන්නේ එකක්, කරන්නේ තවදෙයක් යන්න නැවත වතාවක් ඔප්පු කරලා...

:       0       0

රමල් Tuesday, 12 November 2019 02:18 AM

සමහර සිරකරුවන්ට මේක සාධාරණ ඉල්ලීමක්.

:       0       0

Jayantha Tuesday, 12 November 2019 02:58 AM

මේවා නොසන්සුන් වෙන එක අහන්න දෙයක්ද? මේ වගේ අය රටේ ජනාධිපති වුණාම. ඊළඟට එන කෙනා නිදහස් කරයි අර TV අයිති කෙනාගේ මල්ලිව...

:       0       0

ඉඳුනිල් ප්‍රියන්ත Tuesday, 12 November 2019 03:07 AM

ඇයි අපේ ඇමෙරිකන් කාරයා ආපු ගමන් නිදොස් කොට නිදහස් කරලා දේශප්‍රේමීන් කරනවා ඕං හා නැද්ද?

:       0       0

rocky Tuesday, 12 November 2019 04:20 AM

මල්ලිගේ ඥාතියෙකුට සමාව දුන්නා කියලා මේ අනිත් කුම්බිට්ටෝ මොනවටෙයි?

:       0       0

kap Tuesday, 12 November 2019 04:42 AM

වහල උඩට නැගලා වෙලාව කන්න එපා. හැකි ඉක්මණට උපාධියක් ගන්න. එවිට සියලුම සිවිල් සංවිධාන, සංඝයා වහන්සේලා ඇතුළු කට්ටිය ඔබව නැවත සමාජයට අවශ්‍ය බව ජනපතිට කියයි.

:       0       1

ලංකා Tuesday, 12 November 2019 05:02 AM

සල්ලි තියෙනවනන් ඕන ජරා වැඩක් කරලා බේරෙන්න පුළුවන් රට ලංකාවයි කියන එකට හොඳම උදාහරණය තමයි මේක.

:       0       0

casmir Tuesday, 12 November 2019 05:09 AM

ග්‍රාමසේවක කෙනෙක්ගෙන් මෙයිට වැඩ දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ. කොට්ච්රනම් නිවැරදි මිනිස්සු සිරදඩුවම් විදිනවද ? සමස්ත ජනතාවට සහ නීතියට කළ බරපතල ද්‍රෝහිකමක් .මේ දේශපාලකයින් එළිපිට කරන වැරදි . තව කොට්ච්චරනම් දේවල් වහලා ගහනවද ? කවුරුත් දන්නේ නැහැ.

:       0       0

සේන Tuesday, 12 November 2019 06:41 AM

සිරකරුවන් කියන්නෙ හොඳ මිනිසුන් නෙවෙයිනෙ. එයාලා සමාජයට කරදර කරපු අය. පව් පුරවගත්තු අය. එයාලව හුරතල් කරන්න බෑ. මොකද නුවණ තියෙනවනම් වැරදි කරන්නෙ නෑනෙ. නුවණ නැති අය තද නීතිවලින් තමා දමනය කරන්න ඕන.

:       0       0

Janahitha Tuesday, 12 November 2019 07:37 AM

කරුණාකර සන්සුන්වන්න නිදහස් කිරීම ඉතා වියදම් යන වැඩක් හිරේ ඉන්න එක වඩා හොඳය. එළියේ රස්සවලුත් නැහැ

:       0       0

lal Tuesday, 12 November 2019 08:09 AM

කෝ අර අහිංසකයන්ට උසාවියේදී පොඩි පොඩි දේවල් වලටත් අපහස කලා කියල හිරේ දාන නඩුකාරතුමාලා ?

:       0       0

de silva Tuesday, 12 November 2019 10:47 AM

අපේ ලොක්කා රෑට එකට ආප්ප කාලා උදේට අනිත් පැත්තට පනින ජාතියේ කෙනෙක්. දකුණට සිග්නල් දමලා වමට හරවන පොරක්.

:       0       0

Warnakulasuriya Tuesday, 12 November 2019 11:03 AM

ඊලඟට ජනාධිපති සමාව ලබන්නා දුමින්ද සිල්වා. පොහොට්ටු ජනාධිපතිගෙන් සමාව ලබන්නා ඔහුය. දෙනවා නම් සමාව ඔක්කෝටම දෙන්න. නැතිනම් අධිකරණයේ ගෞරවය රැකිය යුතුයි. හිරකාරයෝ වුනත් බුරුවන් නොවිය යුතුයි. ජයවේවා!

:       25       55

Deepal Tuesday, 12 November 2019 11:05 AM

දෙන්න තව දෙන්න රට පෙරට අපි පස්සට...

:       0       0

ගාමිණී Wednesday, 13 November 2019 01:24 AM

උසාවිය නීතිය අපහායට අවමානයට පත් කළ අවස්ථාවක්.

:       0       204

de silva Wednesday, 13 November 2019 02:53 AM

මෙතුමා නිතරම කරන්නේ පොරොන්දු වුන දෙයට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක් ,විධායක බලතල භාවිතාකර රටේ විසදන්න පහුගියකාලේ මොන තරම් දේවල් තිබුනද.

:       0       32

සෙනෙවිරත්න Wednesday, 13 November 2019 06:29 AM

මේ ප්‍රවෘත්තිය දවස් තුනක් එකම තැන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 311 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 198 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 833 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 55 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 16 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2172 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site