IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සීතල වැඩි වී කිලිනොච්චියේ ගවයින් 165ක් මියයයි

(සිතුම් චතුරංග)

අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165ක් පමණ අද (09)  මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසයි.

කිරිගවයින් ගවමඩු තුල ගාල්කොට සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් මියගොස් ඇති බවද සඳහන් කරති.

අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ සීතල කාලගුණික තත්වය හේතුවෙන් මියගිය සතුන් ප්‍රමාණය තවත් ඉහලයා හැකි බවත්ය.

සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා ගොවීන් තැනතැන විශාල ගිනිසෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.

සතුන් මියයෑමෙන් තමන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත්  මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැණුවත් කොට ඇති බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

සීතල වැඩි වී කිලිනොච්චියේ ගවයින් 165ක් මියයයි

බද්රානි Friday, 09 December 2022 03:36 PM

මේ ලංකාව දැන් ශාප ලත් රටක්..බොරුව, ප්‍රෝඩාව, තක්කඩිකම තමයි රජ කරන්නේ.. මිනිස්සුන්ව පමණක් නොවෙයි, මේ රටේ ගවයින්වත් රැවට්ටුවා පහුගිය කාලේ එක්තරා අමන පාලකයෙක්. පාස්කු ප්‍රහාරයේ ශාපලත් ව්‍යසනය තවම පටන් ගත්තා විතරයි.

:       2       2

Nimal Friday, 09 December 2022 06:31 PM

අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් ගොඩනැගිල්ලක් තුලට ගෙන යන්න ( මෙය අපහසු කාර්යයකි ) tractor මගින් ගෙන ගොස් electric fan heater තිබේනම් ගවයන් බේරාගැනීමට හැකිවනු ඇත. සොබාදහම ලබදෙනාවූ පණිවුඩ පිලිබදව සිතා බලන්න, නැවත මෙවැන්නක් සිදුවුවහොත් කලයුතුවන්නේ කුමක්ද ?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site