
(ඩයනා උදයංගනී)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ ගාලුමුවදොර පිටියේ සිට අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමකාමීව සැමරූහ.
සියලු චාරිත්‍ර වාරිත්‍ර විරෝධතා භූමියේ සිටම සිදුකළ අතර පැමිණ සිටින සියලු දෙනාට ආහාර ගැනීමට කිරිබත් සහ විවිධ කැවිලි වර්ගවලින් යුත් කෑම මේසයක්ද සූදානම් කර තිබිණි.
ඔවුන් වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් කැවිලි සපයනු ලැබිණි.
සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ නැකතට කිරි ඉතිරවූ පිරිස කැවිලි අනුභව කළහ.
නිර්මාණශීලී රබන් පද ද ඔවුන්ගේ අවුරුදු සැමරුමට ඇතුළත්ව තිබිණි.
ප්‍රවීණ ගායන ශිල්පී විකටර් රත්නායක මහතා ඇතුළු කලාකරුවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රටේ ඇතිව තිබෙන ආර්ථික පසුබෑම හමුවේ පවතින රජයට ඉවත්වන ලෙස ඉල්ලා පසුගිය 09 දින මෙම විරෝධතාව ආරම්භ විය.
පවතින වර්ෂා සහිත කාළගුණය මධ්‍යයේ වුවද තම ඉල්ලීම ඉටුවන තෙක් විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියේ රැදීසිටිමින් විරෝධතාවයේ යෙදෙන ආකාරය දැක ගත හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය ඉදිරියට රැගෙන යාමට නායකත්වයක් අවශ්‍යවේ ඒ සම්බන්ධව සිතා බැලීම වටී
කට්ටියම එකතු වුන වෙලාවේ ප්‍රයෝජනවත් වැඩක් කරන්ඩ තිබුනා.. පැය බාගයක් අරගෙන කාබනික ගොවිතැන ගැන කියල දුන්න නම්, රටට අධික බරක් වෙන සේවය අඩු කරන්ඩ බල කිරීම, අධික ලෙස අලාබ ලබන රජයේ ආයතන පෞද්ගලික කිරීම, අදායම් බදු නොගෙවා කොටි ගානක් වටිනා වාහන පදින මිනුස්සුන්ගෙන් අදායම් බදු එකතු කරගන්න ක්‍රමයක් යෝජනා කිරීම වගේ දේවල් කරානම් කොච්චර වටිනවද ..
අරගලයක්ද කානිවල් එකක්ද
ඔබ සෑමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. අපි සටන දිනමු. ජය වෙිවා
දෙමල ඩයස්පොරාවයි. NGO කාරයොයි උඹලාට කන්න දෙනතුරු ඔතන ඉඳපල්ලා. අපිට මොකෝ? අපි දන්නවා උම්බ්ලාගේ කෑම බිල ගෙවන්නේ දෙමල ඩයස්පොරාවයි. NGO කාරයොයි කියලා.