
ජනාධිපති,අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිති.
ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිලනිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසාව ඔවුහු විරෝධය පාති.

-----------------------------------------------------------
(ඉන්දිකා රාමනායක)
කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වූ අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ පා ගමන පංචිකාවත්, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින විජේරාම මාවතේ කැප්පෙටිපොළ මාර්ග හරහා මේ වන විට ගමන් ගන්නා බව අප වාර්තාකරුවෝ පවසති.
මෙම පා ගමනට 3000සකට අධික සිසුන් පිරිසක් එක්ව සිටිති.
අග්‍රාමාත්‍ය නිල නිවෙස පිහිටා ඇත්තේ ද විජේරාම මාවතේ වන අතර මේ වන විට කැරලි මර්දන පොලිසිය යොදවා අවහට ආරක්ෂාව දැඩි කර ඇත.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



------------------------------------------------------------------------------------------------------
(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට පංචිකාවත්ත ටෙක්නිකල් හන්දිය පසුකරමින් පංචිකාවත්ත දෙසට ගමන් කරන බව අප වාර්තා කරුවෝ පවසති.
විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන නිසා කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් පවතී.
(ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් පොලිසිය බිල්ලක් ගන්න යි ලෑස්ති වෙන්නේ. එහෙම උනොත් ආණ්ඩුවේ අවසානය.
දැන් තියෙන එකම පිළිසරණ අන්තරේ ප්‍රමුක ජාතික ජන බලවේගයට රට කරන්නට දීමයි. වී මිල බලාගෙන ඉද්දි වැඩි වෙයි. හාල් මිල බලාගෙන ඉද්දි අඩු වෙයි. ආර්ට් ෆැකල්ටි වලින් එලියට එන ගොබ්බයින් සියල්ලටම රජයේ ගුරු රැකියා හිමිවෙලා පෙන්ෂනුත් ලැබිල ,පඩිත් වැඩි වෙලා. රටින් ගෙනෙන සියලුම කෑම වල මිල අඩු වෙලා. ...................
අන්තරේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. හැමදාම පාරෙනෙ. කවුරුත් දන්නව ඇති. නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙලාගෙන රටට සේවයක්.කරන අදහසක් ගෑවිලාවත් නැති පුදුමාකාර ළමයින් කොටසක්. කිසිම දවසක හැදෙන්නෙ නෑ.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය මේ අරගලයෙන් ඉවත් වෙලා හිටියොත් හොඳයි. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය කියන්නේ පෙරටුගාමී සහ JVP යේ දේශපාලන අතකොළු... මොවුන් තමයි තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කඩා කප්පල් කරන්නේ. මොවුන් ඉන්නවා නම් අරගලය නිර්පාක්ෂික නැහැ...