IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’වේගාට’ උප්පැන්නයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.  

 



අදහස් (28)

’වේගාට’ උප්පැන්නයක්

de silva Friday, 03 March 2023 02:34 PM

මාද්‍ය වලින් කියන විදිහට ඔය අදි සුකෝපභෝ , වෙගවත් , විදුලිබලයෙන් ක්‍රියත්මක වන මිල අදික වෙග රතය හදල දැන් අවුරුදු ගනනක් වෙනව, නමුත් ලංකාවෙ සමාන්‍ය ජනතවට මිලදිගෙන එදිනෙදා කටයුතු වලට භාවිත කරන්න පුලුවන් රතයක් හදා වෙලදපබට දමන්න ඔබට තවම බැරිවුනා, හර්ශ මහත්මය මරුටි රතය උදාහරනයකට ගන්න මුලින්ම , මිල අඩු සරල රතයක් වෙලදපලට දමන්න, පසුව වසරින් වසර එකේ තිබෙන අඩුපාඩු අද්‍යයනය කර එව මගහරවල අලුත් මාදිලි හදුන්ව දෙන්න.

:       7       155

Prabha Friday, 03 March 2023 04:40 PM

රටේ පාවිච්චි කරන්න පුළුවන් වාහන හදන්න... වාහන ආනයනය කරන මාෆියාවට ඉඩදෙන්නේ නැහැ.

:       4       62

චින්තක Friday, 03 March 2023 05:27 PM

මේ කතාව සහතික ඇත්ත... මොකද මේ වාහනය කාර්පට් පාරක මිස වෙනත් පාරක යන්න අමාරුයි. ගම් මට්ටමෙන් ඉහළම දේශපාලුවන් නැති ප්‍රදේශවල මාර්ග තියෙන්නේ කොන්ක්‍රිට් කරලා ඒවා හදා තියෙන්නේ වසරින් වසර මීටර් පනහක්, හැටක් ලෙස කොටස් වශයෙන් නිසා ගැටි තියෙනවා. ඒ වගේම පාරවල් පලල අඩි අටක් උපරිමයෙන් තියෙන්නේ ත්‍ර්‍රීවිලර් කට්ටිය ආවත් උන්දැලා අයින්වෙලා යන්නේ නැහැ... ඉතින් මේ වාහනයක් අයින් කරන්න බැහැ... ඒවායේ ඔහොම වාහන කොහොම ගෙන යන්නද ඉතින් කොළඹට කිරි ගමට කැකිරි තමයි.

:       1       19

SunilSaturday, 04 March 2023 10:04 AM

වේගා, කණ්ඩායමට මාගේ ප්‍රණාමය... ජාත්‍යන්තර වෙළඳපලට ඉක්මණින්ම එන්න ඕනෑ. සුබපැතුම්...!

:       0       0

විජේ Sunday, 05 March 2023 07:45 PM

එහාපැත්තේ තියන ත්‍රිරෝද රථයත් එයාලා හදපු එකක් තමයි.

:       0       0

SL Friday, 03 March 2023 02:35 PM

සුභ පැතුම්. ලංකාවේ පර්මිට් කාර්, රජයේ වාහන යම්කිසි ප්‍රතිශතයක් මෙම කොම්පැනිය හරහා නිපදාවා ගන්න ඕනේ !! ලංකාව ඇතුලත වත් මාකට් එකක් හදල දෙන්න ඕනේ .SUV හරි කාර් හරි හදනවා නම් මගේ ඊළඟ වාහනේ වේගා එකෙන් !

:       5       79

Nandalal DE SILVA - France Friday, 03 March 2023 02:38 PM

‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර.........]මේ ප්‍රවෘතිය 100% ක් ඇත්ත නම් මෙය ශ්‍රී ලංකාව ලබාගත් විෂිශථ ජයග්‍රහණයක්. මෙම වාහනයේ සමහර කොටස් හෝ කොටස් ආනයනය කර ඇති බව මට පුද්ගලිකව විශ්වාසයි.

:       11       65

sadun Friday, 03 March 2023 03:16 PM

මගේ සුභ පැතුම් සහ ප්‍රණාමය මුළින්ම. නමුත් කණගාටුදායක මෙය ලංකාව වීමයී. Colt 11, UMC Mazda, උපාලි Fiat, කාර්, වෙස්පා ස්කුටරය, DIMO බස් එක ආදියට වූ දේ ඉතා දුක්බරයී. මම DIMO බස් කර්මාන්ත ශාලාවේ වැඩ කලා. අමු ද්‍රව්‍ය ලෙස යකඩ බට, තහඩු ආදිය ආනයනය කර, ලංකාවේ සීට් නිපයුම්කරුවෙක් ගෙන් සීට් ලබාගෙන, ඉතා අඩු මුදලකට එය සැපවුවත් කරගෙන යන්නට රජය කරවන්නන් ඉඩ නොදුන්නේ තමන්ගේ සාක්කු පිටරටින් පුරවා ගැනීම සඳහා යී.

:       0       72

sanjeewa Friday, 03 March 2023 03:21 PM

ලංකාවේ නැති කෑලි පිට රටින් හරි ගෙන්වලා ,අපට එදිනෙදා වැඩට ගන්න පුළුවන් .නිවසේ වහල මත තිබෙන සෝලා පද්ධතියෙන් බලගැන්වෙන .සරල වාහනයක් හදලා දෙන්න පින් සිද්ධ වෙනවා

:       7       104

ලසන්ත Friday, 03 March 2023 03:45 PM

මොන කාලකණ්ණියෝද දන්නේ නැහැ...? කවුරු නමුත් ගල්මූසලයින් දෙන්නෙක් ඩිස්ලයික් දාලා තියෙනවා... ඉතින් මේ අයත් එක්ක රටක් හදන්නේ කොහොමද දෙයියනේ...?

:       13       65

ජගත්Friday, 03 March 2023 09:04 PM

කුහක වෙන්න එපා මෝඩයිනේ. මේක අයිටී කම්පැනියකින් හදපු එකක්. මේක හැදුවෙ ලංකාව ඇතුලෙ ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක් හදන ටාර්ගට් එකෙන්. ටෙස්ලා වගෙ ලොකු කම්පැනි එකක් මට්ටමට දියුනු වෙන්න බලාගෙන. සමහර කමෙන්ට්වල මේකෙ එන්ජිම පිටරටින් ගේන්න ඇති කියන උනුත් ඉන්නව. අනේ මන්ද බං මෙහෙම රටක්. මේ කාර් එක අවුරුදු 8කට වැඩිය හැදුව. ඉම්පෲව් කරා. මීට ගොඩක් කලින් මේක ප්‍රඩක්ශන් ලෙවල් ආවත් ලංකාවෙ දේශපාලුවොන්ගෙයි රාජ්‍ය සේවකයොන්ගෙයි හොද හින්ද තමයි මෙච්චර කල් ගියෙ මේ රෙජිස්ට්‍ට්‍රේශන් එකටත්. මේක ලොකු ප්‍රමානයක් ප්‍රඩක්ශන් කරන්න අදටත් ආයෝජන නෑ. ආයෝජන හොයාගන්න කාර් ශෝ වලට අරන් යන්න හැදුවට ඒකටත් කෙලෙව්ව. හොයල බලන්න codegen කියන කොම්පැනි එක ගැන.

:       0       0

උපාලි Friday, 03 March 2023 03:54 PM

සුබ පැතුම්. බුදුසරණයි..!

:       6       47

ගනේගොඩ Friday, 03 March 2023 04:53 PM

ලස්සනයි...! ඒත් අපේ රටේ තාම එන්ජින් නිපදවීමේ හැකියාවක් නැති බව අපි දනිමු ! ඉතාලියේ Ferrari මුහුණක් දාගෙන තියන බව හොදින් පේනවා. එහෙනම් මේ එන්ජින් එක මොකද්ද?

:       67       11

සමන් Friday, 03 March 2023 05:33 PM

අසුභවාදි කුණුගොඩක්. පුළුවන් නම් සුපිරි එකක් හදන්නකෝ අනුන්ගේ ඇද හොයන් නැතිව...

:       6       22

athulasiri Friday, 03 March 2023 08:47 PM

ඒ නිසා තමයි අපි ඔහෙට ඉස්කෝලෙදි , ලාවුලුපඩ්ඩ කියල කිව්වෙ .

:       0       1

මහසෙන් Saturday, 04 March 2023 11:56 PM

මේකෙ එන්ජිම කොහෙන් ගෙනාවද අහන්න, මේකෙ එන්ජිමක් නෑ. මේක විදුලි රථයක් . පරීක්ෂණ ධාවන වලින් අනිත් රථ අභිබවමින් ටෙස්ලා රථ හා සම මට්ටමේ තියන සුපිරි ඊ රථයක්. විෂය අධ්‍යනයකින් තොරව තාක්ෂණික කරුණු ගැන විවේචනය විහිලුවක්.

:       0       0

පොඩිඑකා Friday, 03 March 2023 04:59 PM

ළූණු ගෙඩියයි, මිරිස් කරලයි අරගෙන පාර්ලිමේන්තු ගිය බන්දුල ගුණවර්ධන මොනවාද රථවාහන ගැන දන්නේ...?

:       32       22

Bamunuarachchi Saturday, 04 March 2023 03:31 AM

පොඩි එකෝ නුඹේ ගම තුම්පනේද? ළූණු ගෙඩියයි, මිරිස් කරලයි අරගෙන පාර්ලිමේන්තු එන්න කලින් බන්දුල ගුරෙක් හැටියට ආචාර්ය මහාචාර්යවරු බිහිකරලා තිබෙනවා. නුඹත් ඉපදුන කාලේ කක්කා ගොඩේ දඟලුව බව අම්මාගෙන් අහගන්න. කාර් ගැන නොදන්නවාට පස්වෙනි ශ්‍රේණියේ ළමයි පවා වාහන ගැන දන්නවා. බන්දුලත් රටේ තිබෙන ඉස්තරම් කාර් පාවිච්චි කරන කෙනෙක්...

:       0       0

ANURA ROME Friday, 03 March 2023 05:12 PM

එළොවටත් නැති, මෙලොවටත් නැති අපත ගල් මූසලයින් නම් අනාථයි ලසන්ත... මොවුන් බහුතරයක් රටේ වෙනසක් ඉල්ලපු... අරගල කරුවන්...!

:       7       4

Bandara Friday, 03 March 2023 06:14 PM

බන්දුලට පාර්ලිමේන්තු යන්න හොඳ ඇති. අපේ ගමේ පාරේ නම් මේක යන්න බෑ. ලංකාවට ගැලපෙන එකක් හැදුවා නම් බලපත්‍ර ලැබෙන එකක් නෑ.

:       3       15

චන්දිම Saturday, 04 March 2023 07:47 AM

බන්දුලට පුළුවන් ගිහින් අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න විතරයි. වෙන මෙලෝ වැඩක් බැහැ.

:       0       0

Sarath Friday, 03 March 2023 07:40 PM

වේගා සුබ ගමනක් යයි...! 

:       4       13

හර්ෂ Friday, 03 March 2023 07:51 PM

මට ගන්න බැරි වුණත්, මම හදවතින්ම සුබ පතනවා, අපේ රටේ දෙයක් නිසා, අපි වගේ පොඩි මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් හදනවා නම් ගොඩක් හොඳයි...

:       1       0

ලක්ශ්‍රීනි Friday, 03 March 2023 07:57 PM

ලෝකයේ මුලින්ම අත්ට්‍රැක්ටරය නිෂ්පාදනය කලේ ලංකාවෙ තමයි ඒත් ඒක ලියාපදිංචි (උප්පැන්නය දෙන්න ) පාලකයො හා නිළධාරින් ඉඩක් දුන්නෙ නැහැ ඉතින් ඒක වෙන රටක නිෂ්පාදනය කරල විනිමය වැයකර ලංකාවට ගේනවා ඉන් පස්සෙ ලංකාවෙ හෙලිකොප්ටරයක් නිෂ්පාදනය කලා ආරක්ෂාව නැතිවේවි කියලා ඒකට ඉඩක් දුන්නෙ නැහැ ඒවා ඒකාලේ කලානම් අද අපි ඉන්නෙ කොහේද කියලා හිතන්න පුළුවන් කාටද

:       1       0

බොන්තර ගගේ ඉන්නා කිඹූලිගෙ පෑටියා Saturday, 04 March 2023 12:56 AM

වේගාට සූබ උපන් දිනයක් වේවා. වේගාව වේයා කාවිද? හුටා.....

:       1       0

Shanu Saturday, 04 March 2023 07:01 AM

අඬබෙර ගැහුවා. කමක් නෑ... දැන්වත් ඉවරයිද?

:       0       1

wishwa Saturday, 04 March 2023 04:53 PM

කවුද මේ වාහන ගන්න බලාගෙන ඉන්නේ? කාටද මේවා විකුණන්නේ? මේකත් නිකන් අර ලංකාවේ ගංජා වවන්න උත්සාහ කෙරුවා වගේ දෙයක්...! අන්තිමට ගන්න කෙනෙක් තමයි නැත්තේ...!

:       0       1

Nandana Saturday, 04 March 2023 10:49 PM

මගේ සුබපැතුම්, මේ වගේ උතුම් වැඩකට මේ වගේ කෙනෙක් ගාව ගත්තේ මොකටද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6699 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18383 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1148 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site