
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාද්‍ය වලින් කියන විදිහට ඔය අදි සුකෝපභෝ , වෙගවත් , විදුලිබලයෙන් ක්‍රියත්මක වන මිල අදික වෙග රතය හදල දැන් අවුරුදු ගනනක් වෙනව, නමුත් ලංකාවෙ සමාන්‍ය ජනතවට මිලදිගෙන එදිනෙදා කටයුතු වලට භාවිත කරන්න පුලුවන් රතයක් හදා වෙලදපබට දමන්න ඔබට තවම බැරිවුනා, හර්ශ මහත්මය මරුටි රතය උදාහරනයකට ගන්න මුලින්ම , මිල අඩු සරල රතයක් වෙලදපලට දමන්න, පසුව වසරින් වසර එකේ තිබෙන අඩුපාඩු අද්‍යයනය කර එව මගහරවල අලුත් මාදිලි හදුන්ව දෙන්න.
සුභ පැතුම්. ලංකාවේ පර්මිට් කාර්, රජයේ වාහන යම්කිසි ප්‍රතිශතයක් මෙම කොම්පැනිය හරහා නිපදාවා ගන්න ඕනේ !! ලංකාව ඇතුලත වත් මාකට් එකක් හදල දෙන්න ඕනේ .SUV හරි කාර් හරි හදනවා නම් මගේ ඊළඟ වාහනේ වේගා එකෙන් !
‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර.........]මේ ප්‍රවෘතිය 100% ක් ඇත්ත නම් මෙය ශ්‍රී ලංකාව ලබාගත් විෂිශථ ජයග්‍රහණයක්. මෙම වාහනයේ සමහර කොටස් හෝ කොටස් ආනයනය කර ඇති බව මට පුද්ගලිකව විශ්වාසයි.
මගේ සුභ පැතුම් සහ ප්‍රණාමය මුළින්ම. නමුත් කණගාටුදායක මෙය ලංකාව වීමයී. Colt 11, UMC Mazda, උපාලි Fiat, කාර්, වෙස්පා ස්කුටරය, DIMO බස් එක ආදියට වූ දේ ඉතා දුක්බරයී. මම DIMO බස් කර්මාන්ත ශාලාවේ වැඩ කලා. අමු ද්‍රව්‍ය ලෙස යකඩ බට, තහඩු ආදිය ආනයනය කර, ලංකාවේ සීට් නිපයුම්කරුවෙක් ගෙන් සීට් ලබාගෙන, ඉතා අඩු මුදලකට එය සැපවුවත් කරගෙන යන්නට රජය කරවන්නන් ඉඩ නොදුන්නේ තමන්ගේ සාක්කු පිටරටින් පුරවා ගැනීම සඳහා යී.
ලංකාවේ නැති කෑලි පිට රටින් හරි ගෙන්වලා ,අපට එදිනෙදා වැඩට ගන්න පුළුවන් .නිවසේ වහල මත තිබෙන සෝලා පද්ධතියෙන් බලගැන්වෙන .සරල වාහනයක් හදලා දෙන්න පින් සිද්ධ වෙනවා
සුබ පැතුම්. බුදුසරණයි..!
ලස්සනයි...! ඒත් අපේ රටේ තාම එන්ජින් නිපදවීමේ හැකියාවක් නැති බව අපි දනිමු ! ඉතාලියේ Ferrari මුහුණක් දාගෙන තියන බව හොදින් පේනවා. එහෙනම් මේ එන්ජින් එක මොකද්ද?
ළූණු ගෙඩියයි, මිරිස් කරලයි අරගෙන පාර්ලිමේන්තු ගිය බන්දුල ගුණවර්ධන මොනවාද රථවාහන ගැන දන්නේ...?
එළොවටත් නැති, මෙලොවටත් නැති අපත ගල් මූසලයින් නම් අනාථයි ලසන්ත... මොවුන් බහුතරයක් රටේ වෙනසක් ඉල්ලපු... අරගල කරුවන්...!
බන්දුලට පාර්ලිමේන්තු යන්න හොඳ ඇති. අපේ ගමේ පාරේ නම් මේක යන්න බෑ. ලංකාවට ගැලපෙන එකක් හැදුවා නම් බලපත්‍ර ලැබෙන එකක් නෑ.
වේගා සුබ ගමනක් යයි...!
මට ගන්න බැරි වුණත්, මම හදවතින්ම සුබ පතනවා, අපේ රටේ දෙයක් නිසා, අපි වගේ පොඩි මිනිස්සුන්ට ගන්න පුළුවන් වාහනයක් හදනවා නම් ගොඩක් හොඳයි...
ලෝකයේ මුලින්ම අත්ට්‍රැක්ටරය නිෂ්පාදනය කලේ ලංකාවෙ තමයි ඒත් ඒක ලියාපදිංචි (උප්පැන්නය දෙන්න ) පාලකයො හා නිළධාරින් ඉඩක් දුන්නෙ නැහැ ඉතින් ඒක වෙන රටක නිෂ්පාදනය කරල විනිමය වැයකර ලංකාවට ගේනවා ඉන් පස්සෙ ලංකාවෙ හෙලිකොප්ටරයක් නිෂ්පාදනය කලා ආරක්ෂාව නැතිවේවි කියලා ඒකට ඉඩක් දුන්නෙ නැහැ ඒවා ඒකාලේ කලානම් අද අපි ඉන්නෙ කොහේද කියලා හිතන්න පුළුවන් කාටද
වේගාට සූබ උපන් දිනයක් වේවා. වේගාව වේයා කාවිද? හුටා.....
අඬබෙර ගැහුවා. කමක් නෑ... දැන්වත් ඉවරයිද?
කවුද මේ වාහන ගන්න බලාගෙන ඉන්නේ? කාටද මේවා විකුණන්නේ? මේකත් නිකන් අර ලංකාවේ ගංජා වවන්න උත්සාහ කෙරුවා වගේ දෙයක්...! අන්තිමට ගන්න කෙනෙක් තමයි නැත්තේ...!
මගේ සුබපැතුම්, මේ වගේ උතුම් වැඩකට මේ වගේ කෙනෙක් ගාව ගත්තේ මොකටද?