
(එම්.සුසිල් ප්‍රියන්ත)
හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය.
‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටියේය .
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුර දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ශක්තිමත් මිනිසෙක්
මහින්ද දේශප්‍රිය, patta hora, paawaadennaa,
හිටපු මැකො තුමනි, ඇමරිකානු පුරවැසියට ලංකාවේ ඡන්ද ඉල්ලන්න ඉඩ හැරියේ ඔබ නේද?.
මහසෝනාගේ මිතුරෙකු වූ ඔබ, "රීරි යකාට එරෙහි වීම එතරම් ශුභ දායක නොවන බව" කලුකුමාරයා මට ඔබට කියන්න කිව්වා.
අනේ මැකෝ තුමෝ ඔහෙට මතක නැද්ද හොර චන්ද දාන්න අවොත් ඔලුවටම වෙඩි තියන්න කිව්වා 2015 දී, ඔහෙට මතක නැද්ද id එක අනිවර්යයෙන් ඕනේ කියල නීති දැම්මට පස්සේ හොරචන්ද බෑ කියල.
ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි. තමන්ගේ ප්‍රසිද්ධිය භාවිතා කර දේශපාලනය කිරීම. මොනවද මෙයා මේ කියන කතා. මෙයාලා තමයි රටේ විනාශය ඇති කරන්නේ. අපිට අවශ්‍ය වන්නේ මේ වෙලාවේ රටේ ගිනි අවුලන මෝඩයන් නෙමෙයි. බොහෝ විට මේ පුද්ගලයා අධික බීමත්කම නිසා මෙහෙම දෙයක් කළා වෙන්න පුලුවන්. මුලින්ම මේ අයගේ වත්කම් පරීක්ෂා කළ යුතුයි. නිළධාරියෙකු ලෙස හිටි කෙනෙක් මේ කරන දෙය ඉතාමත් පහත් දෙයක්. එය දේශපාලුවෙක් කරන දෙයට වඩා එහා ගිය අප්‍රසන්න වැඩක්.
දනහිසෙන් පහලට නෙවෙයි ඔලුවටම වෙඩි තියන්න කියලා කවුද කිවීවා වගේ මතකයි.
කොළපාට මැකෝ
එදා නාම යෝජනා බාර දෙන මොහොතේ, ඔයා අවංක වුනා නම්, අද රටට මෙම ඉරණම වෙන්නත් නැහැ, ඔයාට අද මෙහම දැන්වීම් පුවරුව එල්ලාගෙන ඉන්නත් ඕන නැහැ. කෙසේවෙතත් මෙයා ඇතුළු හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, වත්මන් ඇමති අලි සබ්රි, රනිල් සහ මෛත්‍රී මේ රටට කල හානිය ඉතිහාස ගත වෙලා අවසන්. එදා ජනවරමට අනුව රනිල් සහ මෛත්‍රී නීතිය හරියාකාරව ඉටු නොකළ නිසා තමයි අද රටේ ජනතාව මෙහම දුක් විඳින්නේ. මේ සියළු දෙනාට සාපයෙන් මිදින්න බැහැ.
කාටද මේ බොරු කරන්නෙ ,
මහින්ද දේශප්‍රිය අද ඊයේ ඉඳන් නෙවේ, එදා ඉඳන්ම සුනන්ද දේශප්‍රියගේ සහෝදරයා වග අපි දන්නවා. එයා ක්‍රියාවෙන්ම ඒවා ඔප්පුකරලත් තියෙනවා.
සියලු දේටම මුල ඔබතුමා කරපු වැරැද්ද නිසා...ද්විත්ව පුරවැසියකු බොරු ශෝ කරගෙන ඇවිත් ව්‍යාජ ප්ත්‍රිකා දී ජනාධිපති තරග කිරීමට ඉඩදීම...මේ විනාශයට ඔබතුමාත් වග කිව යුතුය
මහසෝනාව බලයට ගෙනල්ලා පඩ ශෝ දාන්න එපා බොස්
ඉස්සර මම හිතාගෙන හිටියේ මෙයා හෙන අවංක නිලධාරියෙක් කියලා. පස්සෙයි තේරුනේ අපිට පේන්න ඇල්වතුරත් නිමලා බිව්වට දිය යටින් ගින්දර ගෙන ගිය පුද්ගලයෙක් කියලා. අද රට පත් වෙලා තියෙන තත්වයට වගකිය යුතු ප්‍රදාන පුද්ගලයන් දහ දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ. ගෝටබයගේ ද්විත්ව පුරවැසි කම ප්‍රශ්නයේදී මෙයා හැසිරුනේ බබා වගේ. මාර ගේම් එකක් සෙල්ලම් කරේ. නාගනන්දගේ නඩුවේ සියලු විස්තර තියෙනවා. මෙතනත් කරන රගපෑම බලන්නකෝ මුළුරටම ගෝටා ගෝ හෝම් කියද්දී මෙයාට රබුක්කන සිද්දියක් ගැන හරියට හිතට වැදිලා පොලිස්පතිට සටන් පාඨයක් ලියලා බෙල්ලේ එල්ලගෙන. මෙයාගේ රගපෑම් දැක්කම ගාමිණි ෆොන්සේකල මොන නළුවොද කියලා හිතෙනවා අප්පා. මිතුරු වේශයෙන් ඉන්න සතුරෝ අන්තිම භයානකයි.
ඇමරිකන් පුරවැසියාට ජනාධිපතිවරණයට එන්ඩ ගේම දීලා දැන් බොරුවට කාඩ් බෝඩ් වීරයෙක් වෙන්ඩ හදනවා..මොල්‍රේ අමාරුවක් ඇති .
මැකෝ මහත්තයො, ඔය රීරි යක්කු මොකෙක් වත් එලි බහින්නෙ නෑනෙ, 2019 අවුරුද්දෙ මහ ලොකුම ඔඩ්ඩි යකා කල එලියට ආව වෙලේ තමුන්නැහේ සුදුසු "බන්ධනේ" දාල ඌව පලවා හැරිය නං!!!
පිස්සුව තද වෙලා .
දැකපු සිරාම පොරක්...ඇත්තමයි
හිටපු මැතිවරණ කොමසාරිස් හා සීමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා කුමන දේශපාලන මතයක් දැරුවද ඔහු සහභාගි වන සෑම මාධ්‍ය සාකජ්ඡාවකදීම රටේ පුරවැසියන්ට අවවාදයක් සහ පණිවිඩයක් ලබාදීමට අමතක නොකරන රජයේ සේවකයෙකි.
ඔබතුමා සිටියයුත්තේ ඔතන නොව ජනාධිපති පුටුවේය. තම බලතල හරියටම භාවිතා කරමින් දුෂිත මැතිවරණ ක්‍රමය අවසන් කොට සාධාරණ මැතිවරණයක් ලබා දුන්නේ ඔබයි. ඔබට ජනාධිපති බලතල ලැබුනොත් මේ රට හදන බවට අපට විශ්වාසයි.
දෙදෙනෙකු එක්ව තනියම කරන විරෝධයක්... අපි සිංහල කියලා ඉගෙනගෙන තියෙන්නේ අහවල් ඉටිගෙඩියක්ද?... හැබෑට.
ඔබ මොන පණිවිඩයක් දුන්නත්, ඔබ පෙන්වා දී ඇති ආදර්ශයන් නමට නොවටී...
ගරුකළ යුතු වදනක්. ජය...!
කවදත් කෙලින් වැඩ කළ ඔබට හිසනමා ආචාර කරමි.