
(ආර්.එස්.එම්.සුහෙල්)
නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්,වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී පාල්ලමකට යෑම නිසා හත් දෙනකු මියගොස් 44 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කොළඹ තර්ස්ටන් විදුහලේ 11 වසරේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බසයක් මෙසේ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයකට ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මියගොස් ඇත.
මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් සිසුන් 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනකුට තුවාල සිදුව ඇති අතර ළමයින් 3 දෙනකුට කිසිදු අනතුරක් නොමැතිව බේරි ඇතැයි ද අප වාර්තා කරුවෝ පවසති. තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ වන විට තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.
බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හනි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයෙක් වෑන් රථයක් බව ද දැනට හඳනාගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටු දායක සිද්ධියක්. අපේ රටට පුදුම නරක කාලයක් ලබල තියෙන්නෙ.
trip organizers should take responsibility. They should have come earlier to reach Colombo. why did they late to start from there. Bus driver may be tried to come fast because he has to take the student before mid night to Colombo.
බොහෝ පාසල් මෙවැනි චාරිකා සංවිධානය කර ඇත. ගුරුවරුන් තමන් වෙනුවෙන් අනවශ්‍ය අවදානමක් ගන්නේ මන්දැයි මම නොදනිමි. එය ඔවුන්ගේ රැකියාවේ කොටසක්ද?
සාමාන්‍යයෙන් ඉස්සර නම් රජයේ කාර්‍යාලයකට හෝ වෙනත් තැනකට ලිපියක් ලැබුනොත් ලැබුණු භාෂාවෙන්ම පිළිතුරක් යැවීම පිළිගත් සම්ප්‍රදාය වුනා ලිපියේ මුද්‍රාව වුනත් අදාල භාෂාවෙන් තැබුවා උදාහරණයක් හැටියට සිංහල භාෂාවෙන් ලැබුනොත් සිංහලෙනුත් දෙමළ භාෂාවෙන් නම් දෙමළ භාෂාවෙන් පිළිතුරක් යැවීම කලා එහෙම නොවුනාම ගැටුම් ඇතිවුණා කියන කියමනට උතුරේ යුද්ධය පෙන්වා දෙන්න පුළුවන් මම එහෙම කිව්වෙ සිංහල භාෂාවෙන් පලකල පුවතක් වෙනුවෙන් ඉංග්‍රීසියෙන් අදහස් ඉදිරිපත් කිරීම සුදුසු නැහැ කියලා කියන්න තමයි.
කොළඹ ප්‍රදේශයේ සිසුන්ට නුවරඑළියක් එක් දින සංචාරයක් ලෙස තෝරා ගැනීම වැරදි තීරණයකි. මෙය අනෙකුත් සියලුම පාසල්වලටද හොඳ පාඩමක් වනු ඇත.
මේ සතියේ වාර්තා වූ දෙවැනි සිදුවීම. මේ රියදුරන්, විශේෂයෙන්ම බස් රථ රියදුරන් තමන්ටම නීතියක්.
දැනට ඇති තොරතුරු අනුව බස් රථය පල්ලමේ වේගයෙන් ධාවනය කර ඇත. රියදුරු මත් ද්‍රව්‍ය ගෙන සිටියාද සොයා බලන්න. පාසැල් සිසුන් අතරත් අයිස් මත්ද්‍රව්‍ය බහුලව පැතිර ඇත
මේවගේ නරක දේවල් වෙන්න එකම හේතුව තමයි නක්ෂත්රේ අත්හැරීම. වැදගත් ගමනක් යනකොට කිල්ලෙන් වැළකිලා හොඳ නැකතකින් නොකිරීමයි.
මේක අධ්‍යාපන චාරිකාවක්ද ? විනෝද චාරිකාවක්ද?
බස් රථ කන්ඩායමේ තම නම රැක ගැනීමට තමන්ට නොහැකි වේගයෙන් රියදුරු ගියාද? සිසුන්ගෙ ඔල්වරසන් නිසා වේගයෙන් ගියාද? වරප්‍රසාද නොලත් 7 ක් එලොව ගියාද ? සිසුන් ගුවනින් කොළඹ රැගෙන ඒම යහපත් වුවත් ජනාධිපතිවරයාට සෙසු පිරිස සිහි වුනාද?
ලංගම බස් අනිවාර්ය කල යුතුයි පාසල් අධ්‍යාපන චාරිකා සදහා . අධ්‍යාපන කාලප මට්ටමින් ලංගම බස් වෙන්න කරවාගෙන,ඒසදහා සුදුසු රියදුරු මහත්වරු පලපුරුද්ද හා අවම අනතුරු මට්ටමක් හෝ රිය අනතුරු නැතිව බස් රථ ධාවනයකල අය අනිවාර්යෙන අනුයූක්ත කල යුතුයි.
යෝග මහත්තය ඔබ නිවැරදියි. දවසකින් නිම කරන්න බැරි ගමනක් සැලසුම් කල පාසල් ගුරුතුමන්ලාත්, රියදුරාට කොහොමහරි අපි යමු කියූ ගුරුතුමන්ලාත්, වැරදි නැහැ. වැරැද්ද රියදුරාගෙයි, ඔබකියන විදියට දැන් ලංකාවේ ළමයි කුඩු ගහන නිසා ඒ ගොල්ලන්ගේ කුඩු සැර රියදුරාට වැදිලා තමයි මේ භයානක අනතුර සිදු වෙලා තියෙන්නේ.
මියගිය 7 දෙනා අතර තර්ස්ටන් සිසුන් නෑ කියලා ගැම්මෙන් ප්‍රවෘත්ති වල කියන්නේ.. අනිත් මැරුණ උන් මිනිස්සු නෙමේද…….?