IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත.

රත්නපුර, වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා මහතා යන දෙපළ 2021 වසරේ සිදුකල අධ්‍යයනයකදී මෙම ශාක විශේෂය ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.

ඉන්පසු ශාක පිළිබඳ පර්යේශණය කටයුතුවල යෙදෙන හර්ශ සම්පත් මහතා දෙවන වරට සිංහරාජ වනාන්තරයෙන් සහ ලසිත ප්‍රගීත් මහතා තෙවන වරට කලවාන ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා කර ඇත.

මෙම පැළෑටිය සඳහා තවම සිංහල භාෂාවෙන් නාමයක් නොමැති අතර, මෙම උඩවැඩියා විශේෂයේ පැහැය පුෂ්පරාග මැණික් ප්‍රභේදයේ පැහැයට සමාන වීම, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන් හමුවීම ආදිය නිසාවෙන් පර්යේශකයන් මෙහි විශේෂ නාමය ලෙස ‘පුෂ්පරාග’ යන්න යෙදීමට කටයුතු කර ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම ශාක විශේෂය පරපෝෂී ශාක විශේෂයක් වන අතර, මෙහි ශාක පත්‍ර දක්නට නොලැබේ. පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් කහ පැහැ මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්තය.

මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහල යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවන බව ද පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම පර්යේෂණ පත්‍රිකාව එලි දැක්වීම සඳහා භාතිය ගොපල්ලව මහතා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ අමිල පෙරේරා මහතා (රජරට විශ්ව විද්‍යාලය) සමගින් ඉන්ද්‍රකීල මාදොල මහතා (වයඹ විශ්ව විද්‍යාලය), මහාචාර්‍ය දීප්ති යකන්දාවල මහත්මිය (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), හර්ෂ සම්පත් ජයවික්‍රම මහතා (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), ආචාර්ය පන්කර් කුමාර් (කර්ටින් විශ්ව විද්‍යාලය - ඕස්ටේ්‍රලියාව), මහාචාර්ය මාර්ක් චේස් (කිව් උද්භිද උද්‍යානය - එංගලන්තය) යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල කණ්ඩායමක සහය ලැබී ඇත. 



අදහස් (9)

රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි

දිමුත් Tuesday, 14 March 2023 04:20 PM

ෂා ලස්සනයි!

:       0       22

පැරකුම් Tuesday, 14 March 2023 05:12 PM

මෙවැනි විශ්මයජනක ශාකයක් ගැන මීට පෙර අසා නැත. මෙම ශාකයේ ව්‍යාප්තිය සිදුවන්නේ කෙසේද ධාරක අලයක් සොයායන්නේ කෙසේද කෘතිම අන්දමට වගා කල හැකිද විස්තර දැනගැනීමට කැමැත්තෙමි

:       1       30

ඕෂද Tuesday, 14 March 2023 06:09 PM

මෙහෙම පර්යේෂණ සදහා විවෘත විශ්ව විද්‍යාලයේ කවුරුවත් සහභාගි වෙන්නෙ නැද්ද එහෙම නැත්නම් එම විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා පාඨමාලා නැද්ද උසස් පෙළ සිසුවෙක් ලෙසට නොදන්නා නිසා අහන්නෙ.?

:       0       27

Bhathiya Gopallawa Tuesday, 14 March 2023 07:26 PM

ඉහතින් අහලා තියෙන ප්‍රශ්න දෙකකට පිළිතුරු 1..මේක ව්‍යාප්ත වෙන්නෙ සාමාන්‍යෙ ඕකිඩ් වර්ග වගේම බීජවලින් සහ ඒ බීජ ව්‍යාප්ත වෙන්නෙ සුලඟින්.අපිට වගා කරන්න බෑ 2.විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේයේෂකයෝ ඉන්නවා උද්භිද විද්‍යාව හදාරන්නත් පුළුවන්

:       0       2

Lal Tuesday, 14 March 2023 10:00 PM

මෙය ඕකිඩ් වර්ගයක් නොව පරපෝෂිත ශාකයකි "Cytinus hypocistis" හතු වර්ගයකි

:       3       3

kapila Wednesday, 15 March 2023 01:01 AM

අපරාදේ මේවට වියදම් කරන සල්ලි .මෝඩ වැඩ .මාලිමාව ආපු දවසට ඔක්කොම නතර කරනවා

:       5       2

නිමල් Wednesday, 15 March 2023 03:35 AM

හෙළයට ගැලපෙන නමක් නැද්ද?

:       1       2

Lal Wednesday, 15 March 2023 04:03 AM

තවත් පරපෝෂී ශාක විශේෂයක් "රාවණා රැවුල - Cuscuta reflexa identified a dodder (ක්ලෝරෝෆිල් ඉතා අඩු"

:       2       3

ඩයනා Thursday, 16 March 2023 03:21 AM

මෙය දුටු මට, පුශ්පෙ අය්යා මතක් විය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site