(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත් ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා පවසයි.
රාජගිරිය ගුවන් පාලම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙන බවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පසුගියදා කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම අධිකාරියේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ලංකාවේ දැනට ධාවනය කෙරෙන බර වාහන ඇතුළු ඕනෑම වාහනයක් මෙම ගුවන් පාලම මතින් ගමන් කළ හැකි බවත් මෙය ඉදිකෙරුණු පසු රාජගිරිය මංසන්ධිය ඇතුළු ඒ අවට ප්‍රධාන මාර්ග කීපයකම දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකි බවත් ඒ මහතා කියයි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ප්‍රදේශයේ සෑම ව්‍යාපෘතියකින්ම තමන්ගේ කොටස අනිවාර්යයෙන් ලබාදිය යුතුයි. එහෙම නැතිව කලොත් මෙවැනි කටයුතු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. රටට වන සෙතක් ගැන දේශපාලයකයන්ට වැඩක් නැත තමන්ගේ සාක්කුව පිරෙනවනම් එච්චරයි. මේවා නැතිකරන්න ආපහු සුද්දෙකුට රට දෙන්න වෙයි..
පිටතට නිරාවරණය වුන යකඩ සැකිල්ලක් සහිත පාලම් හදන්නේ නැතුව, අර අධිවේගී මාර්ගයේ ඉදිකරලා තිබෙන ප්‍රමිතියට එක දිශාවට අඩුම තරමේ මංතීරු 2 (එක දිශාවකට පළල මීටර් 6, 5 වත් ඇති ), පාලම් ඉදිකරන්න. එතකොට කාලයක් පවතිනවා අර නුගේගොඩ ඉදිකර ඇති ප්‍රමිතියේ පාලම් ඉදිකිරිම නිසා මාර්ග තදබදය වැඩි වේ. පිටතට නිරාවරණය වුන යකඩ සහිත පාලම් ලංකාවේ දේශගුණයට ඔරොත්තු නොදෙන අතර ,පාලම හදල විවෘත කරාට පසු එහි තීන්ත ගෑම වැනි නඩත්තු කටයුතු ලංකාවේ තිබෙන පළාත්පාලන ආයතන විසින් පැහැරහරිනු ලැබේ ,
බෝරැල්ල හන්දියටනේ ඔවැනි පාලම් ඕනා. බලන්න තියෙන තදබදය. පාරවල් කීයක්ද?
මෙම පාලම හොඳින් ඉදිකරගෙන යන බව අපට පෙනෙනව. නමුත් එක කුළුණක් පාලමෙන් එලියට ඇවිත්. පාලමේ යකඩ බඳ කුලුනේ හරි මැදට එන විදියට තමයි සැලසුම් කර ඇත්තේ. නමුත් මේ කුලුනේ යම් වැරදීමක් වෙලා තියෙනවා. ඉංජිනේරු වරුන් මේ ගැන බලල දැන්ම හරි තීරණයක් ගන්නවානම් හොඳයි කියල මට හිතෙනවා.
බැලු බැල්මට පාලමේ බර දරන කුළුණු හදල තියෙන්නේ යකඩවලින් බවයි පෙනෙන්නේ. නිතිපතා වගේ වහින කාලගුණයක් ඇති ලංකාව වගේ රටකට මෙය ගැලපෙයිද..? මොකද තෙමුණු යකඩ ඉක්මනින්ම දිරාපත් වෙන නිසා. ඒ යකඩ අතරින් කොන්ක්‍රීට් පුරවලා තියේනම්, යකඩ දිරලා ගියත් අවුලක් වෙන එකක් නැහැ.
සමහර පෙදෙස්වල කලාත්මක අලංකාරය සඳහා පමණක් මිස, මා ජීවත්වන මෙරටේ පාලම් යකඩෙන් හදන්නේ නැහැ. විශාල, බර ට්‍රක් ධාවනය වන අති විශාල පාලම් වුණත් මෙහේ ඉදිකරන්නේ කොන්ක්‍රීට් වලිනුයි. දැනට දෙමසකට පමණ පෙර මා පදිංචි ප්‍රදේශයේ දිග කොන්ක්‍රීට් පාලමක ශක්තිය පරික්ෂා කිරීම සඳහා ටොන් 38ක බර පැටවූ විශාල ලොරි රථ සංඛ්‍යාවක් නවතා එම පාලමට "ශක්ති සහතිකයක්" ලබා දුන්නා. මෙතරම් සිමෙන්ති නිපදවන ශ්‍රී ලංකාව වැනි රටක ආනයනික යකඩෙන් පාලම් හැදීම හාස්‍ය ජනක කරුණක් නොවේද ? පැරිසියේ, ලෝක ප්‍රකට අයිෆල් කුලුණ ඉදිකර තිබෙන්නේ යකඩෙන් වුණත්, එය දිරාපත් වීම වැළැක්වීම සඳහා වරකට මාස ගණනක් තිස්සේ, නිතිපතා විශේෂ තීන්ත ආලේප කරනවා.